තවත්_මිසයිලයක්
උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්
උතුරු කොරියාව විසින් තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇතිබව දකුණු කොරියානු හා ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කොට ඇත. එය උතුරු කොරියානු වේලාවෙන් බදාදා පාන්දර 3.17 (18:17 GMT) පමණ ප්යෝන්ග්සොන් හි සිට නැගෙනහිර දිශාවට ගමන් කොට ඇති බව වාර්තා වේ. මිසයිලය ජපානයට කිලෝමීටර් 4,000 ඉහලින් ගමන්කොට ජපානයේ ආර්ථික මධ්‍යස්ථානයකට ආසන්නව කැබලි වලට කැඩී ඇද වැටී ඇති බව ජපානයේ ආරක්‍ෂක අමාත්‍ය ඉට්ස්සනෝරි ඔනොඩේරා ( Itsunori Onodera ) පවසා ඇත. මෙවර උතුරු කොරියානු මිසයිලය වෙනත් මිසයිල වලට වඩා ඉහලින් පියාසර කොට ඇත. උතුරු කොරියාව විසින් අවසන් වරට මිසයිල අත්හදා බැලීමක් සිදුකොට ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. මේ ඔවුන්ගේ හත්වෙනි මිසයිල අත්හදා බැලීම වේ.
මෙවැනි අත්හදා බැලීම් මගින් උතුරු කොරියාව තම මිසයිල ශක්තිය ගැන ලොවට පෙන්වීමට කරන උත්සහයක් ලෙස සැලකිය හැකි බව දකුණු කොරියාවේ සිටින අල්ජසීරා මාධ්‍යවේදිනී කැතී නොවැක් ( Kathy Novak ) පෙන්වා දෙයි. මෙම මිසයිලයේ ගමන් මග මේ වන තෙක් නිවැරදිව තහවුරු කරගෙන නොමැති අතර මේ පිළිබඳව දකුණු කොරියානු සහ ඇමරිකානු බලධාරීන් විසින් විශ්ලේෂණය කරමින් සිටින බව දකුණු කොරියානු හමුදා විසින් කරන ලද නිවේදනයක සඳහන් වේ.
File: Reuters and BBC

ඇමරිකන් ගැත්ත 