තල්මසෙක් විසින් ගිල දැමූ තරුණයා දිවි බේරා ගනී (වීඩියෝ)

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    තල්මසෙකු විසින් තරුණයෙකු සමග බෝට්ටුවක් ගිල දමා යළි එම තරුණයා සහ බෝට්ටුව නිරුපද්‍රිතව පිටතට දැමූ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

    මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 23ක තරුණයෙක්.

    අදාළ තරුණයා සිය පියා සමග චිලී හි මුහුදු තීරයක බෝට්ටු පදිමින් සිට ඇති අතර එහිදී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් තල්මසා විසින් තරුණයාව ක්ෂණිකව ගිලදමා නිරුපද්‍රිතව මුදාහරින ආකාරය ඔහුගේ පියා විසින් වීඩියෝ ගතකර තිබෙනවා.

    අදාළ තරුණයා මාධ්‍ය වෙත දැක්වූයේ මෙවන් අදහසක්,
    "මම යම් දෙයක මුඛය තුළ සිටින බව මට වැටහුණා, සමහර විට එය මාව අනුභව කර ඇති බවත්, ඒ මුහුදු රකුසෙක් විය හැකි බවත් මම තත්පරයක් ගත කළා, මම ඇස් පියාගත්තා, ආයෙත් ඇස් ඇරලා බැලුවම මට තේරුණා මම තල්මසාගේ කට ඇතුලේ ඉන්නවා කියලා, මගේ මුහුණේ සෙවල ගතියක් ඇති බව මට දැනුණා..''

     
    • Like
    Reactions: Asmodeus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    අපො ආපහු නම් තල්මස්සු බලන්න යන්නෙ නෑ
     

    gama22

    Well-known member
  • අනුරය අහු උනොත් නම් පිනොකියෝ කියලා හිතල ක්ෂණික ගිලිනව :baffled:
    img_1_1739553318568.jpg

    Happy වලා ටයින්............