බලපන් සිංහලු තම්බියෙක් වෙලත් මුගේ lyrics.
සහරාන්ලා ඉන්න රටේම තමයි මේ වගේ සුපිරි වැඩ්ඩොත් ඉන්නේ.

සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස දී සඳපාන
ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑක
දියවී ගිහින් රැඳුණේ තරු ඇස ගාව
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නල සේම
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
@Kalegana @Rahula Kasun


