පාස්කු දින ප්‍රහාරය: මිය ගිය අය වෙනුවෙන් 'උපහාර' පුදන තරුණියක්
අප්‍රේල් 21 වන දින එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව සමාජයේ විවිධ පාර්ශව විවිධාකාරයෙන් ඊට ප්‍රතිචාර දක්වනු දැකිය හැකිය. ඒ අතර, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ජනතාව වෙනුවෙන් සුවිශේෂී උපහාරයක් පිදීමට ඉදිරිපත් වූ මුස්ලිම් තරුණියක් පසුගියදා බීබීසී සිංහල සේවයට මුණ ගැසිණි.
ඇය නමින් තහීරා රිෆාත්.
27 හැවිරිදි තහීරා නිදහස් රූ රටා නිර්මාණ ශිල්පිනියකි (Freelance Illustrator).
මිතුරෙකු ලබා දුන් තොරතුරක් ඔස්සේ සමාජ මාධ්‍ය හරහා ඇයගේ විස්තර සොයාගත් මට ඈ හා කතා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට හැකි විය. පසුව, නාවල පිහිටි නිවසට මා යන විටත් ඇය සිටියේ සිතුවමක් අඳිමිනි. ඒ, පසුගිය පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් මිය ගිය තරුණියකගේ රුවකි.
"මේ සිදුවීම වුණ දවසේ අපිට ගොඩක් බය හිතුණා. ගොඩක් හිත රිදුණා. මට සතියක් විතර යනකම් නිදාගන්න බැරි වුණා. ඒ වෙලාවේ මට හිතුණා එතන හිටපු අයට කොච්චර හිතට වදින්න ඇතිද කියල. හිතට කොච්චර බලපාන්න ඇති ද කියල."
"මට ඕන වුණා ඒ මිය ගිය අයට උපහාර කරන්න යමක් කිරීමට. ඒ නිසා තමයි මම තීරණය කළේ, ඒ අයගේ ඩිජිටල් රූ රටා අඳින්න. කෙනෙක්ට ළඟ කෙනෙක් නැති වුණොත් එයා හැම තිස්සෙ ම හිතන්නේ ඒ නැති වුණ කෙනාව සිහි කරන විදියක්. ඒ මුහුණ දකින කොට හොඳ දෙයක් හිතෙන්න ඕනේ. මරණය තිබුණ තැන පින්තූර දකින්න අකමැතියි. ඒ වෙනුවට ලස්සන පින්තූරයක් දකින්න කැමතියි. මම ඒකයි මෙහෙම කරන්න හිතුවේ," තහීරා විස්තර කළාය.
තහීරා රිෆාත් නිර්මාණය කළ සිතුවම් කිහිපයක්
පාස්කු දින බෝම්බ ප්‍රහාර නිසා 250 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 500කට අධිකය. මිය ගිය අය පිළිබඳව බොහෝ විට සංඛ්‍යාත්මකව පමණක් කතා කළ බව පෙන්වා දුන් තහීරා, මිය ගිය අයගේ තොරතුරු සමාජගත වූයේ මඳ වශයෙන් බවත් ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ප්‍රමුඛත්වයක් ගත් බවත් පෙන්වා දුන්නාය. "ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඔක්කොම අය හුඟක් දුකෙන් ඉන්නේ, දෙසීය පනස් ගානක් මැරුණ නිසා. නමුත් කවුරුවත් දන්නේ නැහැ ඒ කවුද කියල. මට අවශ්‍ය වුණා අවධානය ඒ අයගේ පැත්තට ගන්න. ඒ අය ඒ ආකාරයට මැරෙන්න හිටිය අය නොවෙයි."
තහීරා, නිර්මාණයක යෙදෙමින්
මෙම නිර්මාණ කිරීම අරඹන විට තමා සතුව කිසිදු තොරතුරක් නොවූ බවත් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සහ පුවත්පත්වල පළවූ තොරතුරු එකතු කර සිය ව්‍යායාමය ඇරඹූ බවත් ඇය පැවසුවාය. ඇය මේ රූ රටා ගොන්න ඇඳීම ඇරඹුවේ, මඩකලපුව සියොන් දේවස්ථානයට ඇතුළු වීමට උත්සහ කළ මරාගෙන මැරෙන බෝම්බකරු වැළැක්වූ දෙදරු පියෙකු වූ රමේෂ් රාජුගේ සිතුවමෙනි.
tahirarifath
It feels as if though we've reduced all the lives that were lost during Easter Sunday attacks to just a number. 253. I don't want us to just remember a number. I want to honour and remember the people that were taken too soon. Say their names. Remember their stories. These were human beings. Real people, with full lives. None of them deserved to die the way did.
To honour these 253 lives, I'm going to draw each and every one of them, hopefully. It's a lot of people, I know. But their lives were as important and valuable as mine and yours.
Starting off with this hero.
.
Ramesh Raju, 40-year-old building contractor, a father, a husband, stopped a man with a backpack from entering the Zion church, Batticaloa full of worshippers. If the attacker had entered there would have been many more casualties.
Raju will never know how many lives he saved during those final moments, but the families of the survivors will forever look upon his heroics with an eternal debt of gratitude.
"එයා දිහා වීරයෙක් විදියට තමයි මිනිස්සු බැලුවේ. එයාට කරන ගෞරවයක් විදියට තමයි ඉස්සෙල්ලා ම එයාගෙන් ඉලස්ට්‍රේෂන් කරන්න පටන් ගත්තේ. මම රමේෂ් රාජු ඇඳගෙන යනකොට මට හිතුණා මේ මනුස්සයට ළමයි ඉන්නවා. ඒ ළමයි, එයාගේ පවුල ජීවත් කරවන්නේ කවුද කියල. ඔහු ඒ විදියට මැරෙන්න හිටිය කෙනෙක් නොවෙයි නේද වගේ අදහස් මගේ හිතට ආවා. මට පුදුම දුකක් දැනුණා. ඉලස්ට්‍රේෂන් පහක් විතර කළාට පස්සේ ඒක මානසිකවත් ශාරීරිකවත් මට බලපෑවා. මට උණ ගන්නත් ආවා."
අප ඇය සමග පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 08) සාකච්ඡා කරන විට රූ රටා හයක් පමණ නිමවා තිබිණි. මෙවැනි එක් රූ රටා නිර්මාණයක් සඳහා ඇයට පැය තුනත් හතරත් අතර කාලයක් ගත වේ.
එසේ නිමවන රූ රටා ඉන් අනතුරුව ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි විස්තරයක් ද සහිතව පළ කරනු ලබයි. තම ප්‍රයත්නය සඳහා මිතුරු මිතුරියන්ගෙන් මෙන් ම වෙනත් බොහෝ දෙනෙකුගේ සහය ලැබෙන බව තහීරා පැවසුවාය. කොළඹ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලැබූ තහීරා, ඉන්පසු 2010 සිට 2014 දක්වා ඇමෙරිකාවේ ඉලිනෝයි විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ.
ඇයට එක් සහෝදරයෙක් සිටී. "මගේ අම්මා සිංහල තාත්තා මුස්ලිම්. දෙපැත්තේ ම අය කරන වැඩ ගැන මට සමහර වෙලාවට ගැටලුවක්. දැන් බොදුබල සේනා එකේ අය ප්‍රශ්න ඇති කරන කොට මට හිතුණා, මේක නොවෙයි නේද බෞද්ධ ඉගැන්වීම කියලා. ඇයි එහෙම වෙන්නේ කියලා මම හිතුවා. දැන් මුස්ලිම් අය මෙහෙම කරන කොට මට ඒ ප්‍රශ්නෙ ම ආවා. මට හිතෙනවා ඒ හැම දෙනා ම වැරදියි."
බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අය ලෙස හඳුනාගෙන ඇති 257 දෙනාගේ ම රූ රටා නිර්මාණය කිරීම තම අරමුණ බව පවසන තහීරා රිෆාත් ඒ සඳහා තමාට තොරතුරු එවන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
නිලන්ත කන්කානන්ගේ බීබීසී සිංහල සේවය

මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ 

( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..