වනාන්තරයේ සිංහයෙක් වෙලා ඉපදුනොත්
(1) මුළු ජීවිත කාළෙම සත්තු මර මර ජීවත් වෙන්නේ. එක පවක්ද ?
(2) එක පවක් නම්, සිංහයාට තියෙන විකල්ප මොනවද ?
සිංහයා කියල මම ගත්තේ උදාහරනෙකට. ලක්ෂ ගනම් සත්තු ඉන්නවා තව සත්තු මත යැපෙන.
මට හිතෙන්නේ ආගම කියන්නේ මිනිස්සුන්ගේ නිර්මාණයක්. පින් පව් කියන බෙදා වෙන් කරන්නේ අපිමයි. (අපි =home sapians )
අපි විද්යාත්මකව හිතුවොත්, අපිත් තව එක සත්වයෙක් පරිනාමයෙන් ඇතිවෙච්ච. නොමැරී ජීවත්වෙන්න සත්තු හැඩ ගැහිලා තියෙනවා එක එක විදියට. සමහරු අනෙත් සත්තු ආහාරයට ගන්නවා. සමහරු කොළ කලා ජීවත් වෙනවා. දෙකම එකයි
ඕක මන් ඔයාටමද කොහෙද කලිනුත් කිව්වා. පව්/ පින් කියලා එකක් නැ. එහෙම බෙදන්න බැහැ.
සංස්කරනය, අභිසංස්කරනය වෙන්නේ.
සංස්කාරවල විපාකය දකින්න පුලුවන් කෙනෙක්ට, විපාකයයි ඒ විපාකයට හේතු වෙච්ච සංස්කාරයි ගැන දැනගෙන, ඒකට ලෞකික frame එක ඇතුලේ මිනිස්සු සංස්කරනය කරන් තියෙන හොද/ නරක, සැප/ දුක කියන filters වලට සාපේක්ෂව කියද්දි තමයි පින්, පව් කියලා දෙකක් එන්නේ. ඒක කියන්න උවමනා වෙන්නෙත් බහු ජන හිත සුව පිණිස.
කර්මය අචින්තය විෂයක් කියලා දේශනා කරලා තියෙන්නේ ඒ නිසා
ඕක මන් ඔයාට ගෝචර වෙන 'දැනුම' මට්ටමෙන් ඉතාම සරලව කියන්නම්.
@sinhawanshaya මූ මුස්ලිම් කියලා හිතමු. ඌරු මස් දැක්කහම අප්රිය හෝ බය වගේ ස්වභාවයක් එනවා උට. මට එන්නේ නියම කැමක් කියලා සතුටක්. අරූට දුක. මට සැප. ඕක තමයි විපාකය. ඕකේ කර්මය තමයි,
@sinhawanshaya ඉපදිලා තමන්ලේ ආගමික, සංස්කෘතික වටපිටාවට සාපේක්ෂව එකතු කර ගත්ත දැනුම. ඒ දැනුම නිසා අරක දකිද්දිම එන්නේ සතුටුයි කියලා කියන්න පුලුවන් හැගීමක් නෙමෙයි. එයාට පොතකින් දැනගත්ත දැනුම එක්ක තන්හාවක් තියෙනවා.
මට, කලින් ඌරු මස් කාලා, කද්දි දැනෙන දැනීම මන් 'ප්රණීත' රසයක් විදිහට දැනගෙන ඒ දැනුම එක්ක හදාගත්ත තණ්හාවක් තියෙනවා.
මේ වගේ තමයි. හැබැයි මේක මීට වඩා ඉතාම සංකීර්ණයි.
මට නම් ශුවර් ගස් වලටත් රිදෙනවා කියලා
ශුවර් කරන්න වෙන්නේ දන්න දේවල් එක්ක ගලපලා.
මුල (මෝහය) තමයි ගහක් තියෙනවා.. කියන එක. දෙපැත්ත රාග, ද්වේශ.
ගහ, 'ගහ' වෙන්න කලින්, 'මොකක්හරි' 'තියෙනවා', 'තියෙන එකක්' 'මට' පේනවා කියලා 'දැනගන්නේ'.
පස්සේ මොකක්හරි.. කියන කෑල්ල වෙනුවට 'ගහ' කියලා දාගන්නවා.
ගහ සම්බන්ධ හැම ප්රශ්නයක්ම පටන් ගන්නේ ගහක් තියෙන නිසා. තියෙන ගහක් ගැන දැනගත්ත නිසා.
ඔතනින් එහාට ඕක විමසන්න ඕනේ කොහොමද කියලා මන් දාපු playlist එකේ බලපන්. නැත්තම් දිග වැඩි වෙනවා. අනික මට වඩා හොදට ඒ හාමුදුරුවෝ පෙන්නලා දෙනවා.
------
Post added on Sep 26, 2025 at 10:10 PM