තණ්හාව!

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    7e7dc1d40a25bf986ef58fa64f5c7a4b.jpg

    අබ, තල ,වී , මුං ,කජු ,කොස් ආදී ඇට වර්ග වල තෙත් ගතියක් ඇත්තේය. එහි ආදාරයෙන් සුදුසු අවස්තාවෙහි ඒ ඇට වලින් පැල ඇති කරනු ලැබේ.
    යම් ඇටයක තෙත් ගතිය නැති වුවහොත් , වියලී ගියහොත් ඒ ඇටය නිකම්ම දිරා යනවා මිස එයින් පැළයක් ඇති නොවේ.
    තෘශ්ණා නැමති තෙත් ගතිය කුසල අකුසල කර්ම සියල්ලෙහිම පැතිර පවතී. ඒ නිසා ඒ කර්ම සුදුසු අවස්තාවෙහි ප්‍රතිසන්දි විපාක ඇති කිරීමට සමත් වෙයි.
    තණ්හාව කර්මයන්ගේ ප්‍රානය යි. අරහන් මාර්ගඥාන නැමති ගින්නෙන් කර්ම විශයෙහි පවත්නා තණ්හානුසය වියළවා හැරියහොත් ඒ කර්මයෝ ප්‍රතිසන්දි දානයට සමත් නොවන්නාහ.
    කර්මයට භවයෙහි ප්‍රතිසන්දි දානශක්තිය ලබා දෙන තෘශ්නාව ප්‍රතිසන්දි ගෙන දීමෙහි හෙවත් පුනර්භවය ඇති කිරීමෙහි කර්මයට වඩා ප්‍රදාන තැනක් ගනී.
    එබැවින් කර්මය සමුදය සත්‍යයයි නො වදාරා තෘශ්ණාවම සමුදය සත්‍යයයි වදාලහ.

    - සූවිසි මහ ගුණය - පොතින් උපුටා ගත්තකි.