මේ සිංදුව පද ටික බලපන්කෝ..උඹල කොහොමද මේ සිංදුව තේරුම් අරන් තියෙන්නේ?
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුබ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සද මඟ අවුරාන
හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම
නෑබුල් පැතුම් අහසට නැඟ රහසේම
දිලිසෙන්නේද පුර පස දිලි සඳ ගාව
ඒ හඳ ඇයිද දියවක වී ගොළු රෑක
දිය වී ගිහින් රැදුනේ තරු ඇස ගාව
ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩ ඉම ළඟ ඉදන්වත් නුබ හැමදාම
මට අත වනාපන් නලියන නළ සේම
as deka piyagena meka ahuwama serama mawila penawa. Meka sira love krla kendara and family prashna nisa wen wenna una couple walata mara widiyata danena sinduwak.