තවත් Proxy මොකටද? ඕනෑම හිරයක් කඩන්න Google දෙවියාගේ &#3512

wasantha91

Member
Mar 13, 2010
123
19
0
තවත් Proxy මොකටද? ඕනෑම හිරයක් කඩන්න Google දෙවියාගේ &#3512

Web sites වල Download limits හා Sign up වීම් ආදිය Bypass කිරීම සදහා Google, Proxy Server එකක් ලෙස භාවිතා කිරීම.

ඔබ Google වෙතින් සාමාන්යෙන් ලබා ගන්න පහසුකම් වලට වඩා විශාල පහසුකම් ප්‍රමාණයක් Google වෙතින් ලබාගත හැකිය. ඒ අතරින් එකක් වන්නේ Google, Proxy server එකක් ආකාරයට භාවිතා කිරීමය. ඔබ ලබාගන්නා විවිධ Google සේවාවන් රැසක් ඔබට proxy එකක් ලෙස භාවිතයට ගත හැකිය. ඔබගේ සේවා ස්ථානය මගින් නොඑසේනම් ඔබගේ ISP (Internet service provider) මගින් අවහිර කරන ලද ඕනෑම වෙබ් අඩවියකට මෙම ක්‍රමය ඔස්සේ පහසුවෙන් පිවිසිය හැකිය. එසේම මේ මගින් විවිධ Web sites මගින් නොමිලේ ලබාදීමට අවහිර කරන ලද විශේෂ පහසුකම්ද ලබා ගත හැකිය.

ඔබට යම් කිසි web අඩවියකට යාමට අවශ්‍ය වුවත් එයට පිවිසීම අවහිර කර ඇත්ද, බොහෝ සේවා ස්ථාන වල සහ පාසැල් පරිගණක විද්‍යාගාර තුල ඇති Network තුලින් මෙසේ සමහර වෙබ් අඩවි වලට යාම සම්පූර්ණයෙන්ම අවහිර කොට ඇත. බොහෝ විට එය වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවියක් වනට පුළුවන, නැතිනම් Facebook වැනි සමාජ ශාලා වෙබ් අඩවියක් හෝ රජය විසින් පිවිසීම තහනම් කරන ලද වෙනත් web අඩවියක් වන්නට ඇත. මේ කුමන ආකාරය වුවත්, ඕනෑම ආකාරයක Web Site එකකට මෙම ක්‍රමය ඔස්සේ ඔබට පිවිසිය හැකිය. Google මගින් ප්‍රසිද්ද නොකරන ලද Google proxy serversඋපයෝගී කර ගනිමින් ඔබට අවශ්‍ය web අඩවි වෙත පිවිසිය හැක.

google-as-proxy_zps5792dc05.gif


මෙම ක්‍රමය යටතේ ඔබට proxy සදහා වෙනමම Software භාවිතා කිරීමක් සිදු කල යුතු නැත. ඔබට පිවිසීමට අවශ්‍ය(අවහිර කරන ලද) web Site එකට මෙම Google proxies හරහා පිවිසීමෙන්, අදාළ web අඩවියේ අන්තර්ගතය (Text, images, videos, Flash, Javascript, හා වෙනත්) Google servers වලට ප්‍රථමයෙන් download වන අතර පසුව එය Google වෙතින් ඔබ වෙත ලබා දෙයි. මෙය කෙටියෙන් හදුන්වනු ලබන්නේ gmodules.com proxy එක ලෙසය. ඒ පිලිබදව අප පසුව සාකච්චා කරමු. මෙමගින් කුමන ආකාරයට හෝ අවහිර කරන ලද Documents, Videos සහ අනෙකුත් web files වලට පිවිසිය හැකිය. එසේම බොහෝ proxy ඔස්සේ පිවිසීමේදී එම web අඩවි වල Flash ආදිය දිස් නොවුනත් මෙමගින් ඔබට ඒවාද කිසිදු අවහිරයකින් තොරව දර්ශනය වනු ලැබේ.

1. Google Translate පහසුකම Proxy එකක් ලෙස භාවිතා කිරීම.

Google Translate පහසුකම proxy එකක් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඔබට ප්‍රතිපලය ලබා ගැනීමට අවශ්‍ය භාෂාව (Destination language) අදාළ වෙබ් අඩවිය පවතින සත්‍ය භාෂාව ලෙස තෝරන්න. එසේම source language එක ඔබට කැමති ඕනෑම භාෂාවක් තෝරන්න,(නමුත් සත්‍ය භාෂාව තේරීමෙන් වලකින්න)

උදාහරණයක් ලෙස ඔබට නැරබීමට අවශ්‍ය වෙබ් අඩවිය (අවහිර කරන ලද) ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද එකක් නම්, එහි Translate URL එකෙහි ඇති destination language (tl) එක “en” ලෙස ද, source language (sl) එක “ja” (Japanese) ලෙස හෝ ඔබ කැමති වෙනත් භාෂාවක් ලෙස යොදන්න.
Code:
Example: http://translate.google.com/translate?sl=ja&tl=en&u=http://www.sinhaladocs.com/

(මේ සදහා භාවිතා කල හැකි bookmarklet එක මෙතනින් පිවිස පහත දැක්වෙන පින්තුරය ආකාරයේ Bookmarklet එක click කිරීමෙන් ලබා ගන්න )

image

වාසි: මෙය බොහෝ ජනප්‍රිය Google proxy එකක් වන අතර web අඩවිය ඒ ආකාරයටම Original Domain එක යටතේම සම්බන්ද වීම සිදුවෙයි. එම නිසා Images හා CSS ආදිය Block වීමක් නොවේ.

2. Google Mobilizer, Proxy එකක් ලෙස භාවිතා කිරීම.

ඊලගට අපට භාවිතා කිරීමට ඇත්තේ Google Mobilizer service එකය. Google ආයතනය විසින් මෙම Mobilizer සේවාව Google.com වෙතින් ඉවත් කරන ලදී. නමුත් ඔබට වෙනත් රටක් පාදක කරගත් Google domain එකක් ඔස්සේ පිවිසිය හැකිය. (google.co.in ලෙස හෝ google.ie ලෙස ) ඒ අනුව URL එක වන්නේ,

Code:
http://www.google.ie/gwt/x?u=http://www.sinhaladocs.com/
(example)

(මේ සදහා භාවිතා කල හැකි bookmarklet එක මෙතනින් පිවිස පහත දැක්වෙන පින්තුරය ආකාරයේ Bookmarklet එක click කිරීමෙන් ලබා ගන්න )
image

වාසි: මෙම ක්‍රමය යටතේ ඔබට web අඩවියක් origanal ආකාරයෙන් නැරබිය නොහැකි අතර CSS files ආදිය ක්‍රියා නොකරයි. නමුත් වැඩිපුර text වලින් පිරි වෙබ් අඩවි වලට පිවිසීම සදහා මෙය භාවිතා කල හැකි අතර අදාළ වෙබ් අඩවිය ඉතා ඉක්මනින් load වීමද සිදු වෙයි.

3. Proxy සදහා Google Modules සේවාව භාවිතා කිරීම.

gmodules.com domain එක යනු Google Personalized Homepage සේවාවේ කොටසක් වන අතර දැනට එය භාවිතා කරනු ලබන්නේ Google Homepage හි Host කරන ලද gadgets සදහාය. නමුත් මෙය ඔබට Proxy සේවාවක් ලෙස භාවිතා කල හැකිය.

Code:
http://www.gmodules.com/ig/proxyurl=http://www.sinhaladocs.com/
(example)
(මේ සදහා භාවිතා කල හැකි bookmarklet එක මෙතනින් පිවිස පහත දැක්වෙන පින්තුරය ආකාරයේ Bookmarklet එක click කිරීමෙන් ලබා ගන්න )
image

වාසි: සාමාන්‍ය ලෙස වෙබ් අඩවියක් නරබන ආකාරයෙන්ම, එහි ඇති දේ ඒ අයුරින්ම භාවිතා කල හැකි එකම Google proxy එක ද මෙය වෙයි.

ඉහත සදහන් Google proxy අනිවාර්ය වශයෙන්ම ඔබගේ අවහිර කරන ලද web අඩවි වලට පිවිසීම සදහා භාවිතා කල හැකි අතර යම් හෙයිකින් ඉහත සදහන් proxy ඔබගේ වෙබ් අඩවිය සදහා වැඩ නොකරයි නම්, Google Cache ඒ සදහා භාවිතා කල හැකි අතර මෙම Google Script එක යොදා ගනිමින් සකසාගත් ඔබගේම proxy server එකකින් හෝ වඩා දියුණු මට්ටමේ Google App Engine එක භාවිතා කල හැකිය.


Source: www.sinhaladocs.com
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඕකෙන් වෙන්නේ Google එක Block වෙන එකයි උන්ට තිබ්බේ වෙන Domain එකක් අරගෙන ඕක දාන්නයි :(