තත්ත්පර 06 කට එක්‌ අයෙක්‌ මියයයි

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තත්ත්පර 06 කට එක්‌ අයෙක්‌ මියයයි

    සිගරැට්‌ දුමෙන් මිය යමුද?
    13.gif



    දුම් උරන්නෙකු පිට කරන දුමෙන් ඔහුගේ සෞඛ්‍යයට පමණක්‌ නොව අනෙක්‌ අයගේ සෞඛ්‍යයටද හානි පමුණුවයි. මෙය අක්‍රීය දුම් පානය ලෙස හැඳින්වෙන අතර එහි අඩංගු විෂ ද්‍රව්‍ය සිගරැට්‌ නොඋරන්නාගේ පෙනහළු සහ හදවතට ද හානි පමුණුවයි. මේ ආකාරයෙන් දුම් උරන්නෙකු දුම් නොඋරන ජනතාවට සිදු කරන හානිය අතිවිශාලය. අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් මරණ , ලෙඩරෝග සහ බෙලහීනතා ඇති කරයි.

    ළදරුවන් මිය යයි:(

    ලෝකයේ ජිවත්වන දරුවන්ගෙන් හරිඅඩක්‌ ම හෝ මිලියන 700 ක්‌ පමණ දුම්වැටි දුමෙන් දූෂණය වූ වාතය ආඝ්‍රාණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණනය කර ඇත. අක්‍රීය දුම්පානයට ලක්‌වන ළදරුවන් හා කුඩාදරුවන් බ්‍රොන්කයිටිස්‌ සහ නිව්මෝනියාව වැනි ශ්වසන පද්ධතියට අයත් ආසාදන සහ කන්වල ආසාදනවලට වැඩියෙන් ලක්‌වෙති. ඇදුම වැනි දරුණු ශ්වසන රෝග ලක්‌ෂණ උග්‍රවේ. පෙනහළු වර්ධනය අඩුවේ. එසේ ම හදිසි ළදරු මරණ රෝග ලක්‌ෂණවලින් මිය යාමේ ප්‍රවණතාවය වැඩිවේ. දරුවන් අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් වැඩිහිටි වියේදී හෘද වාහිනී පිළිබඳ හා හැසිරීම් රටාවේ ප්‍රශ්න ඇතිවීම ද සිදුවේ. දුම් නොඋරන කාන්තාවන් ගැබිනි කාලයේදී අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් කළල වර්ධනයේ අඩුවීමක්‌ ඇතිවේ.

    හදවත් රෝග:love:

    අක්‍රිය දුම්පානය හෘද රෝගවලට ප්‍රධානතම හේතුවකි. දුම් නොඋරන අය දුම් උරන අය සමඟ ජීවත් වන විට ඔවුන්ට හෘද රෝග සෑදීම වැඩිවන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ජීවිතයේ කිසිදිනක දුම් නොඉරූ අය අක්‍රිය දුම්පානයට ලක්‌වීමෙන් පෙනහළු පිළිකා වලට ගොදුරු වන බවත් පර්යේෂණවලින් සොයාගෙන ඇත.

    දුමෙන් වළකින්න නම්

    * දුම් උරන ස්‌ථාන සහ පුද්ගලයන් මග හරින්න.

    * ඔබ අසල දුම් නොබොන ලෙස ඉල්ලන්න.

    * දුම් උරන රියදුරකු පදවන වාහනයක ගමන් කිරීමෙන් වළකින්න.

    * දුම් බොන ස්‌ථානයක ඔබ රාජකාරි කරන්නේ නම් එම ස්‌ථානයේ හැම දෙනාගේ ම සෞඛ්‍ය උදෙසා දුමෙන් තොර ස්‌ථානයක්‌ බවට පත් කරන ලෙස ඔබේ සේව්‍යයාගෙන් ඉල්ලීමක්‌ කරන්න.

    * ශ්‍රී ලංකාවේ සෑම පොදු ස්‌ථානයක්‌ හා වැඩ භූමියක්‌ ම දුමෙන් තොර කිරීම සඳහා රජය විසින් ගන්නා නීතිමය ක්‍රියාකාරකම්වලට සහය ලබාදෙන්න.

    තත්ත්පර 06 කට එක්‌ අයෙක්‌ මියයයි :(:(:(

    ශ්‍රී ලංකාවේ පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගින්ගෙන් බොහෝ ප්‍රමාණයක්‌ දුම්කොළ හේතුවෙන් පිළිකා තත්ත්වයන්ට ගොදුරු වූ අය වේ. දුම්කොළ භාවිතය වළක්‌වා ගැනීම මගින් බොහෝ පිළිකා තත්ත්වයන් වළක්‌වා ගත හැකි අතර ඉන් රජයට විශාල මුදලක්‌ ඉතිරි කර ගැනිමේ හැකියාවද පවතී.

    වසරකට ලෝකය පුරා මිලියන 05 ක්‌ පුද්ගලයන් මියයන්නේ දුම්කොළ හේතුවෙන්. එය වඩාත් සරළ කොට කිවහොත් සෑම තත්ත්පර 06 කට ම වරක්‌ එක්‌ අයෙක්‌ දුම් වැටි හේතුවෙන් මියයයි.

    විෂ ද්‍රව්‍ය 4000 ක්‌ :baffled::baffled:

    දුම්වැටියක විෂ ද්‍රව්‍ය 4000 ක්‌ පමණ අඩංගු බව ඔබ දන්නවාද? මේ අතරින් 40 ක්‌ පිළිකා කාරක වේ. ඇතැම් අය නිවසින් හෝ පොදු ස්‌ථාන වලින් බැහැරව දුම් පානය කොට නිවසට යති. නමුත් ඔවුන්ගේ ඇඳුම් වල පවා විෂ රසායන තැවරී ඇති බව ඔවුහු නොදනිති. මෙවැනි පුද්ගලයන් කුඩා දරුවන් වඩා ගත හොත් මේ විෂ ද්‍රව්‍ය එම දරුවන් තුළටත් ඇතුළු වේ. දුම් උරන්නෙකු ඉවත දමන සිගරැට්‌ කොටය වසර 25 ක්‌ ගතවන තුරුත් නොදිරා පවතින බව ඔබ දන්නවාද? එපමණක්‌ නොව එම වසර 25 පුරාම මේ සිගරැට්‌ කොටයෙන් විෂ ද්‍රව්‍ය පසට ජලයට වාතයට මුදාහැරේ.:no:

    වැඩි මුදලක්‌ පිළිකා රෝහලට

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයෙන් වැඩි ම ප්‍රතිශතයක්‌ මුදල් වෙන් වන්නේ පිළිකා රෝහල සඳහායි. නමුත් හැමදාමත් ඒ මුදල් ප්‍රමාණය මදිවේ. දුම්කොළ හේතුවෙන් හටගන්නා පිළිකා තත්ත්වයන් වළක්‌වා ගත හැකි නම් මෙම මුදලින් විශාල ප්‍රමාණයක්‌ ඉතිරි කර ගැනීමට පුළුවන.

    දුම්වැටිවලට ඇබ්බැහි වීම වළක්‌වා ගත හැකි නම් දුම්වැටි භාවිතය දුර්වල කළ හැකිනම් මෙම කාරණය ඉෂ්ට කිරීමට බාධාවක්‌ නැත.

    PACK WARNING

    දුම්වැටි ඇසුරුම් සඳහා අවවාදයක්‌ එක්‌ කිරීමෙන් මෙය බෙහෙවින් සාර්ථක වේ. දැනටමත් බොහෝ රටවල අත්හදා බලා ඇති ක්‍රමයක්‌ වන සිගරැටි ඇසුරුම්වලට රූපයක්‌ එක්‌ කිරීම ලංකාවේදී ද ළඟදීම ක්‍රියාත්මක වීමට නියමිතය. දුම් පානය නිසා සිදුවන සෞඛයමය හානිය මෙම ඡායාරූපවලට යොදා ගැනේ.

    දුම්කොළ මර්දන ජාත්‍යන්තර නීතිමය ගිවිසුම

    ලෝක ව්‍යාප්ත දුම්කොළ වසංගතය පිටුදැකීමට සැළසුම් කළ පළමුවන ජාත්‍යන්තර නීතිමය ලියවිල්ල දුම්කොළ පාලන සම්මුති පාදක ව්‍යහයයි. (FCTC)

    2003 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් මෙය ඒකමතිකව අනුමත කළේය. එය රාජ්‍යයන් අතර වර්ෂ 04 ක්‌ පුරා ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එයට ජාත්‍යන්තරව පිළිගත් මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් ඇතුළත් ය.

    FCTC පරමාර්ථය වන්නේ දුම්කොළ භාවිතය සහ සිගරැට්‌ දුම අඝ්‍රාහණය වීමෙන් සිදුවන සෞඛ්‍ය සමාජ පාරිසරික සහ ආර්ථික විනාශය සහ අනර්ථයන්ගෙන් වර්තමාන සහ අනාගත පරපුර ආරක්‌ෂා කර ගැනීමයි.

    ශ්‍රී ලංකා රජය මෙම සම්මුතියට එකඟව ආසියාවේ පළමුවන හා ලෝකයේ 04 වන රට වශයෙන් එම ගිවිසුම ස්‌ථිර කළේය.

    ශ්‍රී ලංකා රජය 2006 දෙසැම්බර් 1 වන දින සිට ජාතික දුම්කොළ මධ්‍යසාර අධිකාරිය පිහිටුවමින් දුම්කොළ පාලන නීතිය ක්‍රියාත්මක කරයි.

    නිතරම දුම්බොන්නන් අධෛර්යය කරන්න. තමන් වෙනුවෙන් අන් අය වෙනුවෙන් හා ඉදිරි පරපුර වෙනුවෙන් දුමෙන් තොර ලොවක්‌ ගොඩ නගන්නට හැකි සෑම පියවරක්‌ ම ගැනීමට ඔබත් පෙළ ගැසෙන්න.

    (ජීවක පදනම මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක්‌ සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ වෛද්‍ය සමාධි රාජපක්‌ෂ කළ දේශන ඇසුරින්.)
    චාමරී බණ්‌ඩාර


    නවලිය පත්තරෙන් ගෙඩිය පිටින්ම කොපි පේස්ට් කර වැඩි වැඩ දමන ලදී
    ස්තුතිය ඔවුන්ටය...:)
    7.gif
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    බොහොම ස්තුතියි දැනුවත් කලාට..:)
    මට තියෙන ප්‍රශ්නේ තමයි, ඔය කියන විදියට ලෙඩ රෝග හැදෙනවා නම්, ඒවට වියදම් කරන්ඩ රජයට සෑහෙන වියදමක් යනවානම්, අක්‍රිය දුම් පානයෙන් නොබොන අයට හානි වෙනවා නම්, ඇයි ලන්කාවේ දුම්කොල සහ සිගරට් නිශ්පාදනය සහමුලින් නතර කරන්ඩ පියවර නොගන්නේ කියන එක.. :confused::confused:
    එතකොට ඔය කියන ප්‍රශ්න මුකුත් නෑ නේ..:dull:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සිරාවටම ගොඩක් වැදගත් ලිපියක් :):).. ඒත් කොහොම මේවා කීවත් බොන අය තේරුම් ගන්නේ නෑ නේ:no::no: ..
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    බොහොම ස්තුතියි දැනුවත් කලාට..:)
    මට තියෙන ප්‍රශ්නේ තමයි, ඔය කියන විදියට ලෙඩ රෝග හැදෙනවා නම්, ඒවට වියදම් කරන්ඩ රජයට සෑහෙන වියදමක් යනවානම්, අක්‍රිය දුම් පානයෙන් නොබොන අයට හානි වෙනවා නම්, ඇයි ලන්කාවේ දුම්කොල සහ සිගරට් නිශ්පාදනය සහමුලින් නතර කරන්ඩ පියවර නොගන්නේ කියන එක.. :confused::confused:
    එතකොට ඔය කියන ප්‍රශ්න මුකුත් නෑ නේ..:dull:

    :yes::yes::yes:
     
    බොහොම ස්තුතියි දැනුවත් කලාට..:)
    මට තියෙන ප්‍රශ්නේ තමයි, ඔය කියන විදියට ලෙඩ රෝග හැදෙනවා නම්, ඒවට වියදම් කරන්ඩ රජයට සෑහෙන වියදමක් යනවානම්, අක්‍රිය දුම් පානයෙන් නොබොන අයට හානි වෙනවා නම්, ඇයි ලන්කාවේ දුම්කොල සහ සිගරට් නිශ්පාදනය සහමුලින් නතර කරන්ඩ පියවර නොගන්නේ කියන එක.. :confused::confused:
    එතකොට ඔය කියන ප්‍රශ්න මුකුත් නෑ නේ..:dull:

    සමලිංගිකයන්ටත් ඒක ප්‍රවර්ධනය කරන්න අයිතිය අරගන්න දගලන මේ කාලේ ඕක නැවැත්තුවොත් මානව හිමිකම් උල්ලංගණය කියලා එන්ජීඕවලින් පර සුද්දෝ බහියි නැවු පිටින් :frown:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    ස්තූතියි යාලුවා
    මාත් සිගරට් නිසා ගොඩක් දුක් විදිනවා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බොහොම ස්තුතියි දැනුවත් කලාට..:)
    මට තියෙන ප්‍රශ්නේ තමයි, ඔය කියන විදියට ලෙඩ රෝග හැදෙනවා නම්, ඒවට වියදම් කරන්ඩ රජයට සෑහෙන වියදමක් යනවානම්, අක්‍රිය දුම් පානයෙන් නොබොන අයට හානි වෙනවා නම්, ඇයි ලන්කාවේ දුම්කොල සහ සිගරට් නිශ්පාදනය සහමුලින් නතර කරන්ඩ පියවර නොගන්නේ කියන එක.. :confused::confused:
    එතකොට ඔය කියන ප්‍රශ්න මුකුත් නෑ නේ..:dull:
    ඒක තමයි....
    ටුබෑකෝ එකෙන් එන බදු ආදායමට වඩා වැඩියෙන් මේ ලෙඩ වලට වියදම් කරනව කියලා ඒ දවස් වල සෞඛ්‍ය ලොක්කොම කිව්වා.
    වගකිවයුත්තො පියවර ගන්නෙ නැත්නම් සිගරට් බොන අයම හිත හදාගෙන මේකෙන් මිදෙන්න වෙනවා.
    බොන්නෙ නැත්නම් බලෙන් පොවන්න බෑනෙ.:)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ටික ටික හරි අඩු කරන්න

    ස්තූතියි යාලුවා
    මාත් සිගරට් නිසා ගොඩක් දුක් විදිනවා
    ටික ටික හරි අඩු කරලා නවත්වලාම දාන්න යාළුවා...මමත් කාලයක් පුරුදු වෙලා හිටියා....(මෙහේ ලාබම දේ එච්චරයි ):frown::angry:
    හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.
    nothing impossible bro!!!:yes:
    11.gif

     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    vadak naha ban...
    loke inna hama government ekakata ciga gahana eun inna one.. naththan kohenda unta
    millions tax hambavenne ...
    api kavru kohama kaghuvath there is no way we can stop people smoking till the end of the world ...