සඳ දිය දෙවුන සේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේ සිංදුව පද ටික බලපන්කෝ..උඹල කොහොමද මේ සිංදුව තේරුම් අරන් තියෙන්නේ?

    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුබ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මඟ අවුරාන
    හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම

    නෑබුල් පැතුම් අහසට නැඟ රහසේම
    දිලිසෙන්නේද පුර පස දිලි සඳ ගාව
    ඒ හඳ ඇයිද දියවක වී ගොළු රෑක
    දිය වී ගිහින් රැදුනේ තරු ඇස ගාව

    ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
    සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
    කඩ ඉම ළඟ ඉදන්වත් නුබ හැමදාම
    මට අත වනාපන් නලියන නළ සේම
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    සිංදුව ලිව්වේ නිලාර් එන්. කාසිම්, මම දන්න තරමට සින්හල විශේෂවේදී උපාදියක් කරපු පලමු මුස්ලිම් ජාතිකයා. ඉගෙනගත්තෙත් සින්හල බෞද්ධ පාසලක. දැන් ජාතික රූපවාහිණියෙ සේවය කරනව. ශ්‍රීලාංකික අනන්‍යතාවය එක්ක මුසුවූ අපූරු මුස්ලිම් තරුණයෙක්
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Me sinduwa jeewitheta mara lagai bn:( as deka piyagena meka ahuwama serama mawila penawa. Meka sira love krla kendara and family prashna nisa wen wenna una couple walata mara widiyata danena sinduwak.

    කඩ ඉම ළඟ ඉදන්වත් නුබ හැමදාම
    මට අත වනාපන් නලියන නළ සේම :(:(:(

    Aththatama me wage therumak thiyana sindu thawa awrudu 100 k giyat rasa widinna puluwan.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සරළවම - විප්‍රයෝග දුක. ඒ් කියන්නෙ වෙන්වීමේ ශෝකය.
    ''දෑ කුල සිරිත් සිටි සද මඟ අවුරාන'' - දෙන්නා පෙළපත් දෙකක. උසස්/පහත්.
    මේව අදටත් සලකන පළාත් තියෙනව අපේ රටේ.

    ''කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම - මට අත වනාපන්...''
    ඇයගේ/ඔහුගේ දසුනින් පවා සැනසීමට පත් වන බව.
     
    මුස්ලිම් එකෙක් සින්හල ජන ජීවිතය කොතරම් සියුම්ව අධ්‍යනය කරල තියනවද කියල පේනව නේද?
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මුස්ලිම් එකෙක් සින්හල ජන ජීවිතය කොතරම් සියුම්ව අධ්‍යනය කරල තියනවද කියල පේනව නේද?
    ඒකඟයි.... ඒ් වගේම, සාහිත්‍ය ජාති/ආගම්.... වැනි සියලු බැමි ඉක්මවා යන්නකි.
    ඒ් ඒක්කම - නන්දා මාලනී ගායන ශිල්පිනියගෙ 'කඩමණ්ඩියේ දොල අයිනේ' ගීතයත් මතක් වුණා..

    kadamandiye_dola_ayne.png
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ඒකඟයි.... ඒ් වගේම, සාහිත්‍ය ජාති/ආගම්.... වැනි සියලු බැමි ඉක්මවා යන්නකි.
    ඒ් ඒක්කම - නන්දා මාලනී ගායන ශිල්පිනියගෙ 'කඩමණ්ඩියේ දොල අයිනේ' ගීතයත් මතක් වුණා..

    kadamandiye_dola_ayne.png
    මේ වගේ සිංදු දැන් ඉන්න එවුන් ලියන්නෙ නෑ බන්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු
     
    • Love
    Reactions: ElaBaba

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ වගේ සිංදු දැන් ඉන්න එවුන් ලියන්නෙ නෑ බන්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු
    ලිව්වත් අහන්න තරම් තේරුමක් තියෙන උනුත් දැන් නෑ.
     
    • Like
    Reactions: sathmal

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ වගේ සිංදු දැන් ඉන්න එවුන් ලියන්නෙ නෑ බන්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු
    ලිව්වත් අහන්න තරම් තේරුමක් තියෙන උනුත් දැන් නෑ.
    ම් මම නිතරම අහන set ඒකේ තියෙන ඒකක් ...

    • Like
    Reactions: Dr.Amdan

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ලිව්වත් අහන්න තරම් තේරුමක් තියෙන උනුත් දැන් නෑ.
    එහෙමත් හිතෙනවා.

    bump
    ------ Post added on Oct 11, 2021 at 8:17 PM