තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා

    14379921_1189923541055552_8736432699434640554_o.jpg
    තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා
    තමන්ගේ බඩ තමන් විසින්ම කපාගෙන එහි සැත්කමක් සිදුකරගන්නවා කිව්වොත් ඔයාලාට මොකද හිතෙන්නේ?
    ඒ වගේ සිදුවිමක් ගැනයි මේ ලිපිය

    රුසියානු ජාතික ලියොනිඩ් රොගොසොව් ( Leonid rogozov) ඇට්ලන්ටිකාවේ නොවාකෝෂියා රැසියානු පරික්ෂණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. 1961 වසරේ අප්‍රේල් මස දිනක ඔහුගේ දකුණු උදර ප්‍රදේශයේ වේදනාවක් හා
    ඔක්කාර තත්ත්වයක්ද ඇතිවිය. වෛද්‍ය රොගොසොව් හට මෙය උන්ඩුක පුච්ඡ ප්‍රදාහයක් හෙවත් ඇපෙන්ඩිසයිටිස් තත්ත්වයක් බව හදුනාගැනිමට අපහසු නොවිය. ඉක්මන් ප්‍රතිකාර නොගතහොත් ජිවිත අවධානමක් ඇති බවද ඔහු වටහාගත්තේය.

    නමුත් එක් ගැටලුක් විය. පරික්ෂණ මධ්‍යස්ථානයේ සිටි 13 ආසන්න පරික්ෂකයන් හට සිටි එකම වෛද්‍යවරයා ඔහු පමණි. ආසන්නතම මධ්‍යස්ථානයට ඇති දුර සැතපුම් 1000 වන අතර, අධික හිමපතනය නිසා ගමනාගමනය ඇණහිට තිබිනි.
    මේ හේතුවෙන් උණ්ඩුක පුච්ඡය ඉවත්කරගැනිමේ සැත්කම (appendectomy) තමාවිසින්ම සිදුකර ගැනිමට වෛද්‍ය රොගොනොව් තීරණය කලේය. ඔහු සැත්කම නිරික්ෂණය කිරිම සදහා කණ්නාඩියක් බාවිතා කල අතර, ඔහුගේ සහයට කදවුරේ සිටිඅනෙක් පරික්ෂකයන් ද ඒ අසල සිට ඇත. ඔවුන් විසින් වෛද්‍ය රොගොසොව් ගේ අතට සැත්කම සදහා අවැසි උපකරණ ලබා දි ඇත. සැත්කම අතරතුර ඔහුගේ අන්ත්‍රයක් අත්වැරදිමකින් කැපිමක් වි ඇති අතර, රොගොසොව් විසින් එය මැසු බවද සදහන් වේ.
    සැත්කම සදහා පැය දෙකක් ගතවිය. සැත්කමින් පූර්ණ සුවය ලබාගැනිමට වෛද්‍ය රොගොනොව් සමත්විය.

    නැවත මවුරටට යැමෙන් පසු වෛද්‍ය රොගොසොව්, සාන්ත පීටර්ස්බර්ග් පරික්ෂණ ආයතනයේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කරන ලදි.
    2000 වසරේදි පෙනහලු පිලිකාවකින් මියට යන විට ඔහු 66 වන වියෙහි පසුවිය.

    තවත් ලිපියකින් හමුවෙමු.
    - රොෂින් ප්‍රනාන්දු
     
    • Like
    Reactions: DAMER

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මාර පොරක් නේ බන් ..:shocked::shocked:

    රුසියන් කාරයෝ යක්කු වගේ හිත හයියයි :shocked:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මාර පොරක් නේ බන් ..:shocked::shocked:

    රුසියන් කාරයෝ යක්කු වගේ හිත හයියයි :shocked:
    මැරෙන්න තියන බයට පිදුරු ගෙහෙත් එල්ලෙනවා බං. ලංකාවේ එකෙක් ඉටියත් ඔහොම තමයි