තනියම ගිහින් චන්ද වැඩ කරපු මතුගම සිරිල් අ&#351

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    තනියම ගිහින් චන්ද වැඩ කරපු මතුගම සිරිල් අ&#351

    මේ චන්දෙදි හැමෝම කතා වුන බයිසිකලෙන් තනියම ගිහින් චන්ද වැඩ කරපු මතුගම සිරිල් අයියාට අද වෙලාතියෙන දේ

    [FONT=&quot]පලාත් පාලන ඡන්දයත් ඉවරයි.ඒ අතර ගොඩ දෙනෙක් කතා කරපු අපේක්ෂකයන් රැසක් හිටියා .
    ඒ අතර තනකොල කපන අක්කා , සොරොව්ව ළඟ උස පියදාසගේ දුව,මතුගම සිරිල් අයියා ,ඒ වගේ චරිත දැඩි අවධානයක් ගත්ත.
    ඉතින් සිරිල් අයියා නම් ජන්දේ දිනලා. ඉතින් සිරිල් අයියාගේ මේ ජයග්‍රහණය පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවියක පළවූ සටහනක් ඔබ වෙනුවෙන් මෙසේ පළකරමු.
    හදවත් දිනූ මිනිසුන් .️මිලියන් ගණන් වියදම් නොකර දිනපු සිරිල් අයියා මන්ත්‍රීතුමා !
    මතුගම ප්‍රාදේශීය සභාවට ස්වාධීනව තරග කළ සිරිල් අයියා මේ රටේ දේශපාලුවන් ට දීලා තියෙන්නේ මරු උත්තරයක්.රුපියල් 15000/= ක සොච්චම් දීමනාව ගෙන ගමට වැඩ කරන්න නම් සිරිල් අයියාගේ මැතිවරණ ප්‍රචාරය හොදටම ප්‍රමාණවත්.
    මීයක් කඩන්නේ අත ලෙව කන්න දැයි ඇසිය යුතු අපේක්ෂක ප්‍රචාරණයක් පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය තුළ අත් වින්දෙමු.ඇතමුන් තේමා ගීත පවා සකසා තිබුණි.ඩොලර් වලින් ෆේස්බුක් ප්‍රචාරක වැඩය .එළි වෙන තුරු සංගීතය.ගෙදර දන්සැල් ය.
    පෝස්ටර් , අත්පත්‍රිකා,සමහරක් රූපවාහිනී ගුවන් විදුලි දැන්වීම් ය.එකී මෙකී නොකී ඔක්කම කර අවසානයේ ගෙදරය.
    තේරුණු එකා අවසානයේ වියදම් කළ මුදල සෙවිය යුතුමය.නැතිනම් ගෙදර ගෑණි ගෙන් හම්බන්තොට දෙහි ගහෙත් නැති ලුණු ඇඹුල් ය.සිරිල් අයියාට ඒ මුකුත් නැත.ඔහුගේ සලකුණ නලාවය.ඒ හඩ ගම පුරා ගෙනියන්න රෝද දෙකේ මොන්‍ටේරෝව කදිමය.
    සිරිල් අයියා වගේම අයියෙක් මට 2002 මැතිවරණයේදී අපේ පිළෙන්ම හමු විය.
    එ.ජා.ප යට මා නවකයෙක් වූ නිසාම ඔහු කවුදැයි නොදැන සිටියත් නාමයෝජනා වලින් පසු අපේක්ෂක කණ්ඩායම් රැස්වීමෙන් පසු ඔහු මට හමුවෙන්නේ හෝමාගම නගර ආසන්න ප්‍රචාරක කටයුතු කරන අතරය.
    මම ඇත්තටම හිතුවේ ඔහු බයිසිකලේ පැදන් පොළට ඇවිත් කියා. මාගේ වාහනය නවතා අප අතර වූ සංවාදය මෙසේය.
    ️ආ මන්ත්‍රී තුමා , කොහෙද ?
    කොළ ටිකක් බෙදන්න ආවා?

    තනියම ?
    ඔව්.මගේ වැඩේ නේ.

    එවකට යොවුන් පෙරමුණු සභාපති සම්පත් ය.
    ️ඇයි සම්පත් ට කියලා කොල්ලෝ සෙට් එකක් එක්ක ආවේ නැත්තේ ?
    ️අපෝ , උන් ආවොත් අඹ ගස් වලට පොලු ගහයි, කන්න බොන්න දීලා පිරිමහන්න බෑ .

    එහෙනම් දමයන්ති හරි පද්මිණී ට කියලා ලක්වනිතා ගෑණු ටිකක්.
    ️අනේ අපෝ එපා.ගෙදරකට ගියොත් මල් අත්තක් හරි කඩලා මට ලැබෙන එකත් නැති වෙන්නේ.

    කියා කටපුරා හිනාවකින් කී විට මා ඔහුගෙන් සමු ගතිමි .අවසානයේ උදේට බත් මුල අරන් බයිසිකලෙන් ගිය මාවත්ගම සුමනපාල අයියා මන්ත්‍රී විය.ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු ලෙස මිය යන විට ඔහුගේ දේහය පිටුපසින් ගියේ ගමේ මිනිස්සු ටිකක් නෙමෙයි.ජන ගංගාවකි.
    ඒ තමයි හදවත් වල ලියැවෙන මිනිස්සු. ජීවත් වෙන කොට අරක්කු ටිකටයි බත් පැකට් එකටයි එන සෙනගට වඩා මිය ගියත් ජීවත් වෙන මහජන ප්‍රසාදය සහිත නියෝජිතයන් ඉන්නේ අතලොස්සකි.
    ඒ අතරේ කිසියම් දවසක මතුගම සිරිල් අයියා ද ඉන්නවා ඇති.සිරිල් අයියා මන්ත්‍රීතුමාට සුබ පැතුම්.

    [/FONT]
     
    • Like
    Reactions: JohnSnow

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Past time ekaka , Ambalangoda area ekak ,oya vage porak sitiya. Man Bicycle eke pitupasse, Lee pettiak bada gena ,issaraha Kodiyak da gena, Bicycle eke , Chandha pracharaya gena giya. Senaga inna junction ekak dakkama, Bicycle eka navatthala, Lee Pettiya bimin thiyala, Eka uda nagala , thaniyama, Kathava pavathvanava. But Mans ta hambu une , hariyatama , Chandha 112.-----------Passe man ta name ekakuth labuna, HONDARAYA kiyala.