3 phase මෝටරයක් ඔන් කරන හැටි
සහ රිවර්ස් කැරකෙන්න ඔන් කරන හැටි
මේව මම ඉගෙන ගත්තෙ යූ ටියුබ් වීඩියෝ බලල ම තමයි
කන්ටැක්ටර්ස් යූස් කරන්නෙ ලොකු ඇම්පියරේජ් එකක් යූස් වෙන හින්ද. පොඩි ස්විච් හරියන්නෙ නෑ
අනික පේස් තුනම එක පාර ඔන් වෙන්න ඕනෙ
මේ විදියට කන්ටැක්ටර්ස් දෙකක් වයරිං කලාම
එකක් ඔන් වුණාම අනිත් එක ඉබේම වැඩ කරන්නෙ නැතුව යනව, ඉන්ටලොක් කියල කියන්නෙ
ඒ කියන්නෙ ෆෝවඩ් කැරකෙන මෝටරේ එක පාරට රිවස් බට්න් එක එබුව කියල රිවස් වෙන්නෙ නෑ
රිවස් කරන්න ඕනෙ නම් ෆෝවඩ් කැරකෙන එක නවත්තල ඉන්න වෙනව
ඊට පස්සෙ පුලුවන් රිවස් දාන්න
ඔය රතු පාට කොල පාට පුෂ් බට්න් අපි ඔබාගෙන ඉන්න ඕනෙ නෑ, ඔබල අත අරින්න පුලුවන්
ඔබල අත ඇරියම කන්ටැක්ටර්ස් on වෙලා දිගටම එහෙමම හිටිනව
මම මේ ඇදල තියෙන්නෙ කන්ටැක්ටර් කන්ට්රෝල් වයරිං එක
මේ වයර් දිගේ මෝටරේට කරන්ට් එක යන්නෙ නෑ
කන්ටැක්ටරේ උඩම තව ඇණ තුනකයි යටම ඇණ තුනකුයි තියෙන්නෙ.
ඒවට තමා මෝටරේට කරන්ට් එක යන වයර් හයි කරන්නෙ
වයර් ජංජාලයක් ඉතිං