අද අනුරගෙ කතාව සහ මේ ටික කාළයේ අනුරගෙ කතා ඇහුවම මට හිතෙන්නෙම 2022 මැයි 12 රට බාරගත්තෙ අනුරමයි කියලා.
අනුරගෙ කතා වලදි අනුර 2022 දත්ත කියනවා. ඊට පස්සෙ වර්ථමාන දත්ත කියලා අපි තමයි ඒක කලේ වගේ අඟවන්න හදනවා.
අද කතාවෙත් ඒ වගේ තැන් කීපයකම කිවුවා.
අනුර සහ මාලිමාව විසින් හිතා මතාම රනිල් වික්‍රමසිංහ පාලන කාළයෙ සිදුවූ සියළුම දේවල් තමුන් කලා වගේ අඟවන්න සෑහෙන උත්සහයක් දරනවා.
ජයග්‍රහන නැති, කරපු වැඩක් පෙන්නන්න නැති, දැක්මක් නැති හිස් හාදයින්ට කරන්න වෙන්නෙ අනුන් කරපුවට ලකුණු දාගන්න ට්‍රයි කරන එක තමා.
හදපු බිල්ඩිමකට තීන්ත ගාන එක පට්ට වැඩක් වගේ හිතන් ඉන්න පොඩි මිනිස්සුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොතු වෙන්න බෑ.
හැබැයි ඔයාලා කොච්චර උත්සහ කළත් 2022 මැයි 12 සිට 2024 සැප්තැම්බර් 21 දක්වා ලංකාවේ පරිවර්තනීය පරිච්ඡේදය අමතක කරවන්න බෑ.
තාවකාලිකව බොරුවෙන් හිරි වට්ටගත්තට ඒක සදාකාලික නෑ.