ලියාපදිංචි අංකය සහිත වාහන අංක තහඩු සමග නිකුත් කරන එම අංකය ඇතුළත් ස්ටිකරය සදහා අය කර ගත් මුදල අඩු කිරීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඉකුත් රජයේ තීරණයකට අනුව මෙම වසරේ සිට එය නිකුත් කිරීම සදහා රුපියල් 750 ක් අයකර ගැනීමට නියමිතව තිබු අතර ජනාධිපති ගෝඨාභය මහතාගේ උපදෙස් පරිදි එම මුදල අඩු කිරීමට පියවර ගැණුනා.
ඒ අනුව රථ වාහනවල ඉදිරිපස ඇලවීම සදහා නිකුත් කරන එම ලියාපදිංචි අංකය ඇතුළත් ස්ටිකරය සදහා රුපියල් 250ක් අය කර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇත්තේ.
මෙය අද සිට කි‍්‍රයාත්මක බවත් යතුරු පැදි සදහාද මෙම ස්ටිකරය නිකුත් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ.
Neth


