තල්මහ දඩයම සීමා කිරීමේ උත්සාහය සාර්ථක වේ&#3503

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    තල්මහ දඩයම සීමා කිරීමේ උත්සාහය සාර්ථක වේ&#3503

    තල්මහ දඩයම සීමා කිරීමේ උත්සාහය සාර්ථක වේද?

    සාගරයේ ජීවත් වන ජීවීන් වුවත්, තල්මහ මිනිසා ගේ නොමඳ අවධානයට ලක්‌ වී ඇති සත්ත්ව කාණ්‌ඩයකි. ඒ හුදෙක්‌ ඔවුන් අප ද අයත් වන ක්‌ෂීරපායි කාණ්‌ඩයට අයත් වන නිසා ම නො ව ඔවුන් මෙලොව වසන විශාලතම ජීවී විශේෂ අතර වන නිසාත් බුද්ධිමත් සත්ත්වයකු ලෙස සැලකෙන නිසාත් ය. තල්මහ අයත් වන සිටේසියා කුලයට ඩොල්ෆින් විශේෂ ද ඇතුළුව විශේෂ 88ක්‌ පමණ අයත් වේ. මේ වන විට තල්මහ නැරඹීම සංචාරක ආකර්ෂණය ද දිනාගෙන තිබේ. යුද්ධය නිමා වූ පසුව අපේ රට ද දැන් තල්මහ නැරඹීම සඳහා සංචාරකයන් අතර යළිත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

    තල්මහ දඩයම හා එහි සැබෑ තත්ත්වය

    මිනිසුන් හා තල්මහ අතර සම්බන්ධතාව මෙන්ම තල්මහ දඩයමට ද සැලකිය යුතු අතීතයක්‌ හිමි ය. අතීතයේ පටන් තල්මහ දඩයම් කරන ලද්දේ ප්‍රධාන වශයෙන් මස්‌ ලබා ගැනීම හා තෙල් වැනි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ය. වෙරළබඩ පිහිටා ඇති රටවල් ගණනාවක තල්මහ ගේ මස්‌ සාම්ප්‍රදායික ආහාරයකි. තල්මහ දඩයම වාණිජ කර්මාන්තයක්‌ ලෙස වර්ධනය වන්නේ 17වැනි සියවසේ පමණ සිට ය. එහි දී විශාල වශයෙන් දඩයම් කරන ලද බැවින් ඇතැම් තල්මහ විශේෂවල පැවැත්ම පවා තර්ජනයට ලක්‌ විය. මේ නිසාත් තල්මහ දඩයමේ දී අනුගමනය කෙරෙන කෲර ක්‍රියාමාර්ග නිසාත් මේ දඩයම් කිරීම නවතා දැමිය යුතු බවට පරිසර හා සත්ත්ව හිංසා විරෝධී අංශවලින් පැවසුණු අතර දැඩි විරෝධයක්‌ ද ඇති වීමට මේ තත්ත්වය හේතු විය.

    මේ තත්ත්වය හේතුවෙන් තල්මහ දඩයම පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති ජාත්‍යන්තර තල්මහ කොමිසම විසින් වාණිජ වශයෙන් තල්මහ දඩයම් කිරීම 1986 වර්ෂයේ දී තහනම් කරන ලදි. එහෙත් එහි ඇති අඩුපාඩු නිසා රටවල් කිහිපයක්‌ තවමත් තල්මහ දඩයමේ යෙදෙයි. නෝර්වේ රාජ්‍යය හා අයිස්‌ලන්තය තල්මහ දඩයම් කරන්නේ උක්‌ත තහනමට එකඟ නො වෙමිනි. ජපානයේ තල්මහ දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා කෙරෙන බව ප්‍රකාශ වී ඇත. ඇලස්‌කාවේ ඉනුයිට්‌වරුන් වැනි සාම්ප්‍රදායික ජීවන රටා ගෙවන ජනතාවට ද සීමිත තල්මහ ප්‍රමාණයක්‌ දඩයම් කිරීමට අවසර දී ඇත. මේ අනුව ලෝ පුරා වර්ෂයකට තල්මහ 2000කට අධික ප්‍රමාණයක්‌ මරා දැමේ.

    ජපානය තල්මහ දඩයම් කරන්නේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා බව කියතත් ඒවා අවසන් වන්නේ ආහාර ලෙස අලෙවි කිරීමෙන් බව රහසක්‌ නො වේ. පසුගිය දා Biology Letters සඟරාවේ පළ වූ ලිපියකින් මේ බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. ඒ අනුව ජපානය පර්යේෂණ සඳහා අල්ලාගත් තල්මහ මස්‌ කොරියාවේ සියෝල් හා ඇමෙරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නගරවල සුෂි ආපනශාලාවල අලෙවි කරන බව හෙළි වී ඇත. තල්මහ ගේ DNA ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයක්‌ වන අතර මෙහි දී අදාළ තල්මහ කුමන තල්මහ දඩයමක දී අල්ලා ගන්නා ලද්දේ ද යන්න පවා හෙළි කරගෙන තිබේ. CITES සම්මුතිය අනුව අන්තර්ජාතික වෙළෙඳාම තහනම් කර ඇති ආරක්‌ෂිත තල්මහ විශේෂ තුනක්‌ මේ අතර තිබීම බරපතල කරුණකි. මෙයින් පැවසෙන්නේ ද අනාගතයේ තල්මහ දඩයම පාලනය කිරීමේ අවශ්‍යතාවයි.

    තල්මහ දඩයම පාලනයට ඇති යෝජනා

    ජුනි මාසයේ දී පැවැත්වෙන තල්මහ කොමිසමේ වාර්ෂික රැස්‌වීමේ දී සාකච්ඡාවට ලක්‌ කිරීම සඳහා නිකුත් ව ඇති යෝජනාවලියක්‌ මේ වන විට සාකච්ඡාවට ලක්‌ වෙමින් තිබේ. ඉදිරි වසර දහයක කාලය සඳහා තල්මහ දඩයම පාලනය කිරීමට ගෙන ඇති යෝජනාවලියක්‌ වන එමඟින් කොමිසම උත්සාහ කර ඇත්තේ තල්මහ දඩයමට පක්‌ෂ හා විරුද්ධ පාර්ශ්වයන් යම් සමථයකට පැමිණීම ය. වර්තමාන තත්ත්වය තුළ දඩයම මුළුමනින් නවතා දැමිය නොහැකි බැවින් (ඇතැම් රටවලට එරෙහි ව කටයුතු කිරීමට බලයක්‌ නොමැති වීම නිසා) යම් සමථයකට පැමිණීම වැදගත් බව පැහැදිලි ය.

    ඒ අනුව දැනට තමන් විසින් ම නම් කරනු ලබන සීමා තුළ තල්මහ දඩයමේ යෙදෙන රටවලට දඩයම් කළ හැකි ප්‍රමාණය පිළිබඳව සීමා පැනවීමට නියමිත ය. ඒ අනුව උක්‌ත කාලය තුළ ජපානයේ තල්මහ දඩයම අද ප්‍රමාණයෙන් හතරෙන් පංගුවක්‌ පමණ දක්‌වා අඩු කිරීමට නියමිත ය. එසේ ම වෙනත් කිසිදු රටකට තල්මහ දඩයම් කළ නොහැකි වන අතර දැඩි නිරීක්‌ෂණ වැඩපිළිවෙළක්‌ ද අනුගමනය කිරීමට නියමිත ය. මේ ක්‍රියාවලිය සම්මත වුව හොත් තල්මහ 4000-18000 අතර ප්‍රමාණයක්‌ මරණයෙන් බේරා ගැනීමට හැකි බව කොමිසම පවසයි. මේ යෝජනාව ක්‍රියාත්මක වුව හොත් එහි ප්‍රගතිය පස්‌ වසරකට පසු සමාලෝචනයට ලක්‌ කිරීමට නියමිත අතර, තල්මහ ගහන පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වන තොරතුරු අනුව ලබා දී ඇති ප්‍රමාණ වෙනස්‌ කිරීමට ද හැකියාවක්‌ තිබේ.

    දැනටමත් මේ යෝජනාවලිය පිළිබඳව පක්‌ෂ-විපක්‌ෂ මත පළ වී ඇත. එය තල්මහ දඩයමට අනුග්‍රහයක්‌ ය යන අදහසින් ඇතැම් රටවල් හා පරිසර අංශ රැසක්‌ විරෝධය පළ කර සිටියි. ඒ දඩයමේ පූර්ණ තහනමක්‌ ඉල්ලා සිටින පිරිස්‌ ය. එහෙත් පවත්නා යථාර්ථය අනුව තමන්ට අවශ්‍ය පරිදි දඩයමේ යෙදෙන රටවල් සඳහා යම් සීමාවක්‌ පැනවීම වැදගත් බව කරුණු විමසිල්ලෙන් බලන විට පැහැදිලි වන කරුණකි. ඒ අතින් මේ යෝජනාවලිය කිසියම් වැදගත්කමක්‌ දරයි.

    එහෙත් ඒ සඳහා අදාළ රටවල් (තුන) මේ සඳහා කැමැත්ත දැක්‌විය යුතු ය. යෝජනාවලිය හමුවේ ඇති වඩාත් බරපතල අභියෝගය මෙයයි. තහනම නො තකා හා එහි අඩුපාඩුවලින් ප්‍රයෝජන ගෙන තල්මහ දඩයමේ යෙදෙන රටවල් තම හිතුවක්‌කාර දඩයම සීමා කිරීමට ගන්නා මේ උත්සාහය ගැන දක්‌වන ආකල්පය පැහැදිලි නැත. තම රටවලට සීමා පැනවීමට එරෙහි ව ජපානය වැනි රටවල් මින් පෙර ද කටයුතු කර ඇත. කෙසේ වෙතත් යෝජනාවලිය සම්මත වීමට අනෙක්‌ රටවල් ද කැමැති විය යුතු ය. යෝජනාවලිය සම්මත වීමට නම් දඩයමට පක්‌ෂ හා විපක්‌ෂ යනුවෙන් දැනටමත් කඳවුරු බෙදී ඇති කොමිසමේ අනෙක්‌ රටවල් ද ඊට කැමැත්ත දැක්‌විය යුතු ය. සියලු ස්‌වාභාවික සම්පත් සේ ම තල්මහ ගේ අනාගතය ද මිනිසුන් විසින් තීරණය කෙරෙන බව පැහැදිලි ය.
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    :(:(හ්ම්ම්.. ජපානෙ බෙහෙත් හදන්න කියල විශාල වශයෙන් දඩයම් කරනවා.. මේ සත්තු ලෝක උරුම.. නවත්තන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.:(:(