තවත්_ගැහිල්ලක්
ඇක්සිඩන්ට් වූ ප්‍රාඩෝවෙන් මහින්ද රාජපක්ෂගේ සුපිරි ගැහිල්ලක් හෙලි වේ.
පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග මැදමූලන චෞර මහින්දගේ තවත් සුපිරි ගැහිල්ලක් එළියට පැමිණ තිබේ.
මුදල් ඇමති රවී කරුණානායක මහතා ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර සිටියේ මෙම ප්‍රාඩෝ රථය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සුනාමි සහන කටයුතු සඳහා ලබා දී තිබූ එකක් බවත් එය ද රාජපක්ෂ ජනාධිපතිගේ වාහන සංචිතයේ තිබී අතුරුදහන්ව තිබූ එකක් බවය. රථය අනතුරට පත් කළ පොලිස් කොස්තාපල් අභය ප්‍රියන්ත තංගල්ල පොලීසියට ප්‍රකාශ කළ තිබුණේ තමා මෙම රථය පදවාගෙන ගියද එහි හිමිකරු කවුරුන්දැයි නොදන්නා බවයි. අනතුරට පත්කළ රථය එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබුණේ පොලිසියට ගල් ගසා මරණවායි කී දකුණු පළාත් ඇමති ඩී.වී. උපුල්ගේ බිරිඳ වන අතර එය සඟවා තිබී ඇත්තේ මහින්ද රාජපක්ෂට අයත් වීරකැටිය ප්‍රදේශයේ ඉඩමකය.
ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිනිය හෙළිකර සිටියේ ඇයගේ වසර 11 ක කාලයේදී ජනාධිපති කාර්යාලය සතුව තිබුනේ වාහන 62ක් බවයි. ඉන් ඇයගේ කාලයේදී මිලදී ගෙන තිබුනේ වාහන 24 ක් පමණක් වන අතර ඉතිරි ඒවා ජේ.ආර්.ජනාධිපතිවරයාගේ කාලයේ සිට මිලදී ගත් ඒවා බවයි. එනම් 1978 ජනාධිපති ක්‍රමය බිහි වූ දා සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති වන තුරුම භාවිතා කර ඇත්තේ වාහන 64 ක් වූ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු වාහන 1200 ක් ජනාධිපතිගේ වාහන සංචිතයට අයත්ව තිබූ බවත් ඉන් මේ වන විට වාහන 200 ක් පමණ අතුරුදහන් බවත් හිටපු ජනාධිපතිනිය හෙලි කළාය.
වාහන විශාල ප්‍රමාණයක් අතුරුදහන්ව තිබී සොයා ගත් අතර තවත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇත. එම වාහන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටී.
මේ අතර මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව 2014 අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය වේ.
2014 වර්ෂය අවසන් වනවිට ජනාධිපතිවරයා සතුව තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 370ක්ය. (රුපියල් 3,698,867,000.00)
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය භාරගන්නා විට 2005 වර්ෂය අවසානයේදී හිටපු ජනාධිපතිනිය යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි තුනක් (රු. 30,910,000.00) ය.
2014 වර්ෂය අවසන් වනවිට මහින්ද රාජපක්ෂ යටතේ තිබූ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 10 (රු. 102,778,000.00)ක්ය.
2005 වර්ෂය අවසන් වනවිට එම අමාත්‍යංශයේ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 4ක් (රු. 42,251,000.00)ය.
ආරක්ෂක අමාත්‍යංශය යටතේ 2005 අවසන් වනවිට තිබූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි එකක් (රු.10,152,000.00) ය.
එය 2014 අවසන් වනවිට රුපියල් කෝටි 267 ක් (රු. 2,668,887,000.00)ය.
එමෙන්ම 2005 වර්ෂය අවසන් වනවිට වරාය හා මහාමාර්ග අමාත්‍යංශය නොතිබු අතර 2006 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ යටතේ එය ආරම්භ කර එම වර්ෂය අවසන් වනවිට රුපියල් ලක්ෂ 54ක් (රු.5,432,000.00) වටිනා වාහන මිලදී ගෙන තිබිණ. එය 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 61ක් (රු. 611,656,000.00) දක්වා ඉහළ දමාගෙන තිබිණ.
මෙයට අමතරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය 2013 වසරේදී ආරම්භ කළ අතර 2014 වර්ෂයේදී එයට රුපියල් කෝටි 3ක් වටිනා (රු. 30,893,000.00) වාහන මිලදී ගෙන තිබිණ.
මේ අනුව 2005 වර්ෂය අවසන් වන විට ජනාධිපති සතු වාහන සංචිතය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වාහන සංචිතය යන අමාත්‍යංශ තුනක වාහන සංචිතයේ මුළු වටිනාකම රුපියල් අටකෝටි තිස්තුන් ලක්ෂ දහතුන් දහසක් (රු. 83,313,000.00) වී තිබිණ.
මෙම අමාත්‍යංශ සහ ජනාධිපතිවරයා යටතේ වාහන සංචිතවල මුළු වටිනාකම මහින්ද රාජපක්ෂ පාලන සමය අවසන් වනවිට එනම් 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 711ක් (රු.7,113,078,000.00) වී තිබිණ.
මෙම මුළු වටිනාකම ඒ ඒ අමාත්‍යංශ යටතේ ඇති අනෙකුත් ආයතනයවලට අදාළ නොවන අතර (උදාහරණ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ත්‍රිවිධ හමුදා හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් වාහනවල වටිනාකම මෙයට ඇතුළත් නොවේ.) ඇමතිවරයා හෝ අමාත්‍ය කාර්යමණ්ලය සඳහා යොදාගත් වාහන සංචිතයේ වටිනාකමය. එනම් මහින්ද රාජපක්ෂගේ සෘජු වගකීම යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 711ක්ය.

naki nabiyata hodanam. Awurudu 6 kello rape karanna wagana thiyagathata moko
jaya weewa