තණ්හාය ජායතී ශෝකෝ යකෝ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තණ්හාය ජායතී ශෝකෝ යකෝ

    තණ්හාය ජායතී ශෝකෝ යකෝ කිව්වා-ඇහුවේ නෑනේ

    2015 ජනවාරි 08 වන දින සමස්ත ලාංකිකයින්ට නොමැකෙන මතක සටහන් සහිත දිනයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    එනම් ජනවාරි 8 වෙනිදා යනු ලංකාවේ සමස්ථ ජාතියම එකතු වී රන් බිත්තර දුන් තාරාවියගේ බඩ පළා වැඩියෙන් රන් බිත්තර ගැනීමට ගිය දිනය බව ඒ මහතා පෙන්වා දෙයි.

    එමෙන්ම අද වන විට රටට නායකයෙකු නොමැති බවත්, පංචවිධ අර්බුදයකට රට මැදි වී ඇති බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ,

    අතීතයේ ගෙදරක හිටියා රන් බිත්තර දාන කිකිළියක්.ඒ කිකිළි දවසකට බිත්තරයක් දානවා.ඒ බිත්තරේ විකුණලා තමයි ඒ ගෙදර අය ජීවත් වුණේ.

    නමුත් එක දවසක් ඒ ගෙදර අය කල්පනා කළා කිකිළි මැරුවොත් රන් බිත්තර ගොඩක් එකපාර ගන්න පුළුවන් කියලා. කිකිළි මරලා බිත්තර ටික අරන් ඉක්මණින් දියුණු වෙන්න. එහෙම හිතලා කිකිළි මැරුවා.අන්න ඒ වගේ වැඩක් තමයි ජනවාරි 08 වෙනිදා අපිට වුණේ.

    ඒක වෙන බව වසර 2600කට කලින් අපේ බුදුහාමුදුරුවො තේරුම් අරන් හිටියා. ඒ නිසා තමයි බණ පදයට එකතුකරේ තණ්හාය ජායතී ශෝකෝ කියලා.

    අපි බුදු හාමුදුරුවන් තරම් සුමටව කිව්වේ නැහැ. අපට තේරුණා වැඩේ වරද්ද ගන්නයි යන්නේ කියලා. ඒ හින්දා අපි වේදිකාවට ඇවිල්ලා කිව්වා තණ්හාය ජායතී ශෝකෝ යකෝ කියලා. ඒත් ඇහුවේ නැහැ ගිහිල්ලා ගැහුවා කතිරේ හංසයාට. දැන් මුළු රටම අඳුරෙන් අඳුරට යමින් තිබෙනවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    reputation_neg.gif
    තණ්හාය ජායතී ශෝකෝ යකෝ 07-18-2016 05:37 PM mahindata kiyala puke araganin ethakota duka thuni wei
     
    • Like
    Reactions: lasa_dal and kinkon