තනිව හිතා පාපන්දු ‍ගහන නාඕ රොබෝ : Nao (Robot)

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    තනිව හිතා පාපන්දු ‍ගහන නාඕ රොබෝ : Nao (Robot)

    තනිව හිතා පාපන්දු ‍ගහන නාඕ රොබෝ : Nao (Robot)



    තනිව හිතා පාපන්දු ‍ගහන නාඕ රොබෝ : Nao (Robot)

    මුලින්ම කියන්න ඔනි මන් මෙකනම් ගත්තෙ සයිබර් පෙරේරා ගෙන් වර්තමානය වන විට විවිධ වර්ගයේ රෝබෝවරු නිෂ්පාදනය කිරීමට හා අත්හදාබැලීමට ලෝකයේ සියළුම රටවල් උත්සාහ ගන්නා ආකාරය පෙනීයයි. මෙවැනි රොබෝවරු නිෂ්පාදනය කරන්නේ මිනිසුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීමටය. මිනිහෙකු යොදාගෙන කිරීමට අපහසු ඇතැම් දේ රෝබෝවෙක් මගින් ඉතා පහසුවෙන් කරගත හැකිය. නිදසුනක් ලෙස, අභ්‍යවකාශ පරීක්ෂණයකදී මිනිසෙකු වෙනුවට රෝබෝවෙක් යොදා ගැනීම කළ හැක. එය ඉතා යෝග්‍ය වන අතර මිනිස් ජීවිත නිකරුණේ නාස්ති වීමද වලක්වා ගත හැක.

    නමුත් අද මම කතා කිරීමට යන්නේ විනෝදාස්වාදය හා ක්‍රීඩාව අරමුණු කරගනිමින් සැදූ අපූරු රෝබෝවෙක් ගැන. මෙම රොබෝ නාඕ (Nao) නමින් හදුන්වනු ලබනවා. නාඕ (Nao) යනු ස්වංක්‍රීය , සාමාන්‍ය මට්ටමේ සිරුරක් ඇති මෘදුකාංගගත රොබෝවෙක්. මෙම අපූරු රොබෝ පළමුවෙන්ම නිපදවා ඇත්තේ ප්‍රංශයේ ඇල්ඩෙබරන් රෝබෝටික් (Aldebaran Robotics) ආයතනයයි. ප්‍රංශයේ පැරිස් නගරය තම ප්‍රධාන මූලස්ථානය ලෙස පිහිටුවාගත් මෙම ආයතනය 2005 දී නාඕ රොබෝ ව්‍යාපෘතිය (Project Nao) පටන් ගෙන ඇත.

    මෙම නාඕ රොබෝ (Robo Nao) ජනප්‍රිය වීමට පටන්ගන්නේ රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) නිසාවෙනි. 2007 අගෝස්තු 25 දින සෝනි ආයතනයේ අයිබෝ රොබෝ වෙනුවට නාඕ රොබෝවරයා රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) සදහා පාවිච්චි කිරීම ආරම්භ විය. මෙම නාඕ (Nao) රොබෝවරුන්ව 2008 සහ 2009 රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) යොදා ගනිණ. 2010 දී මෙම රොබෝවරයාගේ නව සංස්කරණය වූ නාඕ වී3ආර් (NaoV3R) රොබෝවරයා රොබෝ පාපන්දු ලෝක කුසලානය (Robot Soccer World Cup) සදහා යොදා ගත්තේය. මෙම රොබෝ පාපන්දු ලෝක කුසලාන (Robot Soccer World Cup) තරගාවලියේ විශේෂත්වය වන්නේ රොබෝවරුන් පාලනය කිරීමට කිසිදු මාධ්‍යයක් නොවීමයි. ඒ අනුව මෙම සියළුම රොබෝවන් තරග වදින්නේ ස්වංක්‍රීවය. පහළ තියෙන්නේ නාඕ රොබෝගේ කොටස් නම් කරන ලද රූපයකි.






    හොදයි නම් පොස්ට් එකක් ඩාන්න හොදේ....


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෂා......
    මාරයිනේ යාලු........
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif