තරුණ මල්පබා (ගීයක අරුත)
කලාව කියන්නේ හරි අපූරු දෙයක්.ගීත කියන්නේ ඒ කලාව තුල තියෙන අපූරුමයන් වලින් උඩින්ම තියෙන දෙයක්.ගීත වලට ජාති ආගම් කුල බේද භාෂා භේද නෑ.ඒකනේ අපිට තේරුම් ගන්න බැරි උනත් පිට්බුල්ගේ එමිනේම්ගේ රැප් තියෙන ගීත අහන්නේ.හින්දි ගීත අහන්නේ.
මම කොම්ඤ්ඤ වීදියේ අවුරුද්දකට විතර කලිං වැඩ කරද්දි හොඳ වැඩක් උනා.මං වැඩ කරද්දි මගෙ සපෝර්ට් එකට අළුතෙන් සයිට් එකට ආපු කිලිනොච්චියේ පොඩි කොල්ලෙක් ගත්තා.පොර මගෙත් එක්ක වැඩ කරද්ද්දී ටැමිල් සිංදුවක් කොයි වෙලාවෙත් මුමුන මුමුන ඉන්නවා.ඕක ඇහිලා ඇහිලම මටත් නිකං ඉන්න වෙලාවට ඕකේ මුල් පද දෙක තුන කියවෙනවා.හිතලා නෙවෙයි ඉබේටම වාගේ.පස්සේ කාලෙක ටැමිල් පොර ගියා ඒත් මට සිංදුව කියවෙනවා.දවසක් මම නිකමට ඕකේ මුල් වචන දෙක තුන youtube එකේ sarch කලා.අප්පට බොල මෙන්න ltte video.
බැලින්නම් මේක ltte එකේ විරු උපහාර ගීතයක්.හරියට අපේ අන්තිම සටනේ වගේ.මෙච්චර දවසක් මං ආසාවෙන් කියව කියව ඉදලා තියෙන්නේ ltte රණවිරු උපහාර ගීයක්
.(දැං සිදුව නම් මතක නෑ හැබැයි ඕකේ තේරුම රෑට හීනෙන් බිම් බෝම්බ පෑගෙනවා පේනවා වගේ අදහසක්.මතක් උනොත් දාන්නම්
)තේරුම නොදැන උනත් විරුද්ධවාදින්ගේ ගීතයක් උනත් මටත් නොදැනීම මම කලාව රස විදලා
ගීත හැමෝම අහනවා.සමහරු හින්දි ගීත වලට ආසයි. සමහරු ඉංග්රීසි ගීත වලට සමහරු කොරියන් වලට.සමහරු සිංහල දෙමල ආදී විදියට.....
එක එක කෙනාගේ රසඥ්ඥතාව අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.හැබැයි ගීත වලට මම අකමැතියි කියන පුද්ගලයො නම් මට මීට කලින් හම්බ වෙලා නෑ.
ගීත තේරුම නොදැන්නවා උනත් රසවින්දනයට බාදාවක් වෙන්නේ නෑ.ඒකට උදාහරන නම් ගොඩක් දෙන්න පුළුවන්. කාලෙකට ඉස්සර ජනප්රිය උන කොලවරි ගීතය,ගැග්නම් ගීතය,බ්රොකන් ඒන්ජල්.
ඕනේනම් උදාහරන කන්දක් දෙන්න පුළුවන්.ඔය වෙනත් භාෂා වලින් තියෙන ගීත.ඔය සිංදු වල තේරුම දන්නෑ කිව්වොත් ඒක ඉතිං අරුමයක් නෙවෙයි.
හැබැයි අපි අහන සමහර සිංහල ගීත වල තේරුම නොදැන අපි ගීත රසවිදිනවා කිව්වොත් ඔබ පිලිගන්නවද?ඔව් සමහර ගීත අපි රස විඳිනවා ඒ ගීතයේ තේරුම නොදැන හෝ තේරුම වැරදි ලෙස වටහාගෙන.
ඒක රසවින්දනයට බාදාවක් නෙවෙයි.හැබැයි ඕකේ තේරුමත් දැන ගත්තනම් උපරිම රසවින්දනයක් ලබන්න පුළුවන් වේවි.මේ ඒ වගේ ගීතයක්.

වෙල ලඟ නල සමග තුටින
රණට දිලෙන දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
වී මල් පබා...
එකිනෙක ගෙන තාලයකට
රන් නටුවක අමුණාගෙන
මිහිකත හිස මත ඇති කෙස
සුළන් සැරෙන් පීරාගෙන
වී මල් පබා...
වප් මගුලට බුද්ධ බෝග
හැම අටු කොටු පිරීයන්
වසන්තයට ගී ගයන්න
කොවුල් රැලට අඬ ගහන්න
වී මල් පබා...
හෝව්......
පොඩ්ඩක් ඔහොම නතර වෙන්න.මොනවා ගැනද නැත්තම් කවුරු ගැනද මේ සිංදුවෙන් කියනවා ඇත්තේ? පොඩ්ඩක් නැවතිලා හිතන්න බලන්න.............

ගීතයේ ගායකයනම් අපි කවුරුත් දන්න වේරලියද්ද මහත්තයා.
රචකයා රූපවාහිනී සංගීත
අංශයේ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මීට මාස කිහිපයකට ඉහතදී අභාවප්රාප්ත උනු ශාන්ත්ත දෙශබන්දු මහතා.
සිංදුවෙන් කියවෙන්නේ මොකක් ගැන කියලද හිතුවේ ගමක ඉන්න ලස්සන තරුණ කෙල්ලක් ගැන කියලද?
එහෙම හිතුවනම් ඔබ වැරදියි.
මේ ගීතයෙන් කියවෙන් බාගෙට පැහිලා තියෙන තරුණ වී කරලක් ගැන.
පුදුමයි නේහ්. වී ඇට ටික ලස්සනට රත්තරං පාට නටුවක තියෙන හැටි,කරල උඩින් කෙස් රොද වගේ තියෙන බූව දේශබන්දු මහත්තයා අපිට වඩා වෙනස් විදියකට හරි අපූරුවට දැකලා තියෙන හැටි පුදුමයි නේ.
දැං තේරුම දන්න එකේ තව පාරක් ගීතය රසවිදින්න බලන්න.වෙනදට වඩා උසස් රසවින්දනයක් ලැබෙනවද බලන්න.
මෙන්න ගීතය බාගන්න
http://www.topsinhalamp3.com/songs/senanayaka-weraliyadda-mp3-songs/mal-paba-mp3-song.php
(ප.ලි. :මොකද්ද බොල මේ පොටෝ එකක් අප්ලෝඩ් කරද්දි දීලා තියෙන උපරිම සයිස් එක.100kb පොටෝ දැං බෙහෙතකටවත් හොයාගන්න තියෙනවද? දන්න එකෙක් GTR ට කියලා ඕක වැඩි කරලා දීපල්ලා.)

රචකයා රූපවාහිනී සංගීතඅංශයේ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මීට මාස කිහිපයකට ඉහතදී අභාවප්රාප්ත උනු ශාන්ත්ත දෙශබන්දු මහතා.

සිංදුවෙන් කියවෙන්නේ මොකක් ගැන කියලද හිතුවේ ගමක ඉන්න ලස්සන තරුණ කෙල්ලක් ගැන කියලද?
එහෙම හිතුවනම් ඔබ වැරදියි.
මේ ගීතයෙන් කියවෙන් බාගෙට පැහිලා තියෙන තරුණ වී කරලක් ගැන.
පුදුමයි නේහ්. වී ඇට ටික ලස්සනට රත්තරං පාට නටුවක තියෙන හැටි,කරල උඩින් කෙස් රොද වගේ තියෙන බූව දේශබන්දු මහත්තයා අපිට වඩා වෙනස් විදියකට හරි අපූරුවට දැකලා තියෙන හැටි පුදුමයි නේ.
දැං තේරුම දන්න එකේ තව පාරක් ගීතය රසවිදින්න බලන්න.වෙනදට වඩා උසස් රසවින්දනයක් ලැබෙනවද බලන්න.
මෙන්න ගීතය බාගන්න
http://www.topsinhalamp3.com/songs/senanayaka-weraliyadda-mp3-songs/mal-paba-mp3-song.php
(ප.ලි. :මොකද්ද බොල මේ පොටෝ එකක් අප්ලෝඩ් කරද්දි දීලා තියෙන උපරිම සයිස් එක.100kb පොටෝ දැං බෙහෙතකටවත් හොයාගන්න තියෙනවද? දන්න එකෙක් GTR ට කියලා ඕක වැඩි කරලා දීපල්ලා.)
Last edited:
හයියූ.....