තවම ගැස්ට්‍රයිටිස් මිදෙන්න බැරිවුණාද?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    තවම ගැස්ට්‍රයිටිස් වලින් මිදෙන්න බැරිවු&

    images

    ගැස්ට්‍රයිටිස් වලින් මිදෙන්න මිනිස්සු මොනතරම් දේවල් කරනවද . ඒකෙ තියෙන වේදනාව දන්නේ ගැස්ට්‍රයිටිස් තියෙන කෙනා තමයි. තමන් ජීවත් වන රටේ දේශගුණයට නොගැලපෙන ආහාර ගත්තම හැදෙන රෝගවලින් එකක් තමයි මේ ගැස්ට්‍රයිටිස් කියන්නෙ . ඔය ශෝටීස්, චය්නීස්, ෆ්‍රයිඩ්‍ රයිස් වගේ දේවල් නිතර ගැනීමේ ප්‍රතිඵල විදියට මේ තත්ත්වය ගොඩක් වෙලාවට අතිවෙනව. වෙනත් විදියකට කියනවනම් අපේ රටේ දේශගුණයට ගැලපෙන කොස්, දෙල් , අල, බතල, මඤ්ඤොක්කා වගේ ආහාර වලින් ඈත් වෙලා බටහිර රටවල ක්ශනික ආහාර රටාව අනුගමනය කිරීම මෙම තත්ත්වය ඇතිවෙන්න ප්‍රධාන හේතුවක්.
    හරි පැහැදිලි කරා ඇති. දැන් බලමු මේකෙන් මිදෙන්නේ කොහොමද කියල.
    මුලින්ම කියන්න ඕන මේක කොහෙන්වත් උපුටා ගෙන නෙමෙයි එලකිරියෙ දාන්නේ . මමත් ගැස්ට්‍රයිටිස් වලින් ගොඩක් වෙදනා විදල තියෙනව. හවස පාන්පිටි වලින් හදල තියෙන දෙයක් කෑවොත් නැත්නම් තේ බිව්වොත් විනාසයි. බඩ ඇතුලෙ ගිනිගන්නව වගේ දැනෙන්නේ . ටික කාලයක් යද්දී ඒ වගෙ දේවල් කෑවෙ නැතත් ඒකම වෙනව. හොද කරගන්න ගොඩක් දේවල් කලා. ඒත් කිසිම සුවයක් ලැබුණේ නෑ. ඒත් අන්තිමට එක දෙයක් නිසා ඒ ඔක්කොම වෙනස් වුනා. ඒ තමයි බත්වලින් ගන්න කැද. රතුකැකුලු හාල් වලින් බත් උයද්දී කැද ගන්න පුලුවන් කියල ඔයාල දන්නවනේ. අන්න ඒව තමයි බෙහෙත. කරන්න තියෙන්නේ තේ බොන එක ටික දවසකට නතරකරල ඒ වෙනුවට රතුකැකුලු බත් වලින් ගන්න කැද පීරිසි කෝප්පයක් විතර ලුනු ස්වල්පයක් දාල උදේට සහ හවසට ගන්න එක. කොහොමත් ඒ වෙලාවට ගෙවල්වල බත් උයනවනේ. ඒ නිසා අමුතුවෙන් කැද හදන්න දෙයක් නෑ. මේ විදියට සතියක් වත් කරන්න. විශේෂයෙන් කියන්න ඕන මේ ක්‍රමය අනුගමනය කරද්දී ඔය පාන්පිටි ,තෙල් , රසකාරක ,තේ-කෝපි එහෙම ගන්න හිතන්නවත් එපා. සතියකට දෙකකට පස්සෙ විතර නම් ඉදල හිටල කෑවට කමක් නෑ. බඩේ තුවාල වගේ තියෙන්න පුලුවන්, තාවකාලිකව සුවයක් දැනුනත් තුවාල සුව වෙන්න සතියක්වත් යනවා. හරි එහෙනම් ඕක තමයි බෙහෙත . මේක මම දාන්නේ අත්දැකීමෙන්. ඔයටත් ගැස්ට්‍රයිටිස් තියෙනවනම් මේක බය නැතිව කරල බලන්න. අනික බත්වලින් ගන්න කැද කියන්නෙ කාටවත් අගුන දෙයක් නෙමෙයි . පොඩි අයටත් දෙනව. ගැස්ට්‍රයිටිස් නැති කෙනෙකුට වුනත් තේ බොනවට වඩා මේක හොදයි කියල මට හිතෙන්නේ . හරි එහෙනම් කරල බලලම ප්‍රතිඵල කියන්න.!!!
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    bump machan

    හවස පාන්පිටි වලින් හදල තියෙන දෙයක් කෑවොත් නැත්නම් තේ බිව්වොත් විනාසයි

    matath mehemai ban :( try karala balanna ona
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දිය බත් කාපන් බං. දෙහි ටිකක් වැඩියෙන් දාලා හදලා කාපල්ලා. පට්ට රසයි. මැටි මුට්ටියේ බත් උයන්න ඕන. උයලා හොඳට නිවෙන්න තියලා තමයි වතුර දාලා තියලා හදාගන්න ඕන. මෙන්න හදාගන්න විදිය. උපුටාගත්තේ මෙතනින්. (http://mata-hitena-hati.blogspot.com/2011/11/blog-post_24.html)

    අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක්
    එයට දැමීමට බත් වැසෙන තරමට ජලය
    පොල් බෑවක්
    රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
    වියලි මිරිස් කරල් 5-6 ක්
    දෙහි ගෙඩියකින් බෑවක්
    ලුණු අවශ්‍ය පමණට
    සුද්ද කරපු පොල් කූරක්

    අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.

    රෑට කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා.

    පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.

    දැන් අර පොල්කූර අරගෙන අර වියලි මිරිස් කරල් ටික ඔය රුපයේ විදිහට අමුනගන්න. අමුණා ගත්ත මිරිස් කරල් ටික ලිපේ ගින්දරට අල්ලා වටේම කරකවමින් පුච්චා ගන්න. ඉස්සරහා ඒවා ඉක්මනට පිච්චෙන නිසා එලෙස පිච්චුන ඒවා ගලවා තියන්න. නැතිනම් ඒ මිරිස් කරල්ටික අඟුරු වෙයි. මේ මිරිස් අතින් කුඩු කරන්න පුළුවන් ගානටයි පුච්චන්න ඕන. අඟුරු වෙනකන් පුච්චන්න එපා. ඔන්න රුපයේ පැහැදිලිව ඇති. සමහරු ඕකට අමු මිරිස් දානවා මම නම් අමු මිරිස් දානේ නැ අමු මිරිස් දාපුවාම කොළ රස එන නිසා.

    කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තව සව් හදලා බීපල්ලා හවස 2ට 3ට 4ට විතර. ඊට අමතරව උදේ හිස් බඩට කෝමාරිකා කන්න/බොන්න. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.

    කෝමාරිකා පිත්තක් කපාගන්න. අළුතෙන්ම කපාගන්න තරමට හොඳයි. නමුත් කපලා තියාගන්නව නම් කපපු ගමන්ම මේ ටික සුද්ද කරලා කෑලි ටික තියාගන්න ඉටි උරේක වගේ දාලා ෆ්‍රිජ් එකේ දාලා. සුද්ද කරන්නේ මෙහෙම.

    කෝමාරිකා පිත්ත කෝමාරිකා පිත්ත කපාගෙන කපපු පැත්ත පහලට හිටින්න අරන් එන්න. එතකොට අර කහ පාට වගේ එකක් වෑස්සෙනවා පිත්තේ අගින්. ඒවා අයින් වෙන්න දෙන්න. ඉන් පස්සෙ ගෙනල්ලා හොඳට හෝදලා දෙපැත්ත (දාර පැති දෙක) දාර අයින් වෙන්න සෙන්ටිමීටර් බාගයක් වගේ ප්‍රමානෙට කපාගන්න දාරෙ විතරක් ඉවත් වෙන්න. ඉන් පස්සෙ උඩ කොලපාට පොත්ත අයින් කරන්න. කරලා හැන්දකින් සූරන්න. කොළපාට කොටස නම් කොහෙත්ම මේකට ගන්නෙ නෑ.

    ඊට පස්සේ ඒ සූරගන්න කෝමාරිකා මදය පිරිසිදු ඇල් වතුරට දාන්න. දාලා හොඳට හෝදගන්න. දෙපාරක් තුන් පාරක් හෝදගන්න. ඉන් පස්සේ ඒ කෝමාරිකා කෑලි සීනි දාලා උදේ හිස් බඩට කන්න. නැති නම් මෙහෙම බීමක් හදාගන්න.

    කෝමාරිකා මදේ එක්ක සීනි ඇති පමණට සහ ලුණු බොහොම ටිකක් බ්ලෙන්ඩර් එකට දාගන්න. දාලා වතුරත් දාලා බ්ලෙන්ඩ් කරන්න. කෑලි තරමක් හිටින්න ගන්න එතකොට රසයි. ඉන් පස්සේ බ්ලෙන්ඩර් එකෙන් ජෝගුවකට (පෝසිලේන් හරි ප්ලාස්ටික් හරි ) දාගෙන ඒකට දෙහි ටිකක් මිරිකගන්න. අයිස් කැට දාගන්න. හිස් බඩට බොන්න. පට්ට රසට එනවා ගාණට දෙහි සීනි කෝමාරිකා ලුණු සෙට් වුනාම. බීලා බලහල්ලා සිරාවටම පට්ට.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    images

    ගැස්ට්‍රයිටිස් වලින් මිදෙන්න මිනිස්සු මොනතරම් දේවල් කරනවද . ඒකෙ තියෙන වේදනාව දන්නේ ගැස්ට්‍රයිටිස් තියෙන කෙනා තමයි. තමන් ජීවත් වන රටේ දේශගුණයට නොගැලපෙන ආහාර ගත්තම හැදෙන රෝගවලින් එකක් තමයි මේ ගැස්ට්‍රයිටිස් කියන්නෙ . ඔය ශෝටීස්, චය්නීස්, ෆ්‍රයිඩ්‍ රයිස් වගේ දේවල් නිතර ගැනීමේ ප්‍රතිඵල විදියට මේ තත්ත්වය ගොඩක් වෙලාවට අතිවෙනව. වෙනත් විදියකට කියනවනම් අපේ රටේ දේශගුණයට ගැලපෙන කොස්, දෙල් , අල, බතල, මඤ්ඤොක්කා වගේ ආහාර වලින් ඈත් වෙලා බටහිර රටවල ක්ශනික ආහාර රටාව අනුගමනය කිරීම මෙම තත්ත්වය ඇතිවෙන්න ප්‍රධාන හේතුවක්.
    හරි පැහැදිලි කරා ඇති. දැන් බලමු මේකෙන් මිදෙන්නේ කොහොමද කියල.
    මුලින්ම කියන්න ඕන මේක කොහෙන්වත් උපුටා ගෙන නෙමෙයි එලකිරියෙ දාන්නේ . මමත් ගැස්ට්‍රයිටිස් වලින් ගොඩක් වෙදනා විදල තියෙනව. හවස පාන්පිටි වලින් හදල තියෙන දෙයක් කෑවොත් නැත්නම් තේ බිව්වොත් විනාසයි. බඩ ඇතුලෙ ගිනිගන්නව වගේ දැනෙන්නේ . ටික කාලයක් යද්දී ඒ වගෙ දේවල් කෑවෙ නැතත් ඒකම වෙනව. හොද කරගන්න ගොඩක් දේවල් කලා. ඒත් කිසිම සුවයක් ලැබුණේ නෑ. ඒත් අන්තිමට එක දෙයක් නිසා ඒ ඔක්කොම වෙනස් වුනා. ඒ තමයි බත්වලින් ගන්න කැද. රතුකැකුලු හාල් වලින් බත් උයද්දී කැද ගන්න පුලුවන් කියල ඔයාල දන්නවනේ. අන්න ඒව තමයි බෙහෙත. කරන්න තියෙන්නේ තේ බොන එක ටික දවසකට නතරකරල ඒ වෙනුවට රතුකැකුලු බත් වලින් ගන්න කැද පීරිසි කෝප්පයක් විතර ලුනු ස්වල්පයක් දාල උදේට සහ හවසට ගන්න එක. කොහොමත් ඒ වෙලාවට ගෙවල්වල බත් උයනවනේ. ඒ නිසා අමුතුවෙන් කැද හදන්න දෙයක් නෑ. මේ විදියට සතියක් වත් කරන්න. විශේෂයෙන් කියන්න ඕන මේ ක්‍රමය අනුගමනය කරද්දී ඔය පාන්පිටි ,තෙල් , රසකාරක ,තේ-කෝපි එහෙම ගන්න හිතන්නවත් එපා. සතියකට දෙකකට පස්සෙ විතර නම් ඉදල හිටල කෑවට කමක් නෑ. බඩේ තුවාල වගේ තියෙන්න පුලුවන්, තාවකාලිකව සුවයක් දැනුනත් තුවාල සුව වෙන්න සතියක්වත් යනවා. හරි එහෙනම් ඕක තමයි බෙහෙත . මේක මම දාන්නේ අත්දැකීමෙන්. ඔයටත් ගැස්ට්‍රයිටිස් තියෙනවනම් මේක බය නැතිව කරල බලන්න. අනික බත්වලින් ගන්න කැද කියන්නෙ කාටවත් අගුන දෙයක් නෙමෙයි . පොඩි අයටත් දෙනව. ගැස්ට්‍රයිටිස් නැති කෙනෙකුට වුනත් තේ බොනවට වඩා මේක හොදයි කියල මට හිතෙන්නේ . හරි එහෙනම් කරල බලලම ප්‍රතිඵල කියන්න.!!!

    ela ela................
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දිය බත් කාපන් බං. දෙහි ටිකක් වැඩියෙන් දාලා හදලා කාපල්ලා. පට්ට රසයි. මැටි මුට්ටියේ බත් උයන්න ඕන. උයලා හොඳට නිවෙන්න තියලා තමයි වතුර දාලා තියලා හදාගන්න ඕන. මෙන්න හදාගන්න විදිය. උපුටාගත්තේ මෙතනින්. (http://mata-hitena-hati.blogspot.com/2011/11/blog-post_24.html)

    අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක්
    එයට දැමීමට බත් වැසෙන තරමට ජලය
    පොල් බෑවක්
    රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
    වියලි මිරිස් කරල් 5-6 ක්
    දෙහි ගෙඩියකින් බෑවක්
    ලුණු අවශ්‍ය පමණට
    සුද්ද කරපු පොල් කූරක්

    අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.

    රෑට කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා.

    පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.

    දැන් අර පොල්කූර අරගෙන අර වියලි මිරිස් කරල් ටික ඔය රුපයේ විදිහට අමුනගන්න. අමුණා ගත්ත මිරිස් කරල් ටික ලිපේ ගින්දරට අල්ලා වටේම කරකවමින් පුච්චා ගන්න. ඉස්සරහා ඒවා ඉක්මනට පිච්චෙන නිසා එලෙස පිච්චුන ඒවා ගලවා තියන්න. නැතිනම් ඒ මිරිස් කරල්ටික අඟුරු වෙයි. මේ මිරිස් අතින් කුඩු කරන්න පුළුවන් ගානටයි පුච්චන්න ඕන. අඟුරු වෙනකන් පුච්චන්න එපා. ඔන්න රුපයේ පැහැදිලිව ඇති. සමහරු ඕකට අමු මිරිස් දානවා මම නම් අමු මිරිස් දානේ නැ අමු මිරිස් දාපුවාම කොළ රස එන නිසා.

    කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි

    ආස හිතුනා බන් කන්න...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ආස හිතුනා බන් කන්න...

    Hadala kapanko. Mamath mulinma hena appiriyai wage una. Den nam kanawa bada kata pirennama. Hebei pirisiduwata hadaaganin nathi nam hadawaganin pirisiduwata hadala dena kenekta kiyala. Ehema natuwa kanna appiriya hithei. :dull:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    bump machan

    හවස පාන්පිටි වලින් හදල තියෙන දෙයක් කෑවොත් නැත්නම් තේ බිව්වොත් විනාසයි

    matath mehemai ban :( try karala balanna ona

    සති දෙකක් විතර ගියාම සම්පූර්ණයෙන්ම වගේ හොද වුනා. අර කෑම කෑවට දැන් නම් එහෙම වෙන්නෑ මචෝ.
    11.gif
     
    • Like
    Reactions: san2d3