තංගල්ල_ප්‍රාදේශීය_සභා_සභාපති
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති 'රෝහලේ නෑ'
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඉතා ඉක්මනින්ම අත් අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරයි.
ඔහු අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලැබුණු බව බීබීසීයට කියා සිටි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ, සැකකරු සිටින ස්ථානය සොයා බැලීම පිණිස විමර්ශන කණ්ඩායමක් දැනටමත් යවා තිබෙන බවද සඳහන් කළේය.
2011 නත්තල් දින කුරාම් ෂයික් තංගල්ලේදී ඝාතනයට ලක් විය
කුරාම් ෂයික් ඝාතනය සම්බන්ධ නඩු විභාගය ඊයේ කැඳ වූ අවස්ථාවේ සැකකාර සභාපතිවරයා අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියේ නැහැ.
සිය සේවාදායකයා අසනීපයෙන් පසු වන බව සම්පත් විදානපතිරණ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට දැනුම් දුන් නමුත්, ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
සැකකරු ගාල්ල රෝහලට ඇතුලත් කොට ඇතැයි නීතිවේදියා පැවසූ බවත් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසීයට කියා සිටියේය.
කෙසේ නමුත් සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා මීට දින දෙකකට ඉහතදී සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි, හේමාස් රෝහලේ බලධාරීන් පවසන්නේ.
BBC Sinhala Sandeshaya