තනි ගැහැනියකගේ නිහඬ අරගලය

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    තනි ගැහැනියකගේ නිහඬ අරගලය

    ඇමරිකාවේ Missouri ප්‍රදේශයේ Ebbing කියන නගරයේ පිහිටා ඇති නගරය මෙන්ම සාරවත්භාවයක් පෙනෙන්නට නැති දැන්වීම්කරණ ආයතනයකට ඇතුල්වෙන මැදිවියේ කාන්තාවක් නගරයේ කෙළවරක ප්‍රධාන වීදියක් අසල එක ලඟ එක සවිකර ඇති Billboards නැතිනම් විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු කීපයක් වසරක කාලයකට කුලියට ගැනීමට අවශ්‍යබව කියා සිටිනවා.

    අඩුම තරමේ දැන්වීම්කරණ ආයතනයේ හිමිකරු Red Welby ට පවා අමතකව ඇති ඒ දැන්වීම් පුවරු තුන මාසිකව ඩොලර් 5000ක මුදලක් ගෙවා ඒ අවස්ථාවේම කුලියට ගන්නා ඇය එම පුවරු තුනේ සඳහන් කරන්නේ කිසිවෙක් නොසිතන පණිවිඩයක්. ‘මියයමින් සිටින අතරතුර දූෂණය කලා‘ – ‘ තවමත් අත්අඩංගුවට නොගත්තේ ඇයි?‘ – ‘එහෙම වුනේ කොහොමද පොලිස් ප්‍රධානී Willoughby’ යනුවෙන් සඳහන් කල මේ දැන්වීම් පුවරු නිසා Ebbing නගරයම කැළඹීමට පත්වෙනවා. මාධ්‍ය නාළිකාවල පවා ප්‍රමුඛ පුවතක් වන මෙය සම්බන්ධයෙන් පසුදා අදහස් දක්වන්නේ ද එය සිදුකල මැදිවියේ කාන්තාවයි. ඇය Mildred Hayes.

    මාස කීපයකට පෙර තිරිසන් ලෙස දූෂණය කර, මරා පුළුස්සා දමා තිබූ තම නව යොවුන් දියණියගේ මරණයට වගකිවයුතු අපරාධකරුවන් තවමත් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් Ebbing පොලීසියේ බලධාරීන්ට විරුද්ධව නිහඬ අරගලයක් සිදුකිරීමට ඇය මේ දැන්වීම් පුවරු තුන උපයෝගී කරගන්නවා.

    මේ නිසා නැවතත් ඇයගේ දියණියගේ මරණය කරළියට එනවා සේම පොලීසියට හිතවාදී පාර්ශවයන්නේ මෙන්ම පොලීසියෙන්ද ඇයට එල්ලවන්නේ බරපතල ප්‍රතිවිරෝධයක්. තර්ජනය කිරීම්, බියවැද්දීම්, හිතවතුන් අත්අඩංගුවට ගැනීම් මැද ඇය පොලීසියට බලකරන්නේ තම දියණියගේ අපරාධකරුවන් සොයා දඬුවම් කරන ලෙසයි. පොලිස් ප්‍රධානී Will දරුණු පිළිකා රෝගයකින් පසුවන අතර ඔහු ඉලක්ක කරගෙන මෙවැනි විරෝධයක් එල්ලකිරිම නගරවැසියන් අනුමත නොකරන අතර Mildred ගේ මානසිකත්වය අවබෝධ නොකරගෙන ඇයට පහර එල්ලකිරීමට පොලීසිය මෙන්ම නගර වැසියන්ද කටයුතු කරන අතර ඇයගේ හිටපු සැමියා සහ පුත්‍රයාගේද පීඩනය මැද ඇය නිහඬ අරගලය දිගටම පවත්වාගෙන යයි.

    පොලිස් ප්‍රධානී Will මේ අතරතුර සියදිවි නසාගන්නා අතර එහි වරදද ඇය දෙසට යොමුවන නමුත් රෝගීභාවයේ පිඩාව මත ඔහු සියදිවි හානිකරගැනීම සිදුවේ. පොලීසියේ නිලධාරියෙක්වන Dixon දිගින් දිගටම ඇයට එරෙහිව යමින් දැන්වීම් පුවරු පුළුස්සා දැමීමට පවා කටයුතු කලද අවසානයේ අයහපත් කල්ක්‍රියාව නිසා රැකියාව අහිමිකරගෙන සිටියදී තනි කාන්තාවකගේ නිහඬ අරගලය ගැන Dixon තුලද විපර්යාසයක් සිදුවන්නට විය. අවසානය Mildred සහ Dixon දෙදෙනාම උත්සහ කරන දූෂණය කර මරා දැමූ දියණියගේ මරණයට සාධාරණයක් ඉටුකිරීමේ සටන නොනැවතීම දිවයයි.

    2017 වසරේ මාර්ටින් මැක්ඩොනග් අතින් නිර්මාණය වුණු Three Billboard Outside Ebbing, Missouri චිත්‍රපටයේ ඇති සුවිශේෂීභාවය නිසාම 75 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුලු සම්මාන 8ක් සහ 90 වන ඇකඩමි සිනමා උළෙලේ හොඳම නිළිය සහ හොඳම සහය නළුවා ඇතුළු සම්මාන 7ක් දිනාගැනීමට සමත්වූ ඉතා විශිෂ්ඨ සහ විරල ගනයේ සිනමා නිර්මාණයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.

    Frances Mcdormand ප්‍රධාන නිළිය ලෙස අති විශිෂ්ට මෙන්ම ඉතා තාත්වික රංගනයක නිරත වෙන අතර ඇයට නොදෙවනිව Sam Rockwell මෙහි Dixon යන චරිතයට සහ පොලිස් ප්‍රධානී ලෙස Woodly Harrelson අගනා රංගනයක නිරත වේ. Frances ට හොඳම නිළිය ඇගයීම හිමිවෙද්දි Rockwell ට හොඳම සහය නළුවා සම්මානය හිමිකරදුන් මේ චිත්‍රපටය කලකින් බිහිවන අගයකල යුතු නිර්මාණයක් බව නොරහසකි.

    ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිරිසක් වසරක් පාසා දූෂණයට ලක්වන අතර ඉන් මරණයට පත්වන ගණනද ලක්ෂ ගණනකි. ඇමරිකාව, බ්‍රසීලය, අප්‍රිකාව, ඉන්දියාව,ලංකාව, ස්වීඩනය වැනි රටවල වැඩි වශයෙන් දූෂණ සහ ලිංගික අතවර වාර්තාවන අතර ඒ නිසා ජීවිත අහිමිවන හෝ සදාකාලික රෝගීභාවයට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් මෙම චිත්‍රපටය ඉතා ඉහළ සාධාරණයක් කරන බවත් ඒ වෙනුවෙන් අරගල කරන්නාවූ මානවයින් උදෙසා උතුම් ඇගයීමක් Three Billboard Outside Ebbing, Missouri හරහා ප්‍රදානය වනු ඇත.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: 7204 and Mr.Sawyer

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15

    Rep++ Added
     
    Maxi1190

    Member
    Jan 28, 2017
    41
    5
    0
    Will ge last letter nikan rap ekka wage qiyla hithene mata withrda .. eka maru film eka mnwa unath m amam asen balapu