තමන් ළඟ සිටින්නේ මාරයා පමණි

Mar 7, 2011
243
28
0
තමන් ළඟ සිටින්නේ මාරයා පමණි

700_97ad41449e32cf89a24f1addcaaa764d.jpg

මේ ලෝකයේ අප ජීවත්වීමේ දී විවිධ පිරිස්‌ සමඟ ජීවත් වනු ඇත. දෙමවුපියන්, දූදරුවන්, අඹුසැමි, සීයලා, ආච්චිලා, නැන්දලා, මාමලා මේ ආදී වශයෙන් අප වටා පිරිසක්‌ නිරන්තරයෙන් සිටිනු ඇත.
තවද නිල බල අඩු වැඩි වශයෙන් පවතින අතර ඇත්, අස්‌, රිය, පාබල ආදී චතුරංගනී සේනාවද සිටිනු ඇත. ආරක්‍ෂක වළලු යොදා ඉදිකරන ලද නිවෙස්‌ මාළිගා ද තිබෙනු ඇත.
මේ සියලු දේවල් භෞතික වශයෙන් අප සදාගෙන එය අපේ තනියට, පිහිටට, ආරක්‍ෂාවට සිටිනු ඇතැයි යන මානසික තෘප්තිය ද ලැබීම එහි විශේෂත්වයයි.
සත්‍ය වශයෙන් බලන කල අප වටා සිටින්නේ අප වටා තිබෙන්නේ ඉහත සඳහන් කරන ලද ඒවා ද යන්න සිතා බැලිය යුතු කරුණකි.
ඉහතින් සඳහන් කරන ලද කරුණු තුළින් අප රැකගත හැකිද? අපව පාලනය කළ හැකිද? සත්‍ය වශයෙන්ම නොහැකිය.
අප ළඟ නිරන්තරයෙන්ම සිටින්නේ මාරයා නොවේද? මාරයා පැමිණි කල අපට වටපිටාවේ ආරක්‍ෂක පිරිස්‌ හෝ ආරක්‍ෂක බැමි තුළින් ඵලක්‌ තිබේද?
අප එදිනෙදා ජීවිතය ගත කිරීමේදී පවුල් ඒකකය තුළත්, සමාජ සංස්‌ථාව තුළත් අනුගත වීමක්‌ සිදුවීම සිදු වුවත් එයින් කොතෙක්‌ දුරට අපව රැකගත හැකිද යන්න සිතා බැලිය යුතුය.
අප එදිනෙදා ජීවිතයේ දී සිතන්නේ, පතන්නේ, කතා කරන්නේ මගේ එකම පිහිට දෙමවුපියෝ, දූදරුවෝ, ස්‌වාමියා, බිරිඳ ආරක්‍ෂකයො ආදී වශයෙනි.
නමුදු බුදුහිමිගේ දේශනය හා සන්සන්දනයකර බැලීමෙන් අප වටා සිටින්නේ මාරයා පමණය. මාරයෝ පස්‌දෙනෙක්‌ නිරන්තරයෙන් අප අවට සිටිති. එනම්,

1. ස්‌කන්ධ මාර (උපාදානස්‌කන්ධ පස)
2. ක්‌ලේශ මාර (ලෝභාදි ක්‌ලේශ ධර්ම)
3. මෘත්‍යඣ් මාර (උපන් සත්වයාගේ මරණය)
4. අභිසංස්‌කාර මාර (සුගති දුගති වල උපත ලබාදීමට සමත් කුසලාකුසල කර්ම)
5. දේවපුත්ත මාර (පරනිර්මිත වසවර්ති දෙව්ලොව වසන පාපී දෙවියෙකි)

අප කුමන විධියකට සිතා සිටියද කුමන සැපසම්පත් ලැබුවද මාරයා පමණක්‌ අප අභියස නිරන්තරයෙන් ගැවසෙනු ඇත.
ලෝවැඩ සඟරාවෙහි එන 54 වැනි කවිය තුළින් ඒ බව මනාව පැහැදිලි වේ.

සාරනූ කුණු කයක්‌ ඇරගෙන
කරන බහු නාටක තදේ
නෑර තමහිමි සමග දවසැර
උන්නමුත් සැප විඳ විඳේ
ගෝරමරුවා පැමිණි කල්
දැන යන්ට කැඳවා එන සඳේ
බාර වම සිටුවන්ට බැරිවෙද
පිනක්‌ කර ගතොත් සොඳේ

අසාර වූ කුණු කයක්‌ අරගෙන බොහෝ නැටුම් නටන්නාහ.
තමාගේ ස්‌වාමියා අත් නොහැර එක්‌ව සැප විඳ විඳ දවස්‌ යවමින් උන් නමුත් පරලොව කැඳවාගෙන යැම පිණිස කාලය දැන ඝෝර මරුවා එනකල අප වීමෙහි නවතාලන්නට බැරි නොවේද?
එහෙයින් පිනක්‌ කරගත්තොත් සොඳමයි.
අප ජීවත් වන කාලය තුළ ජීවිතයේ මොන බලාපොරොත්තු ප්‍රාර්ථනා තබා සිටියත් ක්‍ෂණයකින් මාරයාට ඒ සියල්ල විනාශ කර දැමීමට පුළුවන.
මොන තරම් ආරක්‍ෂක පිරිස්‌ හෝ ආරක්‍ෂක වළලු දමා ජීවත් වුවද මාරයාට ඒ කිසිවක්‌ අදාළ නොමැත. සල්ලි මිල මුදල් කොතරම් තිබුණද එයින්ද මාරයාට අල්ලසක්‌ දිය නොහැකිය.
බුදුරදුන් ධම්ම පදයේ බාල වග්ගයේ 3 වැනි ගාථාවෙන් ද ඒ බව දේශනා කළහ.

පුත්තා මත්ති ධනං මත්ති - ඉති බාලො විභඤ්ඤති
අත්තාභි අත්තනෝ නත්ති - කුතො පුත්තො කුතෝ ධනං

මට පුතුන් ඇත, ධනය ඇත යනුවෙන් බාලයා (මෝඩයා) වෙහෙසෙනු ඇත.
අවසනට සිහිනුවණින් බලන කල්හි කුමන දුවෙක්‌ද පුතෙක්‌ද කුමන ධනයක්‌ද කියා අවබෝධ වේ. එයින්ද පැහැදිලි වන්නේ දූ දරුවන්, වස්‌තු සම්පත් තිබුණට මාරයා පැමිණි කල ඒ කිසිදේකින් උදව්වක්‌ කළ නොහැකි බවයි.
අප හදාගත් ලෝකය තුළ ජීවත් වන කල්හි අපට දුර නොපෙනෙනු ඇත. මාරයා පිළිබඳ නොසිතනු ඇත. එබැවින් අප දුක්‌ වැඩිවන බොහෝ දේවල් සිදු කරගනු ඇත.
ඒවා නම් අකුසල්ය. මරුවා තමා අවට නිරතුරු ගැවසෙන බව දන්නෙහි නම් තිදොරින්ම කුසලයක්‌ මිස අකුසලයක්‌ සිදු නොවෙනු ඇත.
අප සමාජයේ කියමනක්‌ තියෙනවා "මරුවා සමඟ වාසේ" කියා ඒ තුළින් ද පැහැදිලි වන්නේ අප නිරන්තරයෙන් ජීවත් වන්නේ මාරයා සමඟ බවයි.
ලෝවැඩ සඟරාවේ 28 වැනි පද්‍ය තුළින් ද මාරයාගේ ස්‌වභාවය පෙන්වා ඇත. එය තමා ළඟ නිරතුරු සිටින බව සිතීමට හොඳම උදාහරණයකි.

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ

මරු එන බැවින්ද අද අදම පින් කර ගන්නේය. සෙට මරණය නොවන්නේ යෑයි සිතන්නේ කෙසේද? මහා සේනාවක්‌ ඇත්තා වූ මාරයාට ඇප වන්නේ කවර කාලයෙක්‌හිද?
එබැවින් කුසලට කම්මැලි වන්නේ කුමටද?
මේ ආදී වශයෙන් විවිධ තැන් වලින් මාරයා අප ළඟ සිටින බවත් මිනිසා නොපමාව කුසල් දහම් සිදුකර ගන්නා ලෙසත් දක්‌වා තිබේ.
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දසමරුන්, මාර දූවරුන් පරදවා ජයගත් උත්තමයෙකි. බුදුහිමි සමීපයෙහිද මාරයා නිරත ගැවසී සිටිය ද බුදුහිමි නොබියව මාරයා සමඟ සටන් කරන ලදී.
සියලු කෙලෙසුන් නැසූ හෙයින් මාරයාට බියවිය යුතු නැත. දිනක්‌ බුදුහිමි පඤ්චසාලා නම් බමුණු ගමට පිණ්‌ඩපාතය වැඩම කොට පිණ්‌ඩපාතය නොලැබී වඩින අවස්‌ථාවෙහි මාරයා ආහාර නොමැතිව කෙසේ ජීවත් වන්නේද? යනුවෙන් ප්‍රශ්න කළේය.
එවිට බුදුහිමි ප්‍රීති සැපයෙන් (පීති භක්‌කා) කල් ගෙවන බව මාරයාට පැවසිය ස(නි( සගාථවග්ග සංයුක්‌තයෙහි මාර සංයුත්තයද වැදගත් වේ.
බුදුහිමි නිරතුරුවම දේශනා කොට ඇත්තේ මරණානුස්‌සතිය වර්ධනය කරන ආකාරයයි.
එතුළින් තමන්ටත් අනුන්ටත් යහපතක්‌ම සිදු වේ. මෙලොව පරලොව යහපත් වේ.
කවුරු කවුරුත් එය ජීවිතයට භාවනාවක්‌ වශයෙන් වර්ධනය කර ගන්නේ නම් ඉතා වැදගත් වනු ඇත.

"මරණ සති භික්‌ඛවේ භාවෙථ
මරණ සති භික්‌ඛවෙ භාවිතා
බහුලි කතා මහපළුලාහෝති මහානිසංසා
මිතොගධා අමත පරියොසානා"

"මහණෙනි මරණය මෙනෙහි කරන්න. මරණානුස්‌මෘතිය නිතර භාවිතා කරන ලද්දේ බහුල වශයෙන් පුරුදු පුහුණු කරන ලද්දේ ද මහත්ඵල මහානිශංස ගෙනදෙයි. නිවනට පැමිණීමට හේතු වෙයි."
"න අන්තලික්‌ඛෙ න සමුද්ධ මඡ්ඡේ" යනාදී වශයෙන් අප මුහුද මැද හෝ අහසකුස හෝ පොළොවේ කුමන තැනක හෝ
පර්වත ගුහාවක්‌ තුළ හෝ ඕනෑම තැනක සිටියත් අන් ඕනෑම කෙනෙකුට නොපෙනෙන ලෙස අපට සැඟව සිටිය හැකි වුව ද මාරයාගෙන් සැඟවී ඉන්නට කිසිදු එවැනි තැනක්‌ නැත.
එසේ සැඟවී සිටිය හැකි එකම තැන වන්නේ නිවන පමණමය.
මේ ආදී වශයෙන් ඉහත කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් තමන් වටා සිටින්නේ මරුවා පමණක්‌ බව සිතිය යුතුය.
එසේ සිතා පින්දහම් කළ යුතුය. එය ලොව සැමදෙනකුටම පොදුවේ බලපානු ඇත.
බුදු, පසේබුදු, මහරහත් යන උත්තමයන් මාරයා පරාජය කළ බැවින් බියක්‌ සැකක්‌ නූපදී.
නමුදු සාමාන්‍ය පුහුදුන් වැසියා නිතර කෙලෙස්‌ වලින් බරව අකුසල් සිදු කර ගනිති. එබැවින් මාරයා තමා ළඟ ක්‍ෂණයක්‌ ගානේ ගැවසෙන බවත්,
ඕනෑම අවස්‌ථාවක මරු වසඟයට පත්වන්නට සිදු වන්නට පුළුවන් බවත්,
නුවණින් මෙනෙහි කර පින් දහම් සිදු කොට මාරයාට නොපෙනෙන උතුම් නිවනින් සැනසෙන්නට අධිෂ්ඨාන කර ගනිමු.


කොබෙයිගනේ, පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංස හිමි
 
  • Like
Reactions: kinkon and ZoomLine

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    machan danna pinwathek mata podi darma karunak pahadili karanawada. meka waradi nm haride mata kiyala denna .

    maraya kiyanne ape hithamada .. nathnm physical deyakda.. :confused::confused:
    mara parajaya kiyanne hitha damanaya karana eka neweida.. ithin so called enemy within
    kiyanne marayatamada :eek::eek:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    machan danna pinwathek mata podi darma karunak pahadili karanawada. meka waradi nm haride mata kiyala denna .

    maraya kiyanne ape hithamada .. nathnm physical deyakda.. :confused::confused:
    mara parajaya kiyanne hitha damanaya karana eka neweida.. ithin so called enemy within
    kiyanne marayatamada :eek::eek:
    මම අහල තියෙන විදියට වසවර්ති මාරය කියල ඇත්තම ඩෑල් එකක් ඉන්නව..බුදුහාමුදුරුවොන්ට පවා දැන් පිරිනිවන් පෑමට කාලෙ හරි කියල අවසන් කාලෙ කියල තියෙනව.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    නුවණින් මෙනෙහි කර පින් දහම් සිදු කොට මාරයාට නොපෙනෙන උතුම් නිවනින් සැනසෙන්නට අධිෂ්ඨාන කර ගනිමු.
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    machan danna pinwathek mata podi darma karunak pahadili karanawada. meka waradi nm haride mata kiyala denna .

    maraya kiyanne ape hithamada .. nathnm physical deyakda.. :confused::confused:
    mara parajaya kiyanne hitha damanaya karana eka neweida.. ithin so called enemy within
    kiyanne marayatamada :eek::eek:

    mage danumata anuwa uttrayak dennam yaalu. waradinam niwaradi karanna kawuru hari.

    thamange hithama maraya widiyata kkriyaathmaka wena than thiyenawa.

    eth budu dahame aththatama maraya kiyala kenek gana kiyawenawa. maaraya devi kenek. godaak pin daham karagena dew lowa ipadunath mithya dushtikai. eya hithanne eyaage dew lowa bawaya sada kaalikai kiyala.ayshayen balayen sapayen math wela inne. eyage pin balaya wedi kamata eya karana pawu walata paladenna idak na. eth ewa ekathu welaa kawada hari pin balaya iwara una daata eya sathara apayata wetenawa. kalpa gaanakata goda enna wenne nehe.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    මම අහල තියෙන විදියට වසවර්ති මාරය කියල ඇත්තම ඩෑල් එකක් ඉන්නව..බුදුහාමුදුරුවොන්ට පවා දැන් පිරිනිවන් පෑමට කාලෙ හරි කියල අවසන් කාලෙ කියල තියෙනව.

    යස් true, පරනිම්මිත වසවර්තියට අධිපති