අති පුරාණ කඩචෝරු ශතකයෙන් උපුටා ගත් ඩැනිස්ටර් ගේ "කොත්තු ශ්ලෝකය"

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ලොව පුරා රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. දැනට අප රටේ සිදුවන මරණ වලින් 50%-60% ප්‍රමාණයක් බෝ නොවන රෝග මුල් කොට සිදු වන බව අනාවරණය වී තිබේ. මේ සඳහා ඉවහල් වන ප්‍රධාන සාධකය වැරදි ආහාර පුරුදු බව ද අනාවරණය වී තිබේ, මත්පැන් හා දුම්වැටි පානය සහිත අහිතකර ජීවන රටාව හා අඩු ව්‍යායාමය මෙම රෝග මෙරට පැතිර යෑමට බලපාන සෙසු ප්‍රධාන හේතුන් වී තිබේ. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අතර පැතිර පවතින බෝ නොවන රෝග වනුයේ අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, දියවැඩියාව, වකුගඩු රෝග හා හෘද රෝග යනාදියයි.


    මෙම පසුබිම යටතේ සුප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකු ඩැනිස්ටර් එල් පෙරේරා විසින් "කඩචෝරු ශතකය හෙවත් වාණිජ දුරාහාර විදාරණය" නමැති අති පුරාණ පුස්කොළ පොතකින් උපුටා ගත් බවක් පවසමින් සංස්කෘත ශ්ලෝකයක ආකෘතිය අනුව යමින් කොත්තු පිළිබඳ උපහාසාත්මක ශ්ලෝකයක් ප්‍රබන්ධය කොට තිබේ. මෙම ශ්ලෝකය පිළිබඳ මූලාශ්‍රය කෙසේ වෙතත් මින් පැවසෙන කරුණු පිළිබඳ ඔබගේ අවධානය යොමු කරනු පිණිස අපි එය මෙසේ දක්වමු.

    කොත්තු ශ්ලෝකය:

    පුරාණ ගෝදම්බරං කාණ්ඩශ් කෘත්වා ශාකාය සංයුතඃ
    ලවණාම්ලකටුක සංයෝග මිශ්‍රිතං "න්හින මොටෝ" තථා
    පූති කුක්කුටාදී මාංශ අණ්ඩානි සූප පලාණ්ඩු යුක්තං
    දූෂිත තාලතෛල පූරං ලෝහපෘෂ්ඨේ තප්ත මේවච
    ලෝහ ඝට්ටන ශබ්දකරං කොත්තු නිර්මාණ පශ්‍යතේ
    පිෂ්ඨස්කන්ධ මහා ඝෝරඃ ක්‍රිමීන් ජන්තු රෝගකාරකං
    තෛල මරීච සංයෝගං ච්ලිපේස්ට් නාම විෂ කල්කම්
    භෝජනාන්තේ ගුරුඃ ස්නිග්ධඃ සාටෝප විෂ්ටම්භකරඃ
    ආධ්මානං උද්ගාරං හෘල්ලාස අරෝචකං අජීර්ණ භවං
    උදරදාහං පිපාසං මලභේදකරං ගුදපාකවිදාරණං යථා
    අම්ලපිත්ත මේදවෘද්ධි හෘදයාවරෝධං කර්කටං මතා
    සුඛායුෂාභිලාෂී කොත්තු නාම දුරාහාරං වර්ජයේත් සදා
    ක්‍රමේණ ක්ෂයං ලෝහේන අංශුමාත්‍ර මිශ්‍රිතං භෝජනේ
    වෘක්ක යකෘත අකර්මණ්‍යේ සයනගතං දුක්ඛසහිතං
    කොත්තු ආසක්ත යෞවන මද්‍යලෝලී මූර්ඛජනං යථා
    අප්‍රසන්නං රෝගකරං විෂයුතං සුනඛං නභෝජයේත්

    අර්ථය:

    පරණ ගෝදම්බ රොටී කැබැලි කොට (කුණු වූ හෝ ඉවත දැමූ) එළවළු කෑලි සමඟ මිශ්‍ර කොට
    ලුණු ඇඹුල් හා කටුක රස ද්‍රව්‍ය යොදා "නහින මොටෝ" ද සමඟ
    පිළුණු වූ කුකුල් මස් බිත්තර හොදි ළූණු ආදිය දමා
    බාල පාම් ඔයිල් වත්කොට රත් කළ යකඩ තැටියක් මත
    මහ හඬින් යකඩ පතුරු වලින් කොත්තුව නිර්මාණය කෙරේ.
    මේ කොත්තුවේ පිටි ගොඩ මහා ව්‍යසනයකි. පණුවන් විෂබීජ ආදී රෝගකාරක වලින් යුක්තය.
    තෙල් හා මිරිස් එකතු කර සකස් කළ චිලිපේස්ට් නම් විෂ කල්කයක් ද සමඟ කෑමට පුරුදුව සිටී.
    මෙය කෑමෙන් පසු බඩේ බර බව, සිනිඳුබව (ලෙස්සන සුලු බව නිසා මල වේග දරා සිටින්නට බැරි වේ),
    ශබ්ද ඇතිවීම, බඩපිපුම, උගුරට ඒම, කටට කෙළ වැගිරීම, අරුචිය, අජීර්ණය ද ඇති කරයි.
    පසුව බඩේ දැවිල්ල, පිපාසය, අධිකව බඩ එළිය යෑම, ගුදය පැසවීම, පැලීම ද ඇතිවේ.
    මේ කොත්තු දිගටම ආහාරයට ගන්නා අය අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස්, රුධිරයේ කොලෙස්ටරෝල් ඇතිවීම,
    හදවතේ නාල හිරවීම, පිළිකා ආදී රෝග වලට බඳුන් වේ.
    එබැවින් සුවෙන් වැඩිකාලයක් ජීවත් වනු කැමැති අය කොත්‍තු නමැති නරක ආහාරයෙන් සියලු කල්හි වළකින්නේ ය.
    ක්‍රමයෙන් ගෙවී යන යකඩ පතුරු අංශු මාත්‍රයෙන් සිරුරට ඇතුළු වේ.
    වකුගඩු අක්මා අක්‍රිය කොට දුකසේ ලෙඩ ඇඳට දමයි.
    කොත්තු වලට ඇබ්බැහි වු තරුණයින් බේබද්දෝ සහ මෝඩයෝ ය.
    අප්‍රසන්න, රෝගකාරක හා විෂ සහිත වූ කොත්තු, බල්ලොත් නොකෑ යුත්තේ ම ය

    copied

     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට ඔයි ඊයේ රෑ කාපු කොත්තුවේ පිහිටෙන් උදේ ලැට් එකේ වාදී වෙනවා විතරයි සුපිරි ස්පීඩ් එකෙන් විද්දේ ...
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොත්තුකඩේ මුදලාලි ගාවට ගිහිල්ල මේක මතුර මතුර ඉන්න තියෙන්නෙ. 👺
     
    • Like
    • Haha
    Reactions: D_Mad and skymicro