තණ්හා

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]තණ්හාව තව තවත් තණ්හාවටම මග පෙන්වනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එතනදි සීමාවක් නෑ. ඇති වීමක් නෑ. පහසුවෙන් සැනසීමක් නෑ. හිතන්න දැන් ඔයාට පුළුවන් කියලා රුපියල් 1000 ක් උපයන්න. ඒ මදි. ඔයාට ඕනා වෙනවා ඒ 1000, 10000 කර ගන්න. එතනින් නවතිනවාද නෑ. ඒක 100000, ඊටත් වඩා වැඩි කරගන්නයි ඕනා. දැනට ඉන්න තැනක් තියෙනවා කියලා හිතන්න. ඒත් අපිට ඕනා වෙනවා ඊට වඩා ලොකු තැනක්. නැත්නම් වැඩි සුව පහසුව. දැන් තියෙන පුට් බයිසිකලය මදි ඕනා වෙනවා මෝටර් බයිසිකලයක්,කාර් එකක්. මේ වගේ අවසානයක් නෑ. මේ විදියට තණ්හාව ඇති වෙද්දි ඔයා තණ්හාවේ වහලෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ හේතුවෙන් ඔයාව සමාජයෙන් තණ්හාධික පුද්ග‍ලයෙක් විදියට වෙනස් වෙලා පේන්න ගන්නවා.
[/FONT]


[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ෂඩ් ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සය ආකාරයේ තණ්හාවනුත් තියෙනවා[/FONT][FONT=&quot];[/FONT][FONT=&quot] පේන දේවල්, ශබ්ද, රස, සුවඳ, සුඛ ස්පර්ශයන් සහ මානසික ස්පර්ශයන් විදියට. මහාමන්ධාතු චක්‍රවර්තී රජ්ජුරුවන්ගේ කථාව ඔයා අහලා ඇති නේ. සක්‍ර රාජ්‍යයේ කොටසක් ලැබිලත් තණ්හාව සන්සිඳුනේ නෑ. අදත් මේ වගේ දේවල් දකින්න පුළුවන්.
[/FONT]


[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]භාවනානුයෝගියා සිහියෙන් නම් ඉන්නේ සැම නාම රූප සංසිද්ධියක් සම්බන්ධයෙන්ම ඒ කියන්නේ නාම රූප ඇති වීම වෙද්දී ඔහු දන්නවා ඒවායේ සත්‍ය ස්වභාවය[/FONT][FONT=&quot];[/FONT][FONT=&quot] ඒ කියන්නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා යන්න ව‍ගේ. මේ නාම රූප ධර්ම කියන්නේ අමුතු දෙයක් නෙමේ දුක්ඛ හි අංගයක් විතරයි. කෙනෙක් මේ තුලින් සතුටු වෙන්නේ ඒවා සැපයි කියලා හිතාගෙන. මේ තත්වය ඇති වෙන්නේ නෑ කෙනෙක් දුක්ඛානුපස්සනාවේ යෙදෙනවා නම්. කොහොම වුනත් කෙනෙක් සෝතාපත් වුනාම ඒ කෙනා තණ්හාව නිසා ඇති වෙන මනසේ විසිරුණු ස්වභාවයට තව දුරටත් විෂය වන්නේ නෑ. ඒ වගේම පහත් තැන්වල උප්පත්තියත් ඔහුට විෂය වන්නේ නෑ. ඒත් තවමත් ඔහු බව තණ්හා වැනි තණ්හා ප්‍රපංඤයන්ට විෂය වෙන්න පුළුවන් ඉතිරි ආත්ම හත සම්බන්ධයෙන් ගත්තම. ත්‍රිවිධ චිත්තස්වභාව තුලින් විමසද්දි ඒ කියන්නේ තණ්හා, දිට්ඨි සහ මාණ කියන ඒවායින් තණ්හාව කියන්නේ සරලව ගත්තම දැඩි ආශාව විදියටත් මානය ඒත් එක්ක බැඳිලා තියෙන බවත් කියන්න පුළුවන්. [/FONT]