තල්මස් නින්ද

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzA5NC8wNjUvb3JpZ2luYWwvU2xlZXBpbmctV2hhbGVzLURPLU5PVC1SRVVTRS5qcGc=

    මේ පහත ඡායාරූපයේ තිබෙන්නෙ නිදා සිටින තෙල්මන්ද තල්මසුන් (Sperm Whales ) කණ්ඩායමක්. ඉතාමත් මෑතක් වෙනකන් විද්‍යාඥයන් නිරීක්ෂණය කල තල්මස් විශේෂ දැක්වු හැසිරීම් රටාව තමයි අඩක් නිද්‍රාශීලි චර්යාව. නමුත් 2017 වර්ශයේදි තමයි තෙල්මන්ද තල්මසුන්ගෙ නිදා ගැනීමේ රටාවන් ගැන නිරීක්ෂණය වෙන්නෙ.

    අපි දන්නවා ⁣තල්මසුන් කියන්නෙ ක්ශිරපායි සත්ව කොට්ඨාසයක් බව. ඒ නිසා වරින් වර ඔවුන් මුහුද මතුපිටට මතු විය යුතුයි හුස්ම ගැනීම සඳහා. වෙනත් ඩොල්ෆින් සහ තල්මස් විශේෂ වල නිදා ගැනීමේ ක්‍රමෝපාය සකස් වෙන්නෙ පිහිනා යන අතරතුර ලබාගන්න අඩ නින්දක් ආකාරයට. ⁣මේ විශේෂ වල මොළයේ අර්ධයක් ක්‍රියාත්මක වන අතරතුර ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ ඇස විවරව පවතිනවා මේ පිහනා යෑමේදි. ඒක එහෙම වෙන්නෙ හුස්ම ගැනීම සඳහා වරින් වර මතුපිටට පැමිණිමත්, නින්ද ලබාගන්නා අවස්ථාවේදි සතුරු උවදුරක් පැමිණියොත් එය වටහා ගැනීමටත්.

    ඩොල්ෆින් විශේෂයන්, බෙලූගාස්, බොහෝ තල්මස් විශේෂ පෙරකී ආකාරයේ නින්දක් ලබාගන්නා විට තෙල්මන්ද තල්මසුන් මීට හාත්පස වෙනස් ක්‍රමයක් තමයි භාවිතා කරන්නෙ. ඒ තමයි මීටර් 10 - 15 ගැඹුරෙ කෙලින් අතට නිදා ගැනීම. අනෙක් විශේෂ අඩ නින්දක් ලැබුවත් තෙල්මන්ද තල්මසුන් නම් සම්පූර්ණ නින්දක් ලබන්නෙ. අවට පරිසරය ගැන අවධානයකින් තොරව ලබන මේ සම්පූර්ණ නින්ද පවතින්නේ විනාඩි 10 - 15 පමණ. මේ කාලයේදි හුස්ම ගන්න මතුපිටට පැමිණීමක් සිදුවෙන්නෙ නෑ. තෙල්මන්ද තලමසුන් ගැඹුරු මුහුදේ විශාල කාලයක් එක් හුස්මකින් රැඳී සිිටීමේ හැකියාව තිබෙන නිසා විනාඩි 10 -15 කියන්නෙ ඔවුන්ට එතරම් කාලයක් නෙමෙයි. මේ වගේ දිනකට සය වතාවක් පමණ මොවුන් නිදාගන්නවා.

    නිරීක්ෂකයන්ට අනුව දිනක කාලයෙන් 7% පමණ නින්දක් තමයි තෙල්මන්ද තල්මසුන් ලබාගන්නෙ. මේ නින්ද තමයි සත්වයෙකු ලබන අවම නින්ද. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ ජිරාෆ් සත්වයන්. එය 8% පමණ.

    රේප් බාරගනු ලැබේ :baffled:

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    පව් නේ ඒගොල්ලො :love:

    ඔවු
    මිනිස්සුන්ට නම් අඩුවෙන් නිදාගත්තම ඩිප්‍රෙශන් එනවා. ගොඩක දිගින් දිගට නිදාගන්නෙ නැතිව හිටියොත් පර්මනන්ට් බ්‍රේන් ඩැමේජ් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: AnuradhaRa