තව පැයකින් මැරෙනවා කියලා දන්නවා නම් මොකද කරන්නේ?

nidarsha91

Well-known member
  • අපේ එකෙක් ඊයෙ නැතිවෙලා මචන්. කැන්සර් එකක්ලු. අද උදේ තමයි දැනගන්න ලැබුණෙ. උඹේ ත්‍රෙඩ් එක මතක් වුණා.

    "ජේසු පිහිටයි මනා. හිත හොඳ මනුස්සයෙක් වෙලා ජීවත් වුණාට උඹට පින්"
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මම නම් කියන්නෙ එහෙම දැනගන්න ඕනෙ කෙනෙක් ඒ වෙලාවට කලින් නිකන්ම මැරෙනව. එක්කො බයට නැත්තම් කලබලේට මොනා හරි වෙලා
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    අම්මට තාත්තට වැඳල අවසර ගන්නවා.(එයාලට කියන්නෙ නෑ.).හොඳම යාලුවන්ට කතාකරනව. පුළුවන් තරම් ධර්මයට හිත එකඟ කරගන්න ට්‍රයි කරනව. කරපු පින් දහම් මතක කරගන්නව. ගෙවල් පැත්තෙ කැලයක ආරණ්‍යයක් තියෙනව. ඒකෙ එක පැත්තක ගල් තලාවක් තියෙනව කවුරුවත් යන්නෙ නැති. එතනට ගියහම හිත සෑහෙන්න සැහැල්ලු වෙනව.(මටත් ලඟකදි මීටර් වුනේ.) එතනට යන්න හිතාගෙන ඉන්නව.
    හිතන දේවල් කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ ඒ අවස්තාවෙ හැටියට.
     
    • Like
    Reactions: Yin And Yang