තමන්ගෙ මිනිහව මරන්න බුද්ධි අංශයේ උදව් අරන්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,281
    47,155
    113
    Murder-South-Africa-768x430.jpg


    යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසකගේ සහායෙන් සිය සැමියා ඝාතනය කළ බව කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    ඇයට සිය සැමියා ඝාතනය කිරීමට සහාය දුන් හමුදා බුද්ධි අංශ සෙබළුන් හත්දෙනකුද මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ. සැකකාර ග්‍රාම නිලධාරිනිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය හමුදා කෝප්‍රල්වරයකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

    අත්අඩංගුවට ගත් හමුදා කෝප්‍රල්වරයා හා සෙබළුන් කොළඹ උතුර හමුදා කඳවුරක සේවය කරන්නවුන් බව පොලිසිය කියයි.ඔවුන් මට්ටක්කුලිය ප්‍රදේශයේ රාජකාරිවල නිරත වූවන්ය. මෙසේ රාජකාරි කරද්දී ඇතිවූ දැන හඳුනා ගැනීම මත හමුදා කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය අතර අනියම් සබඳතාවක් ඇතිවී ඇතැයි කියති.පසුව මොවුන් දෙදෙනාගේ මෙම අනියම් සබඳතාව ග්‍රාම නිලධාරිනියගේ සැමියාට දැන ගන්නට ලැබීමත් සමඟ දෙදෙනා අතර ආරවුල් ඇතිවී තිබේ. ඉන් අනතුරුව ග්‍රාම නිලධාරිනිය සැමියා විසින් ඇයට කරන අඩන්තේට්ටම් අනියම් හමුදා පෙම්වතාට පවසා තිබේ.

    ඉකුත් 15 වැනිදා ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කොට ඔහුගේ සිරුර මෝදර කාකදූපතේ තිබියදී මෝදර පොලිසිය විසින් සොයාගෙන තිබිණි.පොලිසිය ඔහුගේ සිරුර සොයා ගන්නා විටත් අත්පා ගැට ගසා තිබිණි. ඒ අනුව මියගිය අයගේ සිරුර ඝාතනයක් බවට සැකකළ නිලධාරීන් පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු විමර්ශනයක් අරඹා තිබේ.

    ඒ වන විට කොළඹ උතුර කොට්ඨාස භාරව සිටියේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාය. ඔහුගේ අධීක්‍ෂණය මත මේ සම්බන්ධ විමර්ශන ඇරැඹුණු අතර මෝදර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මියගිය පුද්ගලයාගේ බිරිය වන ග්‍රාම නිලධාරිනියගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.පසුව සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි.

    ඒ අනුව ඇරැඹි විමර්ශනයේදී හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ බිරිය හා හමුදා කෝප්‍රල්වරයකු අතර ඇතිවූ අනියම් සබඳතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය. ඔහු ඝාතනයට ලක්වී තිබුණේ අගෝස්තු මස 14 වැනිදාය.

    මෙසේ ඝාතනයට ලක්වී තිබුණේ අකිල නමැති අයෙක් බව පොලිසිය කියයි.මෙම තැනැත්තා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ජීප් රියකින් පැමිණි මෙම සැකකරුවන් ඔහුව බලහත්කාරයෙන් ජීප් රියට නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බවට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.පසුව ඔහුගේ අත්පා ගැට ගසා පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුව කැලණි ගඟට සිරුර විසිකොට ඇත. ඒ මෙම ඝාතනය සදා අබිරහසක් කරන්නටය. එහෙත් සිරුර පසුව මෝදර කාක දූපතට ගොඩ ගසා තිබිණි.
    විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ කෝප්‍රල්වරයා හා ග්‍රාම නිලධාරිනිය දින කිහිපයක් තිස්සේ මෙම ඝාතනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. හමුදා නිලධාරීන්ට සහාය දුන් තවත් පුද්ගලයකු ගැනද පොලිසියට තොරතුරු වාර්තා වී ඇත.

    කොළඹ උතුර කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, වත්මන් කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න, පොලිස් අධිකාරි අජිත් අබේවර්ධන, සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය හා උපදෙස් මත කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන සිදු කරති.සැකකාරිය හා සැකකරුවන් 7 දෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් යුද හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගැනීමට අදාළව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සේවා බළකායද පුළුල් විමර්ශනයක් අරඹා ඇත.ඒ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නියෝග මතය.

    යුද හමුදා පොලිසිය මෙම විමර්ශනය අරඹා ඇත්තේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සෙබළුන් මෙම ඝාතනයට සම්බන්ධ දැයි අනාවරණය කර ගැනීමටය.අදාළ ඝාතනයට යුද හමුදා සාමාජිකයකු වැරැදිකරු වුවහොත් ඔහුට එරෙහිව අපරාධ නීතියට අනුව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා අදාළ පාර්ශ්වයන්ට මේ වන විට උපදෙස් දී තිබේ.


    Source
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    බයියොන්ගේ දැන් කටු ඇනෙන්නේ නැද්ද දන්නෑ..
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    යකෝ ඒ මිනිස්සු නැහිලා මේ රට බේරගත්ත නිසා තමයි උන්ට මිනිස්සු මරන්න පුළුවන් රටක් ඉතුරු උනේ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    @erozan මෙන්න පලිගන්නවා මන්ද බුද්දිකයෝ. ඇවිල්ලා ගුපියන්ටයි ජෙප්පන්ටයි බැනලා වැලලියන්
    මේ දවස් වල ඌට වැඩිය එලියට බහින්න බෑ..අහුඋන තැන කොල්ලෝ පුක් ශොට් එක දෙනවා.. :rofl:
     

    Similar threads