තවත් සංවේදී කතාවක්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    තවත් සංවේදී කතාවක්

    ඇය හිරුෂි දිනුෂිකා හංසිනී.
    මේ අවුරුද්ද ලබලා මාස කීපයක් ගත වෙද්දී ඇය තුළ තිබුණේ බලා‍පොරොත්තු ගොඩක්.
    ඒ අතර තිබුණු ප්‍රධානම දේ තමයි ජෝර්දාන්වල ඉන්න මාමා ළඟට රස්සාවකට යන එක.
    ඊළඟට ඒ රස්සාවෙන් හම්බවෙන වැටුප ප්‍රයෝජනයට අරන් කරන වැඩකටයුතු ගැනත් ඇය හිතුවා.
    “මගේ අක්කා විවාහ වෙන්න සූදානමින් ඉන්නවා. ඉතිං ඒකට මම උදව් කළ යුතුයි කියලා හිතුවා. ඒ වගේම අප ඉන්න දුප්පත් ගෙදර ටිකක් හදාගන්න ඕන කියලත් හිතට ආවා.”
    “මගේ තාත්තා කරන්නේ පා පැදි වර්ගයේ බයිසිකල් අලුත්වැඩියා කරන පුංචි කඩයක්. අයියා වැඩ කරන්නෙත් එතැනමයි.”
    “ඒ වගේම අම්මා බිඩි ඔතන කුලී රැකියාවක් කරනවා. ඉතිං මේ හැමකෙනාටම පිහිට වෙන්න මට ලොකු වුවමනාවක් වගේම ආසාවක් තිබුණා”
    හිරුෂි දිනුෂිකා අපි එක්ක එකතු වෙමින් කිව්වා.
    මේ වගේ බලා‍පොරොත්තු ගොඩාක් එක්ක ජීවත් වුණු හිරුෂි දැන් ජීවත් වෙන්නේ දෙගිඩියාවෙන්. ඒ ඇය අපේක්ෂා කළ පරිදි ජෝර්දාන් රස්සාවට යන්න බැරිවන හින්දා. ඒ විතරක් නමෛයි දැන් ඇගේ ජීවිතයටත් ලොකු තර්ජනයක් එල්ල වෙලා.
    “අපේ දුප්පත්කම හින්දම මගේ මාමා ඔහු වැඩ කරන සමාගමේ රස්සාවක් හොයලා දෙන්න කටයුතු කළා. ඒක පරිගණක අංශයට සම්බන්ධ රස්සාවක්. ඉතිං මමත් ඉගෙනීම නවත්වලා ඒ රස්සාවට යන්න කැමති වුණා”
    හිරුෂි උසස් පෙළ සමත් වෙලා බාහිර උපාධියක් ගන්න ඉගෙන ගත්තා. ඒ අතරේදි තමයි මේ රස්සාව ලැබුණේ. ඉතින් ඒ අනුව රට යන ගමනට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණයට ඇය මුහුණ දුන්නා.
    අන්න එතැනදී තමයි මේ කවුරුත්ම බලා‍පොරොත්තු වුණු නැති විදිහේ වාක්‍ය පේළියක් අදාළ වෛද්‍යවරයාගෙන් හිරුෂිට අහන්න ලැබුණේ.
    “එදා වෛද්‍යවරු මට කිව්ව මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම ශල්‍යකර්මයක් සිදුකරන්න ඕන. ඒක හරිම සංකීර්ණ එකක් කියලා”
    කොහොම හරි හිරුෂි තවදුරටත් තමන්ගේ රෝගයේ ස්වභාවය පිළිබඳව
    දැනගන්න උනන්දු වුණා. ඇය ඒ හෙළිදරව්වලින් තැති ගත්තේ නැහැ. හැබැයි දුක් වුණා.
    “මට හිතුණා දැන් මම කොහොමද රස්සාවක් කරලා මගේ අයට උදව් කරන්නේ කියලා”
    කෙසේ හෝ අවසානයේදී හිරුෂිගේ පවු‍ලේ උදවිය තම දියණියගේ ජීවිතය බේරා ගැනීමේ සංකීර්ණ ගැටලුවට විසඳුම් සොයන්නට පටන් ගත්තා. ඒ අනුව වෛද්‍ය උපදෙස්වලට අනුව ඇය ඉන්දියාවේ මැඩ්රාස් මෙඩිකල් මිෂන්
    රෝහලට රැගෙන ගියා.
    “මොකද මේ ශල්‍යකර්මය ලංකාවේ කරන එක අවදානම් කියලා තමයි මෙහෙ ප්‍රතිකාර කරන වෛද්‍යවරු සඳහන් කළේ.” එහෙම කිව්වේ හිරුෂිගේ අයියා සදීප් සඳරුවන්.
    “අපේ නංගි හොඳ ළමයෙක්. එයා ගෙදර අය කියන දේ අහලා ජීවත්වන ළමයෙක්. ඒ නිසාම තමයි අපි ඇය වෙනුවෙන් මෙහෙම වෙහෙසෙන්නේ”
    මේ ආකාරයට වෙහෙස මහන්සි වී ඉන්දියාවට රැගෙන ගිය හිරුෂිව යළිත් තම මවුබිමට එක්කාසු කරගෙන එන්නට සදීප් සඳරුවන්ලාට සිදුවුණා. ඒ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල අතේ තිබුණේ නැති නිසා.
    “ලංකාවේ මුදලින් ලක්ෂ 10ක් විතර මේ ශල්‍යකර්මයට අවශ්‍යයි. ඉතිං කෝ ඒකට සල්ලි. දුප්පත් අපි කොහොමද මහත්තයා මේ තරම් ලොකු මුදලක් එකවර හොයා ගන්නේ.” නැවත වතාවක් අපි සමග කතාබහට එක්වුණු හිරුෂි කියනවා.
    ඇත්තම කිව්වොත් දැන් හිරුෂිට තමන්ගේ ජීවිතේ ගැන බියක් නැහැ. ඒත් ඇය ලොකු දුකකින් ඉන්නවා. ඒ තමයි මේ රෝගය නිසා මොනවා හරි නරක දෙයක් වුණොත් ඇය බලා‍පොරොත්තු වුණු විදිහේ කිසිදු යුතුකමක් ඉටුකරන්න බැරිවෙනවනේ කියලා.
    “මම හැම වෙලාවකම හිතන්නේ ඒ ගැන විතරයි. ඒත් මම අසුභවාදීව හිතන්නේ නැහැ. මට විශ්වාසයක් තියෙනවා මට නරකක් වෙන එකක් නැහැ කියලා. මට මේ සල්ලි කොහොම හරි හම්බ වේවි. ඒ විශ්වාසයෙන් මම ඉන්නවා”
    හිරුෂි අවසන් වශයෙන් කිව්වා.
    මේ වගේ අම්මා තාත්තා ගැන හිතන සහෝදර සහෝදරියන් ගැන හිතන අයට විපතක් වෙන්න දෙන්න හොඳ නැහැ. ඔබේ අපේ කාරුණික අනුග්‍රහය ලබාදීලා ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කළ යුතුමයි. ඔව්. අපි එහෙම කරමු.

    ඇයගේ ගිණුම් අංකය:
    76566495 (ලංකා බැංකුව -නාගොඩ)
    දුරකථන අංක: 0777196901, 0776396251, 0778614300


    Link:http://lakbima.lk/index.php?option=...id=59:2013-02-21-08-59-16&Itemid=78:rolleyes:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    “මම හැම වෙලාවකම හිතන්නේ ඒ ගැන විතරයි. ඒත් මම අසුභවාදීව හිතන්නේ නැහැ. මට විශ්වාසයක් තියෙනවා මට නරකක් වෙන එකක් නැහැ කියලා. මට මේ සල්ලි කොහොම හරි හම්බ වේවි. ඒ විශ්වාසයෙන් මම ඉන්නවා”
    හිරුෂි අවසන් වශයෙන් කිව්වා.

    අනිවාර්යයෙන්ම සියල්ල හොදින් සිදුවී ඔබ ඉක්මනින්ම සුවපත් වෙයි සොයුරිය. ඔබේ ධෛර්යය ඔබට ශක්තියක් වනු නොවනුමානයි. ඔබට තෙරුවන් සරණයි.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    :love::love::love::love::love::love:
    අනිවාර්යයෙන්ම සියල්ල හොදින් සිදුවී ඔබ ඉක්මනින්ම සුවපත් වෙයි සොයුරිය. ඔබේ ධෛර්යය ඔබට ශක්තියක් වනු නොවනුමානයි. ඔබට තෙරුවන් සරණයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,908
    113
    Dubai
    අනිවාර්යයෙන්ම සියල්ල හොදින් සිදුවී ඔබ ඉක්මනින්ම සුවපත් වෙයි සොයුරිය. ඔබේ ධෛර්යය ඔබට ශක්තියක් වනු නොවනුමානයි. ඔබට තෙරුවන් සරණයි.