තයිරොයිඩ් හෝමෝනය
තයිරොයිඩ් හෝමෝනය අඩු වැඩි වීම හොඳ නැහැ
හෝමෝන සිරුර කි‍්‍රයා කිරීමට නැතිවම බැරිය. එහෙත් කොපමණ අවශ්‍ය වුවත් හෝමෝන පමණට වඩා වැඩි වීම වගේම අඩු වීමද සුදුසු නැත. හෝමෝන අතරිනුත් තයිරොයිඩ් හෝමෝනය ගැන කාන්තාවන් දැනුවත් වී සිටීම අත්‍යාවශ්‍ය වෙන්නේ එය ඇයගේ නීරෝගීතාවයට උපතේ සිටම බලපාන නිසියි.තයිරොයිඩ් ග‍්‍රන්ථියෙන් නිපවෙදන හෝමෝනය කායික මානසික කි‍්‍රයාකාරිත්වයට අත්‍යාවශ්‍යය සිරුරේ පරිවෘත්තීය කි‍්‍රයාවන්ට හා කැල්සියම් සමතුලිතතාවයට අත්‍යාවශ්‍යය. හෝමෝන අඩු වීම හෝ වැඩිවීම නිසා කෙනකුගේ නීරෝගී බව බිඳ වැටෙයි.විශේෂයෙන්ම තයිරොයිඩ් හෝමෝනය බලාපාන්නේ කාන්තාවන්ගේ ප‍්‍රජනක පද්ධතියටයි. හෝමෝන අඩු වීම හෝ වැඩි වීම කාන්තා සිරුරේ විශාල පෙරළියකට හේතු වෙනවා. ගැහැනු දරුවකු ළාබාල වියේදීම මල්වර වෙන්නේ හෝ පමා වී මල්වර වෙන්නේ බොහෝ විට තයිරෝයිඩ් හෝමෝනයේ බලපෑම නිසයි. එපමණක් නොවෙයි කාන්තාවකගෙ ඔසප් චක‍්‍රයට ද තයිරොයිඩ් හෝමෝනය බලපායි. ඉතා සුළු ලෙසින් හෝ අධික ලෙසින් ඔසප් නීමට අක‍්‍රමවත් ලෙස ඔසප් වීමට හෝමෝනයේ අසමතුලිතතාවය බලපාන අවස්ථා තිබේ. ඇතැම් විට කොහෙත්ම ඔසප් නොවීමටද හොමෝනය හේතුවෙයි තයිරොයිඩ් හෝමෝනය වැඩියෙන් ඇති විට අධිකව ඔසප් වෙන අතර තයිරොයිඩ් හොමෝනය අඩුවෙන් ඇති විට අඩුවෙන් ඔසප් වීම හෝ වේදනා සහගත ඔසප් වීමකට හේතුවේ.
තයිරොයිඩ් හෝමෝනය ඔසප් චක‍්‍රයටම බලපාන නිසා සරු බවට ද ඉන් ඇතිවන බලපෑම සුළු පටු නොවෙයි. දරු පිළිසිඳ ගැනීම පමා වෙන්නේ නම් තයිරොයිඩ් හොමෝනය අඩුවෙන් නිකුත් වෙන විට ඩිම්බ කෝෂ ගෙඩි හට ගැනීමේ ඉඩ ද වැඩිය. තයිරොයිඩ්වල අසාමාන්‍යතාවයක් ඇති බව හඳුනාගෙන පුතිකාර නොකළොත් ගබ්සාවන්ට, නොමේරු දරුවන් බිහිකිරීම හෝ අඩු බර දරුවන් බිහි කිරීමට ඉඩ තිබේ. තයිරොයිඩ් හෝමෝනය වැඩි ගර්භණි කාන්තාවන් අධික රුධිර පීඩනයට හදවත් රෝගවලට ගොදුරු වීමේ අවකාශයක් ද පවතීයි. මොළයේ වර්ධනය අඩු හෝ මන්ද බුද්ධීක දරුවන් බිහිවීමට ද හොමෝනය වැඩිවීම හේතුවේ. දරු ප‍්‍රසූතියෙන් පසුවද තයිරොයිඩ් හෝමෝන මට්ටම අක‍්‍රමවත්ය පැවතුණොත් එවැනි මවක් ප‍්‍රශ්චාත් ප‍්‍රසව අවධියේ තයිරොයිඩ් ග‍්‍රන්ථියේ ප‍්‍රදාහයන්ට ගොදුරු වීමට පුළුවන්. තයිරොයිඩ් හොමෝන ගැටලුවක් තිබිය දී ගැබ් ගත්තොත් වහාම වෛද්‍යවරයාට ඒ බව පවසන්න. වැඩෙන දරුවාගේත් ඔබේත් සුවතාවය පවත්වා ගන්නා ඖෂධ මගින් රෝගය පාලනය කිරීමට අවශ්‍යයි.
ඉක්මනින් මහලු වෙයි. වයස අවුරුදු හතළිස් ගණන්වල මුලදීම හෝ ඊට පෙර ඔසප් නතර වීමට අධික ලෙස තයිරොයිඩ් හෝමෝනය ස්රාවය වීම හේතු වේ. අසහනකාරී මානසිකත්වය, අධික උණුසුමක් දැනීම, නින්ද නොයාම, වැනි ලක්‍ෂණද ඒ සමගම ඇති වන්න පුළුවන්. එවන් අවස්ථාවක බොහෝ කාන්තාවන් සිතන්නේ ඔසප් වීම නතර වී ඇතැයි කියායි. එම ලකුණු අධික ලෙස තයිරොයිඩ් හෝමෝනය ස‍්‍රාවය වීමේ ප‍්‍රතිඵල විය හැකි නිසා වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂාවක් කර ගන්න. අධික ලෙස තයිරොයිඩ් හෝමෝනය ස්රාවය වීම කල් ඇතිව හඳුනා ගෙන පිළියම් කිරීමෙන් එසේ අකාලයේ ආර්තවහරණය වීමෙන් මිදීමට පුළුවන.
තයිරොයිඩ් හෝමෝනය අධික වීමේ ලකුණු
පහත ලකුණු සියල්ලම හෝ කිහිපයක්ම ඇති වීමට ඉඩ තිබේ.* හද ගැස්ම වැඩි වේ. හුස්ම ගැනීමට අසීරුවෙයි.* නින්ද නොයාම* අධික වෙහෙස* ඔසප්වීම අඩුවෙන් සිදුවීම හෝ සිදු නොවීමකෙස් අධිකව ගැලවී යාම, අසාමාන්‍ය අයුරින් බර අඩුවීම, සහ උණුසුම් වීම හා වියළි ගතියකින් යුක්තවීම වැනි ලකුණු ද මෙම රෝගීන් අතර සුලබය.*තයිරොක්සීන් හෝමෝනය අඩු වූ විට පහත ලකුණු කිහිපයක් හෝ සියල්ලම ඇති වීමට ඉඩ තිබේ.*දැඩි වෙහෙස* හිසකෙස් අධික ලෙස ගැලවී යාම* දුර්වල කම* අමතකවීම*මළ බද්ධය*විෂාදය*නොසන්සුන්තාව*අක‍්‍රමවත් ඔසප් චක‍්‍රය* කායික ආසාවන් අඩුවීම මෙවැනි ලක්ෂණ ඇතිවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.