තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
You-will-never-reach-your-destination-if-you-stop-and-throw-stones-at-every-dog-that-barks..jpg
 

gayathra28

Member
Jun 10, 2007
495
63
0
මට පොඩි සීන් එකක් මතක් වුනා. ඒ තමා මාත් 9/10/11 වගේ පන්ති වල ඉන්න කලේ අම්බානකට මල පනිනවා. වලි කාපර්. සා/පෙ ගණිතය දවසෙත් වලියක් දාගත්ත. ඒ වුනාට දැන් මන් ෆුල් කූල් පොරක් .අනික් එවුන්ටත් වලි එපා කියල උපදෙස් දෙන්නේ මම තමයි.
උඹත් මේ වයසේ නම් ඉන්නේ ඕක ඉබේටම හරියයි.
හැබැයි මේ වයස පහු කරලා නම් පොඩ්ඩක් දොස්තරෙක් හම්බුනොත් හොඳයි.
 

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
කෙලින්ම පලයන් psychiatrist doctor කෙනෙක් හම්බෙනඩ පලයන්. ආය අත්දැකීමෙන් කියන්නේ. ඕව මචන් උපදේශනෙන් විතරක් නෙමෙයි, බෙහෙතුත් තියෙනවා මොලේ chemical වෙනස් කරලා ඔයවගේ ඒවා පාලනය කරන්නඩ. උපරිම සති 2 ක් 3 ක් යයි. තිතටම හරියනවා.
හිතන්ඩ එපා psychiatrist ලා හම්බෙන්ඩ යන්නේ පිස්සෝ විතරයි කියලා. ලජ්ජා නැතුව යමන්.

එල !
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    සැහැල්ලුවෙන් ජීවත් වෙයන් බන් විකාර නැතුව මොන දේ උනත් වැඩිය ඔළුවට ගම්ම එපා බන්...
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මටත් මචන් ඕකම තිබ්බා .එත් මචන් මන් හිතල මන් එක control කරගත්ත .

    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු ඕක මම දන්න විදිහට ඉතාමත්ම සුලු මානසික තත්වයක් (රෝගයක්නෙමේ) ඔකට එක පෙත්තක් ගන්න තියෙන්නෙ (මගෙ යාලුවෙක් ගන්නවා)
    ජයාල් මෙන්ඩිස් දොස්තර මහත්තයව හම්බවෙන්න
     

    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    නිළමෙ අයියාට සහ පිස්සු පූසාට මගෙනුත් පොඩි support එකක්.

    ඔයාලා බෞද්ධයෝ නම් තමයි මගේ පිළිතුර උපකාරවෙත් වෙන්නෙ.

    මගේ නම් අදහස ඕකට දොස්තරලා ලඟට යනවට වඩා තමාම හිමින් සැරේ විසඳා ගන්න එක වඩාත් හොඳ බව​.., බටහිර ඖෂධ ගැන මගේ වැදි පැහැදීමක් නෑ. එක ලෙඩක් හොඳ කරගන්න ගිහින් තව ලෙඩ දාහක් හදා ගන්න මඟක්. මගේ නෑනා ජෙනිෆර් ලෝපෙස් වගේ ලස්සන කෙල්ලෙක්. එයා කොල්ලෙක්ගෙ ප්‍රශ්නෙකට මානසිකව වැටිලා කාලයක් බෙහෙත් ගත්තා. දැන් අලි පැටියෙක් විතර මහතයි.බෙහෙත් බීලයි එහෙම වුනේ. අර ප්‍රශ්නෙ විසඳුනාට දැන් එයාට තව මානසික ප්‍රශන ගොඩයි.

    මේ පොත් කියවන්න​. මේවගෙ තරහ නිවාගන්න ක්‍රම නොයෙක් කියලා තියෙනවා.

    http://www.scribd.com/doc/100793192/18-මෙත්-සිතින්-නිවන්-දකිමු

    http://www.rerukanemahanahimi.lk/order_book_sudassi.php?id=42

    http://www.rerukanemahanahimi.lk/order_book_sudassi.php?id=44

    http://www.seeingthroughthenet.net/files/sin/sermons/phk/pahankanuwa_sermon_0147.mp3

    http://www.seeingthroughthenet.net/files/sin/sermons/phk/pahankanuwa_sermon_0163.mp3

    තරහ​, තදබල රාගය වගේ දේවල් අපි දිගින් දිගට පුරුදු කරපු දේවල්. ඒවා රිවර්ස් කරන්නත් පුලුවන්​. හැබැයි ලේසි නෑ. ටිකෙන් ටික​. උත්සාහ කරන්න යාලු!

    නිතර තරහින් ඉන්න අය ආශ්‍රය කරන්න එපා. තරහ ඇති කරවන ටෙලි, සින්ඳු, පොත් වගේ දේවල් වලින් ඈත් වෙන්න​. හිත නිවන දේවල් ඒවෙනුවට අහන්න​, බලන්න​. ආශය කරන්න​.

    අපි යමක් නිතර නිතර පුරුදු කරනවා කියන්නෙ භාවනාවක්. තරහ නම් නිතර පුරුදු කරන්නෙ, ඔයාලගෙ හිත් ඒවට පුරුදු වෙනවා.

    ටික ටික උත්සාහ කරන්න​. මමත් ඉස්සර හරී නපුරු, නිතර කිපෙනෙ කෙනෙක්. අම්මලා, නංඟිලා එක්ක මාස ගණන් වෛරෙන් කථා නොකර හිටපු කෙනෙක් මම​. බුදු දහමින් තමා මම ඒ තරහ සිත් නිවා ගත්තෙ. අද මම යම් තරමක නිවුන කෙනෙක්.

    සුවපත් වේවා!
     
    Last edited:

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0

    හැම දේකටම බේත් ගන්න ගියාම ශරීරයට බේත් නැතිව ලෙඩකට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා. වෙන රට වල ලේසියෙන් බේත් දෙන්නේ නැහැ. අනෙක මොලේ රසායනික වෙනස්වීම් වෙන්නේ ගොඩක් වෙලාවට හිතට තදින් බලපාන දේවල් වුනාම. ඔය බේත් වල අතුරු විපාක තියෙන්න පුළුවන්.

    තරහ කියන්නේ අතුරු ඵලයක් විතරයි. බේත් බිබී අතුරු ඵලය තාවකාලිකව මර්ධනය කලත් හේතුව තියෙනකන් මොලේ රසායනික වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ නිසා හේතුව නැති හෝ අවම කරනකම් බේත් බොන්න වෙයි. අක්මාව නරක් වුනොත් කායික ලෙඩකටවත් බේතක් බොන්න බැරි වෙයි

    තරහ යන හේතු

    ගොඩක් වෙලාවට තරහ යන්නේ නිවැරදිව ජීවත්වෙන්න උත්සහ කරන අයට. තමන් කිසි වැරද්දක් නොකර අනෙක් අය කිසි හිරිකිතක් නැතිව ලැජ්ජාවක් නැතිව මනුස්සකමක් නැතිව වැරදි කරනවා දැක්කම තරහ යනවා.

    සමහර විට තමා නිවැරදියි කියල අධික මාන්නයක් ඇති වුනොත් නොදැනම ව්‍යාපාද නීවරණය අහේතුකව කරදර කරන්න පුළුවන්.

    සමහරුන්ට නිවැරදි වෙන්න නිවැරදිව දෙයක් කරන්න තද කැමැත්තක් තියෙනවා. ඒක සියුම් ලෝභයක් විය හැකියි. ඉතින් ඒක ඕනවට වඩා වැඩි වුනාම ව්‍යාපාද නීවරණය නොදැනීම බාධා කරන්න පුළුවන්.

    Dr H.S.S. Nissanka ගේ බෞද්ධ මනෝ චිකිත්සාව/Buddhist Psychotherapy පොත කියවල බලන්න.


    තව ගොඩක් හේතු තියෙන්න පුළුවන්

    1. හර්දය වස්තුව දුර්වල වුනාම
    2. stress/පීඩාව (අධික වැඩ/තෙහෙට්ටුව/
    නිදි මැරීම/ තද අව්වේ බොහෝ වෙලා සිටීම/ තරගකාරී විභාග හා ඊට බය වීම )
    3. මස් මාංශ වැඩිපුර ගැනීම (මේවයේ සතා මැරෙන වෙලාවට අධික බයට නිපදවූ අහිතකර රසායන/හෝමෝන තියෙනවා )
    4. ශරීරයේ වෙනත් අසනීප නිසා දුර්වල වීම / දරා ගැනීමේ හැකියාව අඩු වීම
    5. වෙනත් අසනීප නිසා ඇතිවෙන අපහසුතා, වේදනා හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන්
    6. කලකිරීම, බලාපොරොත්තු කඩ වීම් වැනි දේ නිසා ඇතිවෙන දුක හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන්
    7. ශරීරයේ ස්වාභිකව සිදුවෙන වෙනස්වීම් වලදී ශරීරයේ හොමෝන වෙනස් වෙනවා. සමහර වයස් වලදී වැඩිපුර තරහ යන්න පුළුවන්
    8. සමහර බෙහෙත් වලට ඇතිවෙන රසායනික වෙනස්කම්
    9. මත් ද්‍රව්‍ය/ මත් පැන් භාවිතය හා දුම් පානය
    10. විසදා ගන්න අපහසු ප්‍රශ්න



    :cool:


     
    Last edited:

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0

    රහ නවත්තන්න කරන්න පුළුවන් දේවල්,

    වැරදි කරන අය දැක්කම තරහ යනවා නම් ඒ අය අඩුවෙන් ආශ්‍රය කරන්න. මුලින් වැරැද්ද පෙන්නලා දෙන්න. හදන්න බැරිනම් අඩුවෙන් ආශ්‍රය කරන්න. අපේ බුදු හාමුදුරුවන්ද භික්ෂූන්වහන්සේලා කියන දේ අහන්නේ නැති වෙලාවට මග මග ඇරලා තියෙනවා.

    බුද්ධත්වයෙන් නව වැනි වසත් වැසි සාරමසක්‌ ගෙව් බුදුපියාණන් වහන්සේ තවදුරටත් කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේම වැඩ විසූ සේක. එසමයෙහිම ඝෝෂිතාරාමයේ විනයධර හා ධර්මධර භික්‍ෂුන් දෙදෙනකු අතර වාදයක්‌ හට ගැනුණි. කල් යත්ම මේ විවාදය කෙළවර වනු වෙනුවට ඇදී ගොස්‌ ගිහි පැවිදි දෙපක්‍ෂයම බෙදී වෙන් වූ මහා වාදයක්‌ බවට පත් විය. අනර්ථ වූ මේ විවාදය නවතා දමා සමගි වන ලෙස බුදුරදුහු දෙවරක්‌ම අවවාද කළ ද නෑසූ බැවින් විවේකය ද කැමැති වූ උන්වහන්සේ පාරිලෙයළ්‍ය වනයට වැඩීමට අදහස්‌ කළ සේක
    .http://www.divaina.com/2010/04/18/siya04.html


    මග හරින්න බැරිනම්,

    1. පුළුවන් තරම් තියෙන එක හොද ගුණයක් දිහා හරි බලන්න පුරුදු වෙන්න වැරදි ගැන නිතර හිතන එක නවත්තන්න
    2. වැරදි කරන්නේ නොතේරුම්කමට කියල අනුකම්පා කරන්න. තීක්ෂණ බුද්ධිය/ ප්‍රඥාව තියෙනවනම් වැරදි කරන්නේ නැහැනේ,
    3. තමන්ගේ වැරදි මෙනෙහි කරන්න
    4. වැරදි නොකරන හොද අය ගැන හිතන්න
    5. ගොඩක් වෙලාවට මනුස්ස ජීවිතයක් ලබන්නේ කලාතුරකින්. ඉතින් පෙර පුරුදු ඒ අයට ඇත හරින්න අමාරු බව තේරුම් ගන්න
    6. කේන්තියට විරුද්ධ ශක්තීන් වන කරුණාව , මෛත්‍රිය පුරුදු කරන්න -

    * ගොඩක් වෙලාවට හුරතලේට ඇතිකරන සතා නිසා සත්ව කරුණාව ඇති වෙන්න පුළුවන්
    * නැතිනම් කුරුළු ලෑල්ලකට කෑම දාල, ඒ අයට නාන්න වතුර දාල ඒ අය කනවා/බොනවා බලල සතුටු වෙන්න පුරුදු වෙන්න
    * ලෝකේ දුක් විදින මිනිස්සු තමයි වැඩි. ප්‍රවෘති බලල අනුකම්පා කරන්න පුරුදු වෙන්න
    * පුළුවන් තරම් පින් කරන්න. අනෙක් ප්‍රාර්ථනා කරන ගමන් ද්වේශය ඇති නොවේවා යයි පතන්න
    * මෛත්‍රී භාවනාව නිතර පුරුදු කරන්න (තරහ අධික අයට මේ භාවනාව නිතර පුරුදු කරන්න කියල තියෙනවා )

    මේවා කියන්න ලේසියි. කරන්න අමාරුයි. පෙර පුරුදු අත අරින්න පිනක් රැස් කරන්න තමයි මේක දැම්මේ :cool:
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    1. හර්දය වස්තුව දුර්වල වුනාම -

    හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යයවරයෙක්ගෙන් උපදෙස්/බේත් ගන්න. මොකක් හරි භාවනාවක් කරන එක හදවතට හොදයිලු


    2. stress/පීඩාව (අධික වැඩ/තෙහෙට්ටුව/ තරගකාරී විභාග හා ඊට බය වීම )

    විවේකයක් ගත්තොත් හොදයි. බැරි නම් අත්‍යවශ්‍ය වැඩ ටික කරලා අනවශ්‍ය ඒවා නවතා අනෙක් ඒවා කල් දාල කැමති විනෝදාංශයක යෙදෙන්න , හිත සැහැල්ලු වෙන තුරු විවේක ගන්න.
    ව්‍යායාම හා භාවනා වලට කාලය යොදවන්න



    3. මස් මාංශ වැඩිපුර ගැනීම (මේවයේ සතා මැරෙන වෙලාවට අධික බයට නිපදවූ අහිතකර රසායන/හෝමෝන තියෙනවා )

    අඩු කරන්න, පුලුවන්නම් නවත්තන්න


    4. ශරීරයේ වෙනත් අසනීප නිසා දුර්වල වීම / දරා ගැනීමේ හැකියාව අඩු වීම
    5. වෙනත් අසනීප නිසා ඇතිවෙන අපහසුතා, වේදනා හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන්

    කායික රෝගයට බේත් හා අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ගන්න , ව්‍යායාම හා භාවනා වලට කාලය යොදවන්න


    6. කලකිරීම, බලාපොරොත්තු කඩ වීම් වැනි දේ නිසා ඇතිවෙන දුක හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන්

    ඊට වඩා ප්‍රශ්න තියෙන අයට උදව් කරන්න, හිතන්න . එතකොට තමන්ගේ ප්‍රශ්නේ අමතක වෙයි


    7. ශරීරයේ
    ස්වභාවිකව සිදුවෙන වෙනස්වීම් වලදී ශරීරයේ හොමෝන වෙනස් වෙනවා. සමහර වයස් වලදී වැඩිපුර තරහ යන්න පුළුවන්

    කරන්න දෙයක් නැහැ :(


    8. සමහර බෙහෙත් වලට ඇතිවෙන රසායනික වෙනස්කම්

    අත්‍යවශ්‍ය බේත් විතරක් ගන්න :cool:

    9.
    මත් ද්‍රව්‍ය/ මත් පැන් භාවිතය හා දුම් පානය

    නවතන එක තමයි නුවණට හුරු. නැතිනම් සල්ලි ගොඩක් වියදම් කරලා සිය දිවි නසා ගන්නවා වගේ වෙනවා. හැබැයි එක සැරේ මැරෙන්නේ නැහැ. මේවට මොළය , ස්නායු, මතකය හා හදවත දුර්වල වෙනවා විතරක් නෙමෙයි වෙනත් අබාධත් ඇති වී මරණය පවා සිදුවිය හැක

    .
    10. විසදා ගන්න අපහසු ප්‍රශ්න

    ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් - ප්‍රශ්න ටික සේරම කොලයක ලියන්න. එතකොට හිතේ බර ටිකක් අඩු වෙයි. කරන්න ඕන දේවල් වෙන වෙනම ලියා ගෙන කලින් විසදන්න ඕන පිළිවෙලට විසදා ගන්න

    විසදාගන්න අමාරු ප්‍රශ්න - විශ්වාසවන්ත අයගෙන් උපදෙස් ගන්න. අනෙක් අයට කියල නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
    නැතිනම් වෙන User Id එකකින් ත්‍රෙඩ් එකක් දාන්න

    විසදගන්න බැරි ප්‍රශ්න - ඊට වඩා ප්‍රශ්න තියෙන අය ගැන හිතන්න. ඒ අයට පුළුවන් උදව්වක් කරන්න. තමන්ගේ ප්‍රශ්නේ ගැන හිතීමෙන් වලකින්න . ඉබේටම ප්‍රශ්නේ අමතක වෙයි. විසදගන්න බැරි නම් ඒක ගැන හිතල වැඩක් නැහැනේ

     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    උදවු කරපු හැමෝටම පිං. මචංලා මට බුදු සෙට් එකක් ඉන්නවා. මොක නැතත් උන් ටික මං ගැන දන්න නිසා මම මොනවා කලත් උන් ටික මාව අතාරින්නෙ නෑ. ( අමාරුවෙන් හරි ආශ්‍රය කරනවා ). ඒත් බං හැමදාම මේක මගෙ හැටි කියලා ඉන්ඩ බැරි නිසයි මම පෝස්ට් එකක් දැම්මෙ. මම කන්ට්‍රෝල් කරන්න ෆුල් ට්‍රයි එක දෙනවා. නැතිනම් ඔය කියපු විදිහට psychiatrist කෙනෙක්ව හම්බ වෙනවා.
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බණ්ඩාර නිළමෙ;13933356 said:
    උදවු කරපු හැමෝටම පිං. මචංලා මට බුදු සෙට් එකක් ඉන්නවා. මොක නැතත් උන් ටික මං ගැන දන්න නිසා මම මොනවා කලත් උන් ටික මාව අතාරින්නෙ නෑ. ( අමාරුවෙන් හරි ආශ්‍රය කරනවා ). ඒත් බං හැමදාම මේක මගෙ හැටි කියලා ඉන්ඩ බැරි නිසයි මම පෝස්ට් එකක් දැම්මෙ. මම කන්ට්‍රෝල් කරන්න ෆුල් ට්‍රයි එක දෙනවා. නැතිනම් ඔය කියපු විදිහට psychiatrist කෙනෙක්ව හම්බ වෙනවා.

    :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    කෙලින්ම පලයන් psychiatrist doctor කෙනෙක් හම්බෙනඩ පලයන්. ආය අත්දැකීමෙන් කියන්නේ. ඕව මචන් උපදේශනෙන් විතරක් නෙමෙයි, බෙහෙතුත් තියෙනවා මොලේ chemical වෙනස් කරලා ඔයවගේ ඒවා පාලනය කරන්නඩ. උපරිම සති 2 ක් 3 ක් යයි. තිතටම හරියනවා.
    හිතන්ඩ එපා psychiatrist ලා හම්බෙන්ඩ යන්නේ පිස්සෝ විතරයි කියලා. ලජ්ජා නැතුව යමන්.

    100% ture macho
     

    zod

    Member
    Nov 7, 2012
    129
    4
    0
    ayyo mama job keyak nam karada.............pitaratath gihilla Indian karayoi Mlabari ape awun ekkai walima tamai................eth ban mama tama innawane.........hitan epa oya gana
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    පලමුවෙන්ම කියන්න තියෙන්නෙ කේන්ති එන බවත් ඒක නැතිකර ගන්න ඕන බව වැටහීමම ඔබට එයින් මිදීමට අවශ්ය 1 වැනි පියවර ඔබ පසුකර ඇති බවයි. ඔබ මේ ත්‍රෙඩ් එකේම සමහර අය දාල තියන උපදෙස් පිලිපදින්න. ඕක නැතිකර ගන්න පුලුවන්...