තණ්හාව...

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara


තණ්හාව නිසා අපි නැවත නැවත උපදින බව කියන්න දෙයක් නෑනේ. ඒ ගැන පුංචි කතාවක් තායිලන්තයෙන් අහන්න ලැබුනා. ඔයාලාට දැන ගන්න මන් හිතුවා ඒක පෝස්ට් කරන්න.

තායිලන්තයේ එක්තරා ගමක සල්ලි ණයට දෙන මිනිහෙක් හිටියලු. අපේ රටෙත් ඉන්නේ. මේ මිනිහා දවසක් මෙයාගෙන් ණය ගත්ත ගොවියෙක්ගෙන් ඒ ණය ආපහු ගෙවන්න කියලා ඒ ගොවිය‍ගේ ගෙදරට ගිහින් ඉල්ල හිටියලු. ඒ වුනාට ඒ ගොවියා ඒ ණය ආපහු ගෙවලා තිබිලා තියෙන්නේ. ඒ නිසා මිනිහා කිව්වලු මන් ණය ගෙව්වා කියලා. නමුත් අර ණය දෙන්නා ඒක පිලි ගත්තෙ නෑලු.

අන්තිමට ණය දෙන්නා කිව්වලු හොඳයි තමුසේ කියනවානේ මට ණය ‍ගෙව්වා කියලා. මන් එහෙම තමුසේ ගෙවපු ණයක් ආපහු අරගන්නවා නම් ඒකට හරියන්න මන් තමුසෙගේ ගෙදර හරකෙක් වෙලා ඉපදෙනවා කියලා.‍ එහෙම පොරොන්දු වෙලාත් ණය ඉල්ලුවලු. ඉතින් කරන්න දෙයක් නැති අර ගොවියා කරදරෙන් බේරෙන්න බැරි තැන මේ කියන මුදල ගෙව්වාලු. මේ විදියට එකම ණය දෙපාරක් මේ ගොවියා ගෙව්වලු.

වැඩි කාලයක් නොගිහින් අර ණය දෙන්නා මැරිලා. ඔය කාලෙම අර ගොවියාගේ ගෙදර හරක් පැටියෙකුත් ඉපදුනාලු. ණය දෙන්නා තමන්ගේ ගෙදර හරක් පැටියෙක් විදියට ඉපදුනා කියලා හිතපු ගොවියා තමන් ණය දෙන්නාට කථා කරන විදියට මේ හරක් පැටියට "සයා, සයා මෙහෙට එන්න" කියලා කථා කලාලු. ඒ කථා කලාම හරක් පැටියා ගොවියා ලඟට එනවාලු. මෙයින් ගොවියට විශ්වාසයක් ඇති වුනාලු අර ණය දෙන්නා තමන් කියපු විදියටම තමන්ගේ ගෙදර හරකෙක් වෙලා ඉපදුන එක ගැන. මේ මනුස්සයා තමන් අඳුනන අයට මේ ගැන කියන්න පටන් ගත්තලු. මේක ඇහුන අර මැරිච්ච මිනිහගේ දුව මේ ගොවිය‍ට විරුද්ධව උසාවි ගියාලු මැරුණු තාත්තට අපහාස කරනවා කියලා.

නඩුව අහපු විනිසුරුතුමා පැමිණිලිකරුව එක පැත්තකටත් චූදිත ගොවියාත් හරක් පැටියාත් අනිත් පැත්තටත් කරලා ගොවියාට කිව්වාලු හරක් පැටියට කථා කරන්න කියලා. ඉතින් මේ ගොවියා "සයා, සයා, මෙහෙට එන්න" කියලා කථා කලාලු. හරක් පැටියත් ගොවියා ලඟට ආවලු. ඊට පස්සේ විනිසුරුතුමා අර දුවට කිව්වලු තමන් තාත්තා ඉන්දැද්දි කථා කල විදියට හරක් පැටියට අඬ ගහන්න කියලා. ඒ දුවත් ඒ කියපු විදියට තාත්තා ඉද්දි කථා කල ආකාරයට හරක් පැටියට කථා කලාම දුව ගාවටත් හරක් පැටියා ආවලු. මේ දිහා බලන් ඉඳි විනිසුරු තීරණය කලාලු ගොවියා අපහාස කරනවා නෙමේ මේ ඇත්තටයි කථා කරන්නේ කියලා. ඒ අනුව ගොවියා නඩුවෙන් නිදහස් කරල දැම්මාලු.

මේ පුංචි කථාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු හරක් වෙලාත් උපදිනවා කියලා. තණ්හාව උපදීමට හේතු වෙනවා කියන එකත් පැහැදිලියි. බොරු පොරොන්දු දීම කියන්නේ දුක ඇති කරන තැන්වල ඉපදෙන්න ඉඩ සලසන හේතුවක් කියලාත් අපි මතක තියා ගන්න අවශ්‍යයි.

 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara


මේ අපේ රටේ වුන සිද්ධියක්. හැබැයි මේ වගේ සිද්ධි ඕනා තරම් ලංකාවේ වෙනවා. එක්තරා ගමක හිටියා තමන්ගේ වැඩිමල් සහෝදරයාගේ බිරිඳ එක්ක අනාචාරයේ හැසිරෙන මිනිහෙක්. මේ ගෑණු මනුස්සයාත් තමන්ගේ කසාද මනුස්සයාට වඩා මේ මිනිහාට තමයි කැමති. මේ නිසාම මේ ගෑණි නිතරම අර මනුස්සයාට කියනවා අයියාව දාලා අපි පැනලා යමු කියලා. ටික කාලයක් ගියාට පස්සේ මේ ගෑණි කියනවා අපි අයියාව මරලා දාමු කියා. මේක අහපු ගමන් මලයාට කේන්ති ගිහින් ගෑණිට කිව්වාලු එහෙම කථා කරන්න එපා කියලා. කොහොම හරි මේ ගෑණිත් කරද දිගින් දිගමට කරදර කරද්දි අර මලයා ඇහුවලු මන් කොහොමද ඒක කරන්නේ කියලා. තකොට ගෑණි කිව්වලු ඔයා පොරවත් අරන් ගිහින් ගඟ අයිනේ හැංගිලා ඉන්න මන් අයියාව එතනට එවන්නම් කියලා. ඉතින් අර මෝඩ මල්ලිත් කියපු විදියට පොරවත් අරන් ගඟ අයිනට ගියාලු.

අයියා ඒ කියන්නේ මේ ගෑණිගේ මිනිහා ගෙදර ආවම ගෑණි ආල වට්ටමක් එහෙම දාලා කිව්වාලු බලන්න ඔයාගේ කොණ්ඩෙ හැටි. ඇයි ගඟට ගිහින් ඔළුව හෝදන් එන්නේ නැත්තේ කියලා. මේක අහන් ඉඳිය මිනිහා ගෑණි ගැන හුඟක් ආදරෙන් ගඟට ගියාලු ඔළුව හෝදන්න. ගඟට ගිහින් ඔළුව හෝදන්න පහත් කරද්දි පොරව අතේ තියන් හැංගිලා ඉඳි මල්ලි පොරොවෙන් දෑත බදලා අයියාගේ ‍බෙල්ලට ගැහැවලු එක පාරෙන්ම මැරිලා යන්න.

තමන්ගේ ගෑණි ගැන තිබ්ච්ච ආශාව හින්ද මේ මැරුණ මිනිහා ගැරඬියෙක් වෙලා ඉපදුනාලු. මේ ගැරඬියා තමන්ගේ කලින් ගෑණිගේ ඇඟට වැටෙනවලු වහලෙන්. මේ නම් මැරිච්ච මිනිහා වෙන්න ඇති කියලා හිතපු ගෑණි ගැරඬියාවත් මරලා දැන්මලු. මේ මිනිහා ඉන් පස්සේ ඒ ගෙදර බල්ලෙක් වෙලා ඉපදුනාලු. මේ බල්ලාත් අර ගෑණිගේ පස්සෙමයිලු. යන යන තැන යනවාලු. ගමේ මිනිස්සුන්ටත් මේක පේනවලු. ඉතින් මිනිස්සු විහිළු කලාලු. කොහොමහරි මේ ගෑණි අර මල්ලිට කියලා බල්ලවත් මරලා දැන්මලු.

මේ සැරේ ඒ ගෙදර වසු පැට්ටෙක් වෙලා අර මැරුණ මිනිහා ඉපදුනාලු. මේකත් අර ගෑණි යන යන තැන පස්සෙන් යනවාලු. ඉතින් ගමේ මිනිස්සු මේ ගැන කථා වෙන්න ගත්තලු. ඉතින් මේ ගෑණි තමන්ගේ හොර මිනිහට කියලා අර වසු පැටියවත් මැරෙව්වලු. ඒ සැරේ මේ මැරුණු මිනිහා ඒ ගෑණිට තිබිච්ච ඇලීම හින්දා ඒ ගෑණිගේ ගර්භාෂයේ ඉපදුනාලු.

මේ සැරේ ඉපදුන මේ මනුස්සයාට තමන්ගේ පුනර්භවය කියන්න පුළුවන් කම තිබ්බලු. මේ මනුස්සයා මේ හැකියාව අනුව තමන්ගේ කලින් ආත්ම දිහා බැලුවම දැක්කලු තමන් මේ ගෑණි නිසාම ආත්ම හතරක් ම මැරිලා තියෙන බව. ඒ බව දැක්කට පස්සේ මෙයාට දුක හිතුනලු ඇයි මන් මොන කරුමයක් හින්දද ආයෙත් මේ ගෑණු කෙනාගෙන්ම ඉපදුනේ කියලා.

මේ ලමයා කිසිම වෙලාවක තමන්ගේ අම්මට තමන්ව අල්ලන්න දුන්නේ නෑලු. මොනම වෙලාවේ හරි අම්මා ළමයාව අල්ලන්න හදද්දි ළමයා මහ හයියෙන් කෑ ගහලා අඬනවාලු. ඉතින් සීයා තමයිලු මෙයාව හැදුවේ. ළමයා යමක් තේරෙන වයසට ආවම සීයා ඇහුවලු ඇයි දරුවො අම්මා ඔයාව අල්ලන්න හදද්දි ඔයා අඬන්නේ කියලා. මේ මගේ අම්මා නෙමෙයි, එයා මගේ හතුරියක් මාව ආත්ම හතරකදිම මැරුවේ මෙයා තමයි කියපු ලමයා සීයාට තමන්ගේ කලින් කථාව කිව්වලු. මේ කථාව අහපු සීයාට ඇඬුනලු. ඉන් පස්සේ සීයා තවත් අපි මෙහෙ ඉඳලා වැඩක් නෑ අපි මෙහෙන් යමු කියලා ලමයාවත් අරන් වනගත ආරණ්‍යයකට ගිහින් එහෙදි පැවිදි වෙලා දෙන්නම ඒ ධර්මය පුහුණු කලාලු.

ඉතින් මේ කථාවෙන් අපිට පැහැදිලා වෙන දෙයක් තමයි ඇලීම කියන දේ අපිට තවත් ආරම්භයක් ලබා දෙනවා කියන එක. ගැරඬියෙක්, බල්ලෙක්, වසු පැටියෙක් වෙලා ඉපදුන හැම ආත්මයකදිම භයානක මරණයකට මුහුණ දීලා අන්තිමට මිනිහෙක් වෙලා ඉපදුනාම තමයි තණ්හාව නැත්නම් අල්ලා ගැනීම නැති කරගන්න ‍පුළුවන් වුනේ.

ඒ නිසා අපි මේ දේවල් ගැණ හිතලා අපි විඳින සෑම දුකකින්ම නිදහස් වෙන්න ඕනා කියන දේ අරමුණක් කරගෙන විපස්සනා භාවනාව පුහුණු කරන්න පටන් ගන්න ඕනා. අපිට තණ්හාව නැති කරන්න පුළුවන් වුනොත් දුක නැති කරන්න පුළුවන්. දුක නැති කරනවා කියන්නේ අපි නිර්වාණය අත් කරගත්තා කියන එකයි.
 
:shocked:අප්පා...තන්හාව කියන්නේ හරිම දරුනු දෙයක්.සංසාරෙ පවතින්නෙ ඕක නිසානේ.:oo:
මුල් ලිපිය තියන තැන කියන්න පුලුවන්ද පුද්ගලිකව හරි.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara


මේ කථාවට සම්බන්ධ යාළුවෝ දෙන්නා බුරුමයේ Chaungyo කියන ගමේ තමයි ඉඳියේ. මේක ටිකක් පරණ කථාවක්. යාළුවෝ දෙන්නාගේ නම් තමයි Nga Nyo හා Ba Saing. මේ දෙන්නා ජීවත් වුනේ ගම්වල ආවිදලා නොයෙක් දේ විකුණමින්. මෙහෙම බඩු විකුණමින් ගිහින් එන අතරේ දවසක් මේ Ba Saing තමන්ගේ සහල් ඉවර වෙච්ච නිසා කෑම උයා ගන්න Nga Nyoගෙන් හාල් ටිකක් ණයට ගත්තා. කෑම කාලා එහෙම රෑ දෙන්නා ‍ගෙදරට එද්දි Ba Saingව නයෙක් ගහලා මැරුණා. මේ කාලෙදි මේ දෙන්නාගේ වයස අවුරුදු 20 ක් විතර ඇති.

මේ Ba Saing මරණයෙන් පස්සේ අනිත් යාළුවගේ ගෙදර කුකුළෙක් වෙලා ඉපදුනා. සමහර විට අර තමන් ණයට ගත්තු හාල් පිළිබඳ සිතිවිල්ල නිසා වෙන්න ඇති මෙහෙම වුනේ.කොහොම වුනත් මේ කුකුළා බොහොම හොඳට හැදුනා. ඉතින් අයිතිකාරයා මොකද කලේ මේ කුකුළාව දැම්මා කුකුල් පොර වලට. අනේ මේ කුකුළාත් හොඳ ශක්ති සම්පන්න නිසා අයිතිකාරයාට තරඟ දිනවලා දුන්නා. එක දවසක් මෙහෙම තරඟ කරද්දි අනිත් පැත්තේ ඉඳපු කුකුළගේ ශක්තිය වැඩි වෙලා මේ කුකුළා පැරදුනා. මෙයින් කේන්තියට පත් ‍අයිතිකාරයා කුකුළාගේ කකුල් වලින් අල්ලන් ඇවිත් වතුර වලක් ලඟට විසි කරලා දැම්මා. සටනෙදි හොඳට මහන්සි වෙලා ඉඳි මේ සතා ඒ විසි කල පාරට තවත් දුරුවල වුනා. ඒ වෙලාවෙදි එතනට ආපු වැස්සියෙක් මෙහෙම පණ නැතිව ඉන්න කුකුළාව ලෙව කෑවා.

ටික වෙලාවකින් මේ කුකුළා මැරුණා. ඒ පාර ඌ ප්‍රතිසන්ධි ගත්තේ අර තමන්ව අන්තිම මොහොතේ ආදරෙන් ළෙව කාපු වැස්සිගේ බඩේ. ඉතින් මේ ආකාරයට වසු පැටියෙක් කාලයකින් ඉපදුනා. ඌ ටික ටික වැඩෙන්න ගත්තා. මේ අතරේ දවසක් වසු පැටියගේ අයිතිකාරයා වන Nga Nyo තමන්ගේ යාළුවෝ එක්ක පාටියක් දාන අතරේ මූව මරලා කන්න තීරණය කලා. ඔවුන් මේ වස්සාව මස් කරද්දි එතන ඉඳි Taungdwingyi කියන ආසන්න නගරෙක ඉඳන් ආපු ජෝඩුවක සිටි කාන්තාව මේ සතා ගැන දුක් වුනා. ඒ විතරක් නෙමේ ඒ දුක ප්‍රකාශත් කලා.

මෙයින් කාලයක් ගත වෙද්දි මේ කියපු කාන්තාව ගැබ්බර වෙලා කාලෙකින් පුතෙක් ඉපදුනා. හොඳ නිරෝගී ළමයෙක්. මේ පුතා හැබැයි කථා කරන්නේ නෑ. මේ විදියට ළමයා ඉපදිලා අවුරුදු 7ක් ගියා ඒත් මෙයා කථා නම් කලේ නෑ. අවුරුදු 7 උපන් දිනය දවසෙදි මේ ළමයාගේ තාත්තා කිව්වා පුතාට මන් පුතාට හොඳ තෑගි අරන් එන්නම් අද එක වචනයක් වත් කථා කරන්න කියලා. ඒ කියපු විදියටම තාත්තා එදා හවස මෙයාට හොඳ ඇඳුම් පැළඳුමුත් අරගෙන ඇවිත් ඒවා දීලා කිව්වා එක වචනයක් වත් කථා කරන්න කියලා. මේ ඔක්කොම තෑගි අරගත්ත ළමය කිව්ව දෙයින් තාත්තා පුදුම වුනා. ළමයා කිව්වේ Nga Nyo ගේ හාල් මිට කියලා.

ඒ පාර තාත්තා කිව්වා අනේ පුතේ හාල් මිටක් නෙමේ බෑග් එකක් වුනත් දෙන්නම් අපිත් එක්ක කථා කරන්න කියලා. එතකොට මේ ළමයා කිව්වා එහෙමනම් හාල් මල්ලක් කරත්තෙට පටවන්න,අපි දැන් මගේ ණය පියවන්න යමු කියලා. පියා පුදුම වෙලා ඇහුවා දැන්? කොහෙටද අපි යන්නේ කියලා. කොහොමහරි ගමන පිටක් වුනා ළමයා කියාපු මග සළකුණු වලට අනුව. ඒ අය Chaungyo කියන ගමට ලං වෙද්දි ළමයා සතුටින් කෑ ගහන්න ගත්තා අරක තමයි අරක තමයි අපි යන ගම කියලා. ඒ විදයට ළමයා තාත්තට මග පෙන්නුවා Nga Nyo ගේ ගෙදර ලඟට එනකම්ම. ගෙදර අයිතිකාරයා කවුද කියලා විමසීමෙන් පසසේ ටිකකින් Nga Nyo ම එළියට ආවා. එයා කරත්තේ ළඟට යද්දි ළමයා ඇහුවා ඒයි Nga Nyo. තාමත් උඹට මාව මතකද කියලා. දැන් Nga Nyo වයසයි. තමන්ට අර පුංචි ළමයෙක් ඒ විදියට කථා කරද්දි Nga Nyoට තරහ ගියා. කොහොම වුනත් ළමයගේ තාත්තා පැහැදිලි කලාම ළමයා අමුතු මානසික තත්වයක ඉන්නවයි කියලා Nga Nyo සංසුන් වුනා.

ඉතින් Nga Nyo මේ කට්ටියව ගේ ඇතුලට එක්කන් ගියා. එහිදිත් ළමයා ඇහුවා කෝ Nga Nyo. උඹට මාව මතක නැද්ද කියලා. තව දුරටත් ළමයා කිව්වා ඇයි මතකද අපි ගම් වල ඇවිදලා බඩු විකුණමින් ජීවත් වුනා. දවසක් මට ණයෙක් ගහලා මැරුණා. ඒ මැරෙන්න කලින් මන් උඹෙන් ණයට ඉල්ල ගත්ත හාල් මිට ආපහු දෙන්න මට බැරි උනා. මන් මළාට පස්සේ උඹේ ගෙදර කුකුළෙක් වෙලා ඉපදුනා. දවසක් පොරයකට මාව දාලා මට වඩා ශක්තිය තියෙන කුකුළෙක් එක්ක සටන් කරලා මන් පැරදිලා උඹට කේන්ති ගිහින් මාව පොළොවේ ගැහුවා. ඒ වෙලාවෙ බාගෙට මැරිලා උන්න මාව එළදෙන ඉම්බා. එතනින් මැරණ මන් ඒ එළදෙනගෙන් පැටියෙක් විදියට ඉපදුනා. මන් වසු පැට්ටෙක් වෙද්දි උඹ මාව තවත් කට්ටියක් එක්ක එකතු වෙලා මරන් කෑවා. ඒ මරද්දි අද මගේ දෙමව්පියෝ වෙලා ඉන්න මේ දෙන්නා මන් ගැන දුක් වුනා. ඉතින් එතනින් මැරුණ මන් මේ දෙන්නට දාව ඉපදුනා. ඉතින් මන් දැන් ඇවිත් ඉන්නවා මන් එදා ගත්ත හාල් මිටේ ණය ගෙවලා දාන්න කියලා.

මේ කියපු හැම දේම ඇත්ත බව තේරුම් ගත්ත Nga Nyo ඇඬුවා. ඒ වගේම එයා දුක් වුනා තමන්ගේ යාළුවට වැරදියට සලකපු එක ගැන.

ඔයාලා හිතයි මේ හිතළු කියලා. ඔයාලා ඇස් ඇරලා ඔයාලාගේ වට පිටාව බලනවා නම් මේ වගේ දේවල් ඕනා තරම් අත් විඳින්න ලැබෙයි. මේ හැම දේම සිදු වන්නේ තණ්හාව නිසා. තණ්හාව මූලෝත්පාටනය කරලා දැම්මා නම් නැවත උපදින්නේ නෑ. එතකම්ම අපි නැවත නැවත උපදිනවා. ඒ බව තමන්ගේ පළමුවන දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙදි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලා.

ඒත් බලන්න වැඩි දෙයක් නොවෙයි. මේ එළකිරි ‍පෝරම් එකේ ආගමික කොටසේ තියෙන ලිපි වලින් කීයකින් කීයක් නම් අපිට ඒ ධර්මය දකින්න උදව් කරනවාද කියලා. මේ දේවල් දැකලා තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කලේ උඹලාට සංසාරේ බය දැනෙනවා නම් හිස ගිනි ගන්න වෙලාවකදි වුනත් ඒ ගැන නොසිතා ඒ වෙලාවෙදිත් නිවන් දකින්න ඒ කියන්නේ තණ්හාව මූලෝත්පාටනය කරන්න කියාලා. නමුත් හිතන්න අපි ඒ දේවල් දැන දැනත් කරන්නේ මොනවාද කියලා ?