‘සබ්බ පාපස්ස අකරණං.. කුසලස්ස උප සම්පදා..’ ජනපතිගෙන් ලෝකයටම බණ කතාවක්..
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක් තුළ සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ප්‍රජාවට ඇරයුම් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ අද (06) වියට්නාමයේ හෝ චි මිං නගරයේදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
“මානව ගරුත්වය සඳහා සහයෝගීතාව සහ ඉවසීම : ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන තේමාව යටතේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම සඳහා, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක් පමණ පිරිසක් එක්ව සිටිති.
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එහි ප්‍රධාන දේශනයද සිදු කරනු ලැබීය. යුද්ධයෙන් පසු බොහෝ අයට ඉතිරි වන්නේ ඛේදවාචකයක් සහ වේදනාවක් පමණක් බවත් එම වේදනාව වළක්වා ගත හැක්කේ සාමය සහ හික්මීම තුළින් පමණක් බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ උපයෝගී කර ගනිමින් කෙලෙස් සතුරන්ට විරුද්ධව සටන් කරන ආකාරය බෞද්ධ දර්ශනය තුළින් පෙන්වා දී තිබෙන බවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ එම දහම ලොව සියලු අවිවලට වඩා බලවත් බවත් ජනාධිපතිවරයා පැවසීය.
සම්පූර්ණ ලිපිය
https://lankacnews.com/104070-2/