චයිනිස් එක ගන්න එපා. වල් කපලා පැයක් විතර යනකං අපිත් වයිබ්රේට් වෙනවා දැනෙනවා.. දවස් ගානක් යනකං තුනටිය රිදෙනවා. ජපන් එකේ සද්දේ අඩුයි. පෙට්‍රලුත් කනවා. ඇගට අමාරුවකුත් නෑ. මතක තියාගනින් ජපන් එක ස්ටාට් කරනකොට පොඩි උන් ලග තියාගෙන කරන්න එපා. මම දන්න මාමා කෙනෙක් මැෂින් එක ස්ටාට් වෙන්නේ නෑ කියලා ඇක්සලරේට් එක ෆුල් වැඩි කරලා ස්ටාට් කරලා. මැෂින් එක පැන පැන ඉස්සරහට ගිහින් එයාලේ දුවගේ පොඩි එකාගේ කකුල දෙකට කැපිලා. කොල්ලගේ කකුල බද්ධ කරලා. අගල් දෙකක් කකුල කොටයි දැන්. දැන් අවුරුදු 15-16ක් විතර ඇති තාමත් තාත්තයි දුවයි කතා කරන්නේ නෑ.