තරුණ දනවතුන් 10 දෙනා

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    තරුණ දනවතුන් 10 දෙනා

    10. අරාශ් ෆර්ඩෝසි.


    ArashFerdowsi1.jpg


    වයස – 29
    ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 400
    මොහු ඩෲ හූස්ටන් එක්ක එකතු වෙලා ඩ්‍රොප් බොක්ස් කියන කොම්පියුටර් වැඩසටහන හැදුවා. ඇමරිකාවේ උසස්ම විශ්ව විද්‍යාලයක් වන මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යාලයේ තමා මොහු ඉගෙනගත්තේ. ඒත් උපාධිය ඉවරකරන්න කලින් ඔහු විශ්ව විද්‍යාලයට යන එක නවත්තලා ඩ්‍රොප් බොක්ස් එක නිර්මාණය කරන්න පටන්ගත්තා. දැනට ලෝකේ වටේ මේ වැඩසටහන මිලියන 45කට වැඩි මිනිස්සු ප්‍රමාණයක් පාවිච්චි කරනවා.

    9. ඩෲ හූස්ටන්.


    drew_400x400.jpg


    වයස – 31
    ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 600
    මෙයත් ඉගෙනගත්තේ මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යාලයේ. මොහුට නිතරම එයාගේ ෆ්ලෑශ් ඩ්‍රයිව් එක ගෙනියන්න අමතක වෙන එකෙන් තමා ඔහු ඩ්‍රොප් බොක්ස් එකට අදහස ආවේ. 2007දී ඔහු ඩ්‍රොප් බොක්ස් එක හොයාගෙන අරාශ් ෆර්ඩෝසි එක්ක ඒ වැඩසටහන දියුණු කලා.

    8. කෙවින් සිස්ට්‍රොම්.


    1112_kevin-systrom-social_335x366.jpg


    වයස – 31
    ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 470
    ඉන්ස්ටග්‍රෑම් වල එක නිර්මාතෘවරයෙක් වන මොහු ඉගෙනගත්තේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ. ඔහු ඊට් පස්සේ ගූගල් වල වැඩ කරන්න පටන්ගත්තා.
    ගූග්ල් සමාගමේ ගොඩක් ඉහල තත්වයට පත් වුනාට පස්සේ මොහු මිශෙල් ක්‍රීගර් එක්ක එකතු වෙලා 2010දී ඉන්ස්ටග්‍රෑම් හොයාගත්තා.

    7. ඇඩම් ඩී ඇන්ජෙලෝ.


    hlT0oR0m_400x400.png


    වයස – 31
    ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 680
    කැලෆෝනියා තාක්ෂණික විද්‍යාලයෙන් කොම්පියුටර් විද්‍යාවෙන් උපාධියක් ගත්ත මොහු ඉස්සලම වැඩ කලේ ෆේස්බුක් වල. ෆේස්බුක් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා හැටියට පත් වුන මොහු පසුව කෝරා කියන ප්‍රශ්න උත්තර වෙබ් අඩවිය හොයාගත්තා.

    6. ක්‍රිස් හියුස්.


    chris_hughes-2.jpg


    වයස – 32
    ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 935
    ෆේස්බුක් හොයාගැනීමට මුල් වුන පුද්ගලයන් හතරදෙනාගෙන් එක්කෙ වනෙක් තමා මොහු. හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්ත මොහු ෆේස්බුක් සමාගමෙන් ඉවත් වුනාට පස්සේ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ පළමු ජනාධිපතිවරණයේ අන්තර්ජාල ව්‍යාපාරය බාරව හිටියා. දැන් මොහු නිව් රිපබ්ලික් කියන සඟරාවේ සංස්කාරක කර්තෘ හැටියට වැඩ කරනවා.

    5. ඇල්බර්ට් වොන් තර්න්.


    albert-prinz-thurn-taxis56.jpg


    වයස – 33
    ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 1.5
    ජර්මානු රාජකීය පවුලකින් එන මොහු රොමයේ තමා ඉගෙනගත්තේ. ඊට් පස්සේ හමුදාවේ සේවය කරලා එඩින්බර්ග් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගත්තා. ඔහු විනෝදයට වාහන රේස් වලට සහභාගි වෙනවා.

    4. එඩුආර්ඩෝ සැවරින්.


    13-1n013-facebook1-ta-300x300.jpg


    වයස – 34
    ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 2.2
    ෆේස්බුක් සොයාගැනීමට මුල් වුන තවත් කෙනෙක් තමා මොහු. බ්‍රසීල ජාතිකයෙක් වෙන මොහු හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. ෆේස්බුක් වල ඔහුගේ කොටස වෙනුවෙන් අනෙක් තුන්දෙනා එක්ක සටන් කරලා අන්තිමට සමාගමෙන් 5% කොටසක් ලැබුනා.

    3. ස්කොට් ඩන්කන්.


    Scott-Duncan.jpg


    වයස – 34
    ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 5.1
    මොහුට ධන්වත් වුනේ ඔහුගේ පියාගේ මරණයෙන් පස්සේ ඔහුට උරුම වුන සල්ලි වලින්.

    2. ඩස්කින් මොස්කොවිට්ස්.


    Dustin-Moskovitz-_2664067b.jpg


    වයස – 32
    ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 3.5
    හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මොහු ෆේස්බුක් සමාගමේ තවත් නිර්මාතෘවරයෙක්. ඔහු ෆේස්බුක් වල පළමු ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වශයෙන් කටයුතු කලා. 2008දී ඔහු ෆේස්බුක් වලින් ඉවත්වෙලා අසානා කියන මොබයිල් ඇප් එක හොයාගත්තා.

    1. මාක් සකර්බර්ග්.


    mark-zuckerberg-donates-25-million-fight-ebola.jpg


    වයස – 32
    ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 13.3
    ෆේස්බුක් වල ප්‍රධාන නිර්මාතෘවරයා වගේම වර්තමාන ප්‍රධාන විධායක නිලධාරිය හැටියට කටයුතු කරන්නේ මොහු. හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගන්න පෙර මොහු අස්වුනා. ඒත් අධ්‍යාපනය ගොඩක් අගය කරන පුද්ගලයෙක් වෙන මාක් ඇමරිකාවේ දුප්පත් ළමයි වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් විශාල ප්‍රමාණයක්ට උදව් කරනවා.



    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:yes::yes::shocked::lol:
     
    • Like
    Reactions: SLCRI

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ මේක පල උනා බන් ඔය ලිපිය:nerd: ඊයේ පෙරෙයිද වගේ හොඳටම කරක් ගැහුවා :yes:
    ගෙඩි පිටින් මේක මයි තිබ්බේ :dull: