තරුණ වීරයෙක්..! ''මෙතන නැතිනම් කොහිද? අද නැතිනම් කවදාද? මම නැතිනම් වෙන කවුද?''---
අලූත්ගමින් 15 දා ඇරඹී රට පුරා සංවිධානාත්මකව බුද්ධාගම බේරාගැනීමේ මුහුණුවරින් අවුලූවන ජාතිවාදී ගිනි ජාලාවට එරෙහිව පසුගිය 17 වෙනිදා සුචේත විජේනායක නම් තරුණයෙක් තනියම මෛත්‍රී භාවනාවේ යෙදුනේ බොදු බල සේනා මූලස්ථානය අසලය. මෙම ප්‍රවෘත්තිය 'ලංකා ඊ නිව්ස්' විසින් වාර්තා කිරීම මඳක් පමා වුවද එය අත් හල නොහැකි ප්රවෘත්තියකි.
තම සිරුර ඉදිරිපසින් සුචේත ප්‍රදර්ශණය කරමින් තිබූ පුවරුවේ 'අලූත්ගම බෞද්ධ ක්‍රියාවක් නොවේ' යනුවෙන් සඳහන් කර තිබිණ.
ඔහු පවසන්නේ බොදු බල සේනාව අලූත්ගමදී කළ ක්‍රියා බුද්ධාගම නොවන බවයි. බුද්ධාගමේ ගහපං මරපං කියා කොහේවත් නැති බවත් සම්මා සංකල්ප මත අනෙකාට මෛත්‍රී කිරීම එහි මුඛ්‍යාර්ථය වන බැවින් තමා බොදු බලසේනා අයටද මෛත්‍රී කරමින් ඔවුන් යහපත් අතට ගැනීමට මෙසේ මෛත්‍රී භාවනාවේ යෙදෙන බවත් පැවසීය. බොදු බල සේනා මූළස්ථානය ඉදිරිපිට මෙම ඒක පුද්ගල විරෝධතාවය සිදුකිරීමට තෝරා ගත්තේ ඇයිදැයි ඔහුගෙන් ඇසූවිට ඔහු අපූරු පිළිතුරක් දෙයි.
''මෙතන නැතිනම් කොතැනද? අද නැතිනම් කවදාද? මම නැතිනම් වෙන කවුද?''
රටේ වීරයන් කියා ගන්නා විවිධ අය නිදි වදිද්දී සුචේත විජේනායක සත්‍ය වශයෙන්ම ඔහුගේ නමටම ගැලපෙන පිරිසිදු චේතනාවන්ගෙන් යුක්ත විජය නායකයෙකි.
පිළියන්දල පදිංචි සුචේත විජේනායක කොළඹ රාජකීය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසැල්වල ආදි සිසුවෙකි. ඇමරිකාවේ ඔක්ලහෝමා සරසවියේ ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ උපාධිධරයෙකි. මේ යුගයේ තරුණ වීරයෙකි...!