තවත් තලේබාන්වාදයකට
මූ ඒපාර මොකාටද එන්න හදන්නෙ
තවත් තලේබාන්වාදයකට ඉඩ නොදිය යුතුයි - විමල්
කවර හෝ ජාතික, ආගමික ගැටළුවකට වුවද විසඳුම් සෙවීමේදී ගහමරා ගැනීමෙන් තොරව ශීලාචාර සහ සාමකාමී ප‍්‍රවේශයක් තුළින් ඒවා විසඳාගත හැකි බවත් වඩා වැදගත් වන්නේ එකිනෙකාට එරෙහිව අවි අමෝරා නොගෙන මෙවැනි ගැටළු සාමකාමීව විසඳා ගැනීම බවත් ජාතික නිදහස් පෙරමුණ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අලූත්ගම හා බේරුවල අවට ප‍්‍රදේශය පුරා පැතිර ගිය ප‍්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ බලවත් සංවේගයට පත්ව සිටින බව විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
‘ආගමික සහජීවනය හා ජනකොටස් අතර සමගියට එරෙහිව කටයුතු කරන විදෙස් ආධාර ලබන ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක‍්‍රියාකාරීත්වය නතර කිරීමට වහාම පියවර ගත යුතු බව සහ ආගමික සංහිඳියාවට හා ජනකොටස් අතර සමගියට එරෙහි වන කවර ස්වරූපයේ සංවිධානයක් සම්බන්ධව වුව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවට’ වන යෝජනාවක් ජාතික නිදහස් පෙරමුණ පසුගියදා රට හමුවේ තබන ලද හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය තුළ අන්තර්ගත කරනු ලැබුවේද මෙවැනි කනගාටුදායක වාතාවරණයක් ඇති වීමේ ඉඩකඩ අහුරාලීම සඳහා වන කඩිනම් ප‍්‍රවේශයක් ලෙසය.‘ යන්න එම නිවේදනයේ දැක්වේ.
ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණයට අර අදින බටහිර බලවේගවල උවමනාව වී ඇත්තේ සිංහල බෞද්ධ ජනතාව සුළු ජන කොටස්වල මත නොඉවසන ආවේගශීලී ලෙස කටයුතු කරන ජනතාවක් බව ලෝකය හමුවේ පෙන්වා දීමට බවත් එසේම කවර ආගමකවත් තලේබාන්වාදයකට ඉඩ නොතැබිය යුතු බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.