පසුගියදා රුවන්වැල්ල නගරයේ සිය ප්රචාරක
රැස්වීමක් ඇමතූ ජනාධිපතිවරයා තම කතාව
අවසාන කිරීමට පෙර ‘‘තමුන්නාන්සේලා මාව නැවත
ජනාධිපත ලෙස පත් කරනවා නේද?’’ යැයි රැස්ව සිටි
ජනතාවගෙන් ප්රශ්නයක් අසා තිබේ. රැස්ව සිටි
ජනතාව ප්රීති ඝෝෂා නගමින් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු
දී ඇත. නැවතත් ජනාධිපතිවරයා ‘‘තමුන්නාන්සේලා
මට අනිවාර්යයෙන්ම ඡුන්දය දෙනවා නේද?’’ අසා
ඇති අතර, ජනතාව පළමු ආකාරයටම ‘ඔව්’ යැයි
පිළිතුරු දී ඇත. මෙයින් තව තවත් ප්රමෝදයට පත්
වූ ජනාධිපතිවරයා නැවතත් එම ප්රශ්නයම අසා ඇති
අතර, ඊටද පෙර අවස්ථාවේ ලබා දුන් පිළිතුරුම
ජනතාව විසින් ලබා දී තිබේ.
‘‘හොඳයි, මම දිනපුවාම තමුන්නාන්සේලාට මොනවද ඕනේ?’’ යනුවෙන් ජනාධිපතිවරයා රැුස්ව සිටි ජනතාවගෙන් නැවතත් ප්රශ්නයක් අසා තිබේ. එවිට ජනතාව ‘‘අපිට බෝට්ටු ඕනේ’’ යැයි පිළිතුරු දී ඇත. ඔවුන්ගේ පිළිතුරෙන් අන්දුන් කුන්දුන් වී ඇති ජනාධිපතිවරයා වටපිට බලමින් වේදිකාවේ අසුන් ගෙන සිටි මැති ඇමතිවරුන් දෙස බැලූ කල ඔවුන් ද ‘‘රුවන්වැල්ලේ මිනිසුන්ට බෝට්ටු මොකටද?’’ යන ප්රශ්නය රැුඳි දෑසින් සිටිනවා දුටු ජනාධිපතිවරයා මොහොතකින් තත්ත්වය තේරුම් ගෙන තම කතාව වෙනතකට යොමු කොට ඇත.
සිදු වී ඇත්තේ රුවන්වැල්ලේ ජනතාව වෙනුවට රැුස්වීම් භූමිය පිරවීම සඳහා තංගල්ල ප්රදේශයෙන් ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් ප්රවාහනය කිරීමෙන් මහා ජන ගංගාවක් මවා පෑමයි







Machan,boru kiyanna epa ban...eda Ruwanwalle ohoma case1k une na....







