තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය

    මරාගෙන මැරෙන්නයි ගියේ ඒත් ගමේ පෙම්වතිය නිසා අදහස වෙනස් වුණා කොට්ටාවේ තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය


    kj.fw_-83-326x235.jpg

    කොට්ටාව හොරණ පාරේ නිවසකදී තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණිය ඝාතනය කළ බව කියන ඇගේ පෙම්වතා පෙරේදා පොලිසියට භාර වීමෙන් පසු එම ඝාතනය සිදු කළ ආකාරය ගැන පාපොච්චාරණයක් සිදු කර තිබේ.
    මින් පෙර සීසීටීවී දර්ශන ඔස්සේ පොලිසිය සොයාගත් තොරතුරු සනාථ කරමින් ඔහු ඝාතනය සඳහා පූර්ව සූදානමින් සිද්ධියට පෙර දින නිවසේ බැල්කනියේ සැඟව සිටි අයුරුද එහිදී හෙළි කර ඇත.
    මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු සිද්ධිය වූ දිනට පෙර දින තරුණිය හා එම නිවසේ අය හමුවීමටද පැමිණ ඇති අතර එහිදී බහින්බස්වීමක්ද සිදුව ඇත.

    තරින්දි සමග වසර දෙකක් තිස්සේ සබඳතා පවත්වමින් විවාහවීමට සූදානමින් සිටි මෙම තරුණ ව්‍යාපාරිකයා
    තරින්දිට හොරා මාතර හක්මන ප්‍රදේශයේ වෙනත් තරුණියක හා සම්බන්ධතාවයක් පවත්වායාමත් එය හසුවීමෙන් පසු එකී තරුණියට දුරකථනයෙන් තොරතුරු දන්වා එය බිඳ වැටෙන තැනට වැඩ සිදුකිරීමත් මෙම බහින්බස්වීමට මුල්වී ඇත.

    රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරමින් සිටි තරින්දි එය නිම කර ජපානයේ වැඩිදුර අධ්‍යාපනයට යාමට සූදානමින් සිට ඇත්තේ මොහුවද විවාහ කරගෙනයි. නමුත් පසුගිය මාස කිහිපයේ වාර්තාවූ වෙනස්වීම් නිසා ඇයගේ සැලසුම් අවුල්ව යාම ගැන ඇය දිගටම මොහුට දොස්පවරා ඇත.
    කෙසේ වෙතත් තමාගේ පුද්ගලික ජීවිතය අවුල් කර දැමීම ගැන තරින්දිට බැණ වැදුණ තරුණයා අධික කෝපයෙන් යුතුව එදින සවස නිවසින් පිටත්ව යාමෙන් පසු ඇය මරාදමන තරම් කෙත්න්තියක් පහළවී තිබෙන අතර ඇය මරාගෙන තමාද මියයායුතු යයි කල්පණා කර තිබේ.
    ඒ සඳහා තවත් පමා විය යුතු නැති බව කල්පණා කළ හෙතෙම පිහියක්ද රැගෙන රාත්‍රිය වනතුරු බලා සිට නිවස අසළට රහසේම පැමිණ තාප්පයෙන් පැන තුන්වන මහලේ බැල්කනියේ සැඟවී ඇත්තේ පසුදා තරින්දි මරාදමන අදහසිනි.
    එදා එළිවනතුරු බැල්කනියේ මුල්ලකටවී නින්දක් නොලබා සිටි තමා උදෑසන නිවසේ කටයුතු සිදුවන ආකාරය දැන සිටි බැවින් වේලාව බලමින් තරින්දි තනිව හමුවීමට මාන බලමින් සිට ඇත.

    තරින්දි ගේ මව සහ පියා කොට්ටාව හොරණ පාරේ නිවසට යාබදව පිහිටි ඔවුන් සතු “රංජිත් ස්ටෝස්” වෙත පිටත්ව යන වේලාව මෙන්ම නැගණිය පාසල් වෑන් රියෙන් පාසලට යන වේලාව ඔහු දැන සිට ඇත.
    අනතුරුව උදේ 9 පමණ වනවිට ඇය ඇගේ කාමරයේ සිටින බව තමා දැනගත් බවත් ඒ අනුව පහළට බැස නිවසේ දොරකින් ඇතුළුවී තරින්දි හමුවට ගිය බවත් පොලිසියට පවසා ඇත.
    නිදන කාමරය වෙත ගිය තරුණයා තරින්දිට සියලු දේවල් විස්තර කරදුන් බවත් ඒ වෙලාවෙත් ඇය ඔහුව හෙළාදකිමින් බැණ වැදුණ
    බවත් පාපොච්චාරණයේ සඳහන්වේ. තමා සඟවාගෙන පැමිණි පිහියෙන් ඇගේ ශරීරයේ ගෙල හා අනෙකුත ස්ථානවලට ප්‍රහාර එල්ල කරන ලද්දේ ඒ අනුව බව හෙතෙම සඳහන් කර තිබේ.

    ඇය ලේ විලක් මැද මියගිය බිහිසුණ දසුන දකිමින් ටික වේලාවක් නිවසේ සිටි තමාද සිය දිවි නසාගන්නට කල්පණා කර ඊට පෙර ගමේ සිටින පෙම්වතියට දුරකථන ඇමතුමක් ගත් බවත් ‘මං තරින්දිව මැරුවා – මාත් මාරෙනවා‘ යයි දැන්වූ බවත් පොලීසියට භාර වූ සැකකරු පාපොච්චාරණය කර ඇත.

    ද්විත්ව ප්‍රේම හුටපටය නිසා ඔහු සමග විරසකව සිටි ගමේ පෙම්වතිය ඒ අසා කලබලවූ නමුත් තමාට බැණ නොවැදුණ බව පැවසූ තරුණයා එම අවස්ථාවේ තමාව අස්වසමින් ඔයා ජීවිතේ නැති කරගන්න එපා යයි දැන්වූ බවත් ඇගේ කාරුණික වචන නිසා බලාපොරොත්තු ඇතිවූ නිසා ජීවිතය නැති කරගැනීමේ අදහස අත්හළ බවත් දන්වා ඇත.

    පොලීසියට භාර වූ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඊයේ (25) හෝමාගම රෝහල වෙත ඉදිරිපත් කර තිබෙන අතර පසුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.
    හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමහේවා පටබැඳිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවේ.



    උපුටාගැනීම
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    දැන් ඉතින් ලැගපන්කෝ කුඩුවට වෙලා ජිවිතේ ඉතුරු කාලේ :sorry::sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    na bun kellage amma
    api oya kadeta yanawane badu ganna

    උඹ ඒ.. කිට්ටුවද මචං.....
    මොනව වුනත් මේ කෙල්ල පරිස්සම් කරගන්න බැරිවුනා කොච්චර මිළ මුදල් තිබ්බත් අම්මයි තත්තයි දෙන්නම කඩේට යන්නෙ නැතුව එක්කෙනෙක් ගියානම් ඉවරයි... දරුවෙක් ඔය තරම් උස්මහත් කරන්න දෙමවුපියො කොච්චරනම් දුක් විඳිනවද...? පව් කොච්චර වුනත්,
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට ගමේ කෑල්ලක් තියාගෙනද තව කෑල්ලකට මෙහෙම කරල තියෙන්නෙ
    ඕක දැනටමත් රිමාන්ඩ් නේද..
    සලකනව ඇති සැලකිල්ලක්.. (කෙල්ලට පිහි පාරවල් 23ක් ඇනල යකෝ)
     

    AnuradhaRa

    Well-known member
  • උඹ ඒ.. කිට්ටුවද මචං.....
    මොනව වුනත් මේ කෙල්ල පරිස්සම් කරගන්න බැරිවුනා කොච්චර මිළ මුදල් තිබ්බත් අම්මයි තත්තයි දෙන්නම කඩේට යන්නෙ නැතුව එක්කෙනෙක් ගියානම් ඉවරයි... දරුවෙක් ඔය තරම් උස්මහත් කරන්න දෙමවුපියො කොච්චරනම් දුක් විඳිනවද...? පව් කොච්චර වුනත්,

    මැරුණට දුක නෑ. පිහි පාරවල් 23ක් කනකොට මොන වේදනාවක් උහුලන්ඩ ඇත්ද
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ගෙදර සී සී ටීවී තිබිලත් මුන්ට බැරි උනාත රැ ජාමෙ කවුද යන්නෙ එන්නෙ කියලා සර්ච් එකක්වත් දෙන්න ? අඩුම ගනෙ පුරුද්දක් විදියට තමන්ගෙ ගෙදර රෙකොර්ඩ් වෙච්ච සී සි ටිවි දර්ශන බලන්නෙ නැද්ද ? ගෙදර ඉඳලා තියෙන්නෙ අන්දකයිප්පු කාපු එවුන් ද ?
    අච්චර සිකියුරිටි සිස්ටම් තිබ්බ ගෙදර අරු ඇවිත් දවසක් තිස්සෙ හැංගිලත් ඉඳලා .
     

    AnuradhaRa

    Well-known member
  • විත්ව ප්‍රේම හුටපටය නිසා ඔහු සමග විරසකව සිටි ගමේ පෙම්වතිය ඒ අසා කලබලවූ නමුත් තමාට බැණ නොවැදුණ බව පැවසූ තරුණයා එම අවස්ථාවේ තමාව අස්වසමින් ඔයා ජීවිතේ නැති කරගන්න එපා යයි දැන්වූ බවත් ඇගේ කාරුණික වචන නිසා බලාපොරොත්තු ඇතිවූ නිසා ජීවිතය නැති කරගැනීමේ අදහස අත්හළ බවත් දන්වා ඇත.

    තවත් එක ගොන් හරකියක්.. කොල්ලො මත්තෙ නහිනඩම උපන් ජාතියක් :angry:
    තුඃ නොදකිං
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උඹ ඒ.. කිට්ටුවද මචං.....
    මොනව වුනත් මේ කෙල්ල පරිස්සම් කරගන්න බැරිවුනා කොච්චර මිළ මුදල් තිබ්බත් අම්මයි තත්තයි දෙන්නම කඩේට යන්නෙ නැතුව එක්කෙනෙක් ගියානම් ඉවරයි... දරුවෙක් ඔය තරම් උස්මහත් කරන්න දෙමවුපියො කොච්චරනම් දුක් විඳිනවද...? පව් කොච්චර වුනත්,

    ඔව් බන් පයින් යන දුර
    එක තමයි බන් ඒ අන්කල් ඇන්ටි දවස පුරාම කඩේ
    ඇන්ටි කට නම් මාර සැරයි හැබැයි හරි හිත හොදයි
    පව් මේ නොදරුවො ඔයිට වඩා ටිකක් හොයන්න තිබ්බ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ගෙදර සී සී ටීවී තිබිලත් මුන්ට බැරි උනාත රැ ජාමෙ කවුද යන්නෙ එන්නෙ කියලා සර්ච් එකක්වත් දෙන්න ? අඩුම ගනෙ පුරුද්දක් විදියට තමන්ගෙ ගෙදර රෙකොර්ඩ් වෙච්ච සී සි ටිවි දර්ශන බලන්නෙ නැද්ද ? ගෙදර ඉඳලා තියෙන්නෙ අන්දකයිප්පු කාපු එවුන් ද ?
    අච්චර සිකියුරිටි සිස්ටම් තිබ්බ ගෙදර අරු ඇවිත් දවසක් තිස්සෙ හැංගිලත් ඉඳලා .

    ගෙවල් වල තියා බන් කඩේකවත් ඔය ෆුටේජ් බල්න්නේ නැ බන් ... :lol: