තංගල්ලේදී ඝාතනය ජාත්‍යන්තර කුමන්ත්‍රණය&#
තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයක තරුණියකට අතවර කිරීම හා ඇයගේ පෙම්වතා ඝාතනය කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව එහි ප්‍රධාන සැකකරු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
2011 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා තංගල්ලේ නිවාඩු නිකේතනයක් තුළදී මෙම අපරාධය සිදු විය. ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදාන පතිරණ සැඟවී සිටි බව වාර්තා වූ අතර පසුව ඔහු පොලිසියට භාර විය. ඔහු ඇතුළු අට දෙනකු මේ වන විට බන්ධනාගාර ගත කර තිබේ.
මෙය කුඩා කෙනිත්තිල්ලක් පමණක් බවත් මෙම ප්‍රශ්නය උඩ රජයට හෝ අතිගරු ජනාධිපතිතුමාට හානියක් කිරීමට කිසිවකුටත් නොහැකි බවත් ඔහු පවසා තිබේ.
ලංකාවට විරුද්ධව මේ වන විට දියත් වන විදෙස් කුමන්ත්‍රණ ගණනාවක් ඇති අතර පාන් පිටි ත්‍රස්තවාදය, ගව මස් ප්‍රචලිත කිරීමට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ගෙන යන කුමන්ත්‍රණය ඉන් දෙකක් පමණි.
තරුණියක දූෂණය කිරීම හා ඇගේ පෙම්වතා ඝාතනය කිරීමත් ඊට තංගල්ල ප්‍රාදේශීය සභාවේ දේශපාලනඥයකු අත්අඩංගුවට පත් වීමත් පිටුපස ඇති ජාත්‍යන්තර කුමන්ත්‍රණය කුමක්දැයි තවමත් අපට නොවැටහේ. අපගේ අබුද්ධිමත් බවට කමත්වා...