තල්මසුන්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්බර හින්දා තල්මසුන්ටත් දැන් මරණ තර්ජනලු..!!!


    තල්මහ ගැන නොදන්නේ කවුද නේද?? :)
    අපි පොඩි කාලේ තල්මස්සු ගැන තිබුන කතාමතකද??? :)
    ඕෂන් ගර්ල් කතාවේත් ඉන්නවා...ඇයි ෆී විලි....
    images
    images


    මොබි ඩික් හෙවත් සුදු තල්මසා කතා පොත...
    images

    දැන් ඒකෙන් පිල්ම් එකකුත් ගහලා!

    images

    ඒත් ලොකු වුනාට තල්මසුන්ටත් දැන් මරණ තර්ජනලු..:eek::eek::eek:
    ඒ වෙන මාලුවෙක්ගෙන් නම් නොවේ...:nerd:

    ඒ මිනිසාගෙන්ම තමා! :shocked:

    මේ අධික ලෙස තල්මසුන් මැරීම නිසා අනිවාර්යයෙන් ම කාලයකදී තල්මසාව කෞතුක භාණ්ඩයක් වේවි කියාලාත් හිතෙනවා!ලංකාවේ මුහුදු සීමාවෙත් තල්මස් දඩයට සිදුකරනුයේ අම්බර නමින් ඇති ද්‍රව්‍යක් ලබා ගැනීමටයි....මෙ ඉතා මිල අධික බවද කියනවා..ඒත් දැකලා නම් නැ!

    ඉතින් මම හිතුවා මේ තල්මසුන් ගැන හා ඔවුන් දඩයම කරන්නේ ඇයි කියාලා පොඩි දැනුවත් කිරීමක් කරන්න...
    එහෙනම් පටන් ගත්තා හරියෙයි... :)
    ඔයාලගේ අදහස් දාලාම යන්න...


    :):):):)

    මුලින්ම තල්මසුන් ගැන කියාලා ඉන්නම්....
    [FONT=Comic Sa.3 MS]තල්මස් වර්ග රාශියක් ඇති අතර බොහෝ දෙනෙකු
    ගැන මෙහි විස්තර වේ..
    [/FONT]​
    එයිනුත් දත් ඇති හා කෙදි මගින් ආහාර පෙරා ගන්නා තල්මසුන් ලෙසද දෙවර්ගයක් සිටි

    whales2.jpg


    කෙදි මගින් ආහාර පෙරා ගන්නා තල්මසුන්

    නිල් තල්මසා
    Blue whale

    images


    තල්මසුන්ගේ හා මිහිපිට ජිවත් වන විශාලම සත්වයායි...අඩි 108 වඩා නැතිනම් මීටර 33 පමණ වැඩෙන මේට්රික් ටොන් 180 බර වේ..අලු පාටට හුරු සමක් ඇත...ඇට්ලාන්ටික් පැසිපික් හා ඉන්දියානු සාගරවල දැකිය හැකිය...

    Fin whale
    ෆින් තල්මසා....
    නිල් තල්මසාට පසු විශාලම තල්මස් වර්ගය වේ...විශාල ලෙස දඩයම් කිරීම නිසා මේ වර්ගය වදවී යන තත්වයට පත්ව ඇත.

    Fin%20Whale%200072.jpg


    The Right Whale

    right_whale_drawing.jpg

    අඩි 60 දක්වා වර්ධනය වෙන අතර උපදින විටම අඩි 12 ක් පමණ වේ...හොදින් වැඩුනු සතකු ටොන් 60 පමණ බර වේ...ගැහැණු සතුන් වයස අවු 13 වන තෙක් පැටවුන් දැමීම සිදුනොකරයි.. අවුරුදු 3-4 වරක් පැටවුන් දැමීම සිදුකරයි...වර්ණයෙන් තද කලු පාට වුවත් ඇතැම් අවස්ථා වල සුදු වර්ණයද තැන්තැන් වල ඇත...

    sie Whale
    big_Sei-Whale01.jpg

    සි තල්මසාද ලෝකයේ ඹ්නැම මුහුදක දක්නට හැකිවේ...ගැඹුරු මුහුදේ ජිවත් වන අතරම අවුරුදු පතා වෙනත් මුහුදු වලට සංක්‍රමණයද වේ....වර්ග දෙකක් ද ඇත එනම් the northern sei whale සහ the southern sei whale ලෙසයි.

    Humback Whale
    Humpback_Whale_4.jpg

    සාමාන්‍යයෙන් මීටර 12-16 දක්වා වැඩේ..ආසන්න වශයෙන් බර කිලෝගැම් 36,000 ක් වේ..ලෝකයේ සැම මුහුදකම දැකිය හැකිවේ...ඔවුන් අවුරුද්දකට කිලෝමීටර 25000 පමණ සංක්‍රමණය වේ..ඉතා දැඩි ලෙසම දඩයම් කරනු ලබන තල්මසුන් වර්ගයයි..ඕස්ට්‍රෙලියාව හා නවසීලන්තය කැනඩාව ඇමරිකාව අසල මුහුදේ සුලභව දැකිය හැකිවේ...
    ඒ වාගේම කිසියම් ශබ්ද මගින් අදහස් හුවමාරුවක්ද මේ තල්මසා සිදුකරයි..
    එය
    whale song නම් වේ..


    අලු තල්මසා
    gray_whale.jpg

    ආහාර පෙරා වෙන්කර ගැනීමට විශේෂ වු සිදුරු දෙකක් ඇත. අඩි 45 ක් දක්වා වැඩෙන අතර ඔවුන් තම උපන් ප්‍රදේශයේ සිට අවුරුදු පතා ආර්ටික් සාගරයේ ඇලස්කාව දක්වා ගමන් කර පැටවුන් දැමීම සඳහා නැවත මෙක්සිකෝව ආසන්නයේ මුහුදු සිමාවට පැමිනේ... මෙය ඔවුන් සතු විශේෂත්වයකි...ඒ සඳහා සැම අවුරුද්දකටම සාමාන්‍ය යෙන් සැතපුම් 12500 නැතිනම් කිලෝමීටර 20100 පමණ පිහිනීම සිදුකරයි..
    Bowhead whale
    images

    විශාල තල්මසකු වන මෙම තල්මසාට ඉතා විශාල වු කටක් සහිත නිසා මෙම නම කියනු ලැබේ! මීටර 20 ක් පමණ දිග ටොන් 136 පමණ ආසන්න ලෙස බරවේ..කට ඇරගෙන පිහිනීම කරන අතර ආහාර පෙරා ගෙන වතුර පිටකරනු ලබයි..
    Bryde's whales
    qf3181-D-brandon_cole_brydes_whale_and_photographer_underwater.jpg

    සැම මුහුදකම දැකිය හැකිවේ..ලොව පුරා මේ වර්ගයේ තල්මසුන් 25000 ආසන්නව ඇති සඳහන් වේ.

    Minke Whale
    minke-whale-breaching.jpg

    කෙදි මගින් ආහාර වෙන කරගන්නා තල්මසුන් අතරින් කුඩාම තල්මසා වේ...මුලු ලෝකය පුරා සාගර වල විහිද ඇත... එහේත් ජපානයේ මෙම තල්මසුන් වැඩි වශයෙන් දඩයම් කරයි. මීටර 08 දිගින් වේ. අලු සුදු හා කලු සුදු වර්ණ වලින් යුතු වේ..

    දත් ඇති තල්මසුන්
    The Beluga,
    උතුරු ඇමරිකාවේ ආර්ටික් සාගරයේ ජිවත් වන අතර නිකුත් කරනු ලබන ශබ්දයක් මගින් අදහස් උනුන් අතර හුවමාරු කර ගනී

    beluga.jpg


    Pilot whales
    images


    පොදුවේ සැම මුහුදකම හා විහිදි ගිය තල්මස් වර්ගයයි.නවසිලන්තය..නොර්වේ ඕස්ට්‍රේලියාව හා රටවල් රැසක මුහුදු වල දැක ගත හැකිය....

    Killer whales
    ටිවි වැඩසටහන් මගින් ජනප්‍රිය වු තල්මස් වර්ගයයි..

    orca.jpg

    මේ තල්මසාට දත් 03 ක් ඇති අතර ඒවා රවුම් හැඩති වේ....ඉතා කුඩා කන් ද ඉතා හොද පෙනීමක් හා රංචු වශයෙන් ගැවසී ආහාර දඩයම් කිරීම සිදුකරයි..සැතපුම් 30 දුරක් පැයකට පිහිනීම සිදුකරයි..

    Sperm Whale
    ලොව පුරාම මුහුදු වල දැකිය හැකිය..අඩි 67 ක් මිටර 20.5 දක්වා වර්ධනය වේ...ඒ වාගේම දත් ඇති ලොව විශාලම සත්වයාද ස්ප්‍රර්ම් තල්මසායි...ඉතා විශාල හිසක් ඇති සම කලු දුඹුරු පාටට හුරු සමක් සහිත වේ....

    spermwhale.jpg


    තල්මසුන් දඩයම් කරන්නේ ඇයි??
    :eek::eek::eek::eek:

    whale_hunting_04_preview.jpg

    තල්මසුන් දඩයම ගැන මුල් කාලයේ සදහන් වන්නේ 11 සියවසේ සිටි බාසක නම් ග්‍රෝත්‍රිකයන් බිස්කේ බොක්ක අසල තල්මස් දඩයමත් සමගයි.. තල්මසුන්ගේ තෙල් සඳහා ඔවුන් දඩයම විශාල වශයෙන් සිදුකරනු ලබයි..
    ඒ සඳහා ජිවිත පුජා කරන තල්මස් වර්ගයන් ලෙස
    බේලින් තල්මසා...
    නිල් තල්මසා...
    පින් තල්මසා
    හැම්ප්බෑක්
    හා සී
    ස්ප්ර්ම්
    තල්මස් වර්ගද මේ අතරින් විශේෂයෙන් ස්ප්ර්ම් නැමති තල්මසාගෙන් ගන්නා තෙල් Sperm oil ලෙස හදුන්වයි.
    53592544_2e6302df39.jpg

    ආර්ටික් සහ ඇන්ටාර්ටික් සාගර වල වසන්ත හා ගිම්හාන කාලවල තල්මසුන් විශාල ලෙස දඩයම් කරන්නේ එම කාලවලදි ඔවුන් වැඩිපුර ආහාර ගන්නා නිසා වැඩිපුර තෙල් ඇති නිසාය....
    සඳහන් වෙන විදියට නම් හොදින් වැඩුනු නිල් තල්මසකුගෙන් ලීටර 19080පමණද,
    ස්පර්ම් තල්මසකුගෙන් ලීටර 7950 ද තෙල් ලබාගත හැකිලු....:eek::eek:
    19 සියවසේ දී නම් තෙල් වලින් කරන්නා වු සියලුම කාර්යයන් සඳහා තල්මස් තෙල් යොදා ගැනීම නිසා ඉතා වැඩි වශයෙන් දඩයම සිදුකර ඇත.. පසු කාලයේ එනම් 1946 දි තල්මස් දඩයම පාලනයට ජාත්‍යන්තර තල්මස් දඩයම් කිරීමේ කොමිසම (International Whaling Commission)
    international-whaling-commision-150x122.png


    ආරම්භ කල අතර එයද නිසි ආකාරයකින් ක්‍රියාත්මක නොවු අතර අද වන විට නිල් තල්මසුන් ඉතා දුර්ලභ සත්ව කොට්ඨාසයක් බවට පත්ව ඇත.
    :shocked::shocked::shocked::shocked:

    අන්තිමටම ආස කරන සිංදුවක් දාන්න හිතුනා
    මේකත් තල්මහෙක් ගැන!
    අහල අති නේ... :eek:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    අම්බර හින්දා තල්මසුන්ටත් දැන් මරණ තර්ජනලු..!!!

    හොඳ විස්තරයක් මචන්. ඇත්තටම ඔය තෙල් ගන්නේ තල්මසාගේ ඇඟේ කොහෙන්ද?
     
    Last edited: