ත්‍රස්තවාදයට එරෙහි යැංකින්ගේ ව්‍යාජ යුද&
රටවල් අභ්‍යන්තරයේ ජනවාර්ගික,ආගමික,ගෝත්‍රික ආදී විවිධ බෙදී ඉතා සියුම්ව පාවිච්චි කරමින් තමන්ගේ පදයට නටන්නේ නැති නායකයින් බලයෙන් පහකිරීම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිදුකරන්නේ බොහෝ කාලයක පටන්ය.රටක් බෙදී වෙන්වීම යනු එහි බලය ක්ෂීණ වී යාමකි.යුගෝස්ලෝවියාව,සුඩානය ආදි රටවලට අත්වූයේ මෙම ඉරණමයි.තවමත් භූදේශපාලනිකව බෙදී වෙන්වී නැතත්,ලිබියාව,සිරියාව,ඉරාකය ආදී රටවල් අදටත් එක්සත් වීමට නොහැකිව තිබෙන්නේ බටහිර රටවල් නීතිවිරෝධීව එම රටවල තුල අභ්‍යන්තර ප්‍රශ්න ඇතිකිරීමත්,ප්‍රශ්නවලට මැදිහත්වීමත්,පවතින රජයන්ට එරෙහිව විරුද්ධ පාර්ශ්වයන් ආයුද සන්නද්ධ කර එම රටවල් නිමක් නොපෙනෙන සිවිල් යුද්ධ තත්ත්වයන්ට ඇද දැමීමේ ප්‍රතිඵලයන් ලෙසයි.
අද සිරියාවට සහ ඉරාකයට අත්ව තිබෙන ඉරණමට සෘජුව වගකිව යුත්තේ ඇමෙරිකාව සහ එහි මිත්‍ර රටවල්ය.සැබවින්ම සිරියාව යනු ඊශ්‍රායල විරෝධී රාජ්‍යයකි.ඊශ්‍රායලයට එරෙහි යුද්ධ කිහිපයකින් පසුව ඊජිප්තුව,සෞදි අරාබිය,ජෝර්දානය ආදී අරාබි රටවල් යුදෙව් රාජ්‍යය සමග මිත්‍රශීලීව කටයුතු කලද සිරියාව එසේ කලේ නැත.ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ කල මැදපෙරදිග සිය සංග්‍රාම මාලාවේ ඊළඟ ඉලක්ක ලෙස ඇමෙරිකාව තෝරාගත්තේ තෙල් සම්පතෙන් සපිරි ඉරාකයයි.ඉන්පසු ප්වුන් බටහිර විරෝධී ඒකාධිපතියෙක් වූ ගඩාෆිගේ ලිබියාව අස්ථාවර කරන ලදි.දෙරටේම නායකයින් මරා දැමිණි.අරාබි වසන්තයේ ගොදුරු බවට පත් වූ ටියුනීසියාව,ඊජිප්තුව අද වන විට යම් ස්ථාවර ත්ත්වයක පසුවුවද සිරියාව එම වාසනාව ලැබුණේ නැත.2011 වර්ෂයේදී ඇමෙරිකාවේ සීඅයි ඒ රහස් ඔත්තු සේවයෙන් ලැබුණු යුද්ධෝපකරණ සහිතව සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ්ට එරෙහිව යුද පෙරමුණක් නිර්මාණය විය.ඉරාකයෙන් ඇරඹුණු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයද සිරියාවට පිවිසීමත් සමග සිරියානු අරාබි හමුදාවට එනම් බෂාර් අල් අෂාඩ්ට පක්ෂපාතී සිරියානු රජයේ හමුදාවට පෙරමුණු දෙකක සටන් වැදීමට සිදුවිය.2015 වර්ෂය වන විට අෂාඩ් හට සදාම් හුසේන්,ගඩාෆි වැනි නායකයින්ට අත්වූ ඉරණම හිමිවන බවට පැහැදිලිව පෙනෙන්නට තිබිණි.
සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව දුර්වල තත්ත්වයකට පත් වූ රුසියාව තවත් දුර්වල කිරීමෙන් අරමුණින් ඉස්ලාමීය අන්තවාදීන් සමග එක්ව කොකේසියා ප්‍රදේශයේ බෙදුම්වාදී අරගල නිර්මාණය කල යැංකීන් ප්‍රමුඛ මිත්‍ර සන්ධානය,යුගෝස්ලෝවියාව බෙදා වෙන් කිරීමටද සිය සහාය නිර්ලෝභීව සපයා දුන්හ.එතැනින් නොනැවතුණු ඔවුන් රුසියාවේ මිත්‍ර රාජ්‍යයන් එකිනෙක අස්ථාවර කිරීමට පටන් ගත්හ.මැදපෙරදිග රුසියානු මිත්‍ර රාජ්‍ය එකිනෙක යැංකින් ප්‍රමුඛ කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණ හමුවේ විනාශ වෙද්දී රුසියාව ඉවසීමෙන් බලා සිටියේය.අවසානයේදී සිරියාව වෙනුවෙන් ඉදිරිපත් වන්නට ජනපති පුටීන් තීරණය කලේය.බටහිර කුමන්ත්‍රණකරුන්ගේ ගමනට මෙතරම් කාලයකට කිසිවෙක් අභියෝග කලේ නැත.ප්‍රජාතන්ත්‍රවාදය,ලෝක සාමය වෙනුවෙන් යැයි කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය වත් මොවුන්ගේ ක්‍රියාවලට එරෙහි වූයේ නැත.මන්ද ඒ සියලු සංවිධාන සහ රටවල් ලෝක පොලිස්කාරයාගේ,ඔහු විසින් මෙහෙයවන ගෝලීය ආර්ථිකයේ වහල්ලුන් වූ නිසාවෙනි.ඔවුන්ට එරෙහිව යන්නන්ට හිමිවූයේ ආර්ථික සම්බාධක වලට මුහුණ දීමට සහ ලෝකයෙන් හුදකලා වීමටය.
මේ විට සිරියානු රජයේ හමුදා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ තිබේ.ඒ රුසියාව,ඉරානය,හිස්බුල්ලා සංවිධානය ආදී පාර්ශ්ව රැසකගේ සහාය සහ කැපකිරීම් වල ප්‍රතිඵලයක් ලෙසයි.සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයට වන්නට පිහිටා ඇති සිරියානු හමුදාව විසින් වසර ගණනක් තිස්සේ රැකගෙන සිටින කිසිදු ගොඩබිම් ප්‍රවේශ මාර්ගයක් නොමැති ඩීර් එසෝර් නම් පොකට්ටුව දෙසට මේවන විට දිශා දෙකකින් සිරියානු හමුදාව ගමන් කරමින් සිටියි.ඇමෙරිකාව ලෝකයට පෙන්වන 'ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධයේ' සැබෑ ස්වරූපය ගැන කතා කරද්දී ඩීර් එසෝර් පොකට්ටුව වැදගත් වේ.2016 වර්ෂයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මෙම ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටින සිරියානු රජයේ හමුදාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන ලදි.ඊට පෙර ඒ අවට හමුදාවේ ශක්තිමත් ස්ථාන කිහිපයකට ඇමෙරිකානු ප්‍රහාරක යානා ගුවනින් පහරදෙන ලදි.ඉන්පසුව එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් ඩීර් එසෝර් පොකට්ටුව දෙකඩ විය.පොකට්ටුවේ දකුණු දිශාවට වන්නට පිහිටා තිබුණේ එහි ජීවනාලිය වූ ගුවන් තොටුපොලයි.ඇමෙරිකානුවන්ගේ සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඒකාබද්ධ ප්‍රහාරයේ ප්‍රතිඵලය වූයේ ගුවන් තොටුපොල සහ ඩීර් එසෝ අතර මාර්ගයේ පාලනය සිරියානු හමුදාව අතින් ගිලිහී යාමයි.නමුත් ඩීර් එසෝ හි සිටින නිර්භීත සෙබලුන් නිසා මේවන තෙක් එම ප්‍රදේශය අල්ලාගැනීම ත්‍රස්තවාදීන්ට නොහැකිව තිබේ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින බව පවසමින් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඇමෙරිකාව අනියමින් උදව් කරන්නේ මෙසේය.
ඇමෙරිකාව විසින් සිදුකල එවැනිම නිර්ලජ්ජිත ප්‍රහාරයක් 2017 අගෝස්තු මාසයේ 7 වනදා වාර්තා විය.මෙවර ඇමෙරිකානුවන්ගේ ඉලක්කය වූයේ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින දෙවන පෙරමුණ වන සන්නද්ධ කණ්ඩායම් රැසක එකතුවක් වන PMU - Popular Mobilization Units නම් සන්ධානයයි.අගෝස්තු 7 දා ඉරාක-සිරියා දේශසීමාවේ සිටි PMUහි සාමාජිකයින් ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයත් ,ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ වෘත්තීයමය නොවන ක්‍රියාදාමයත් හේතුවෙන් PMUහි සාමාජිකයින් විශාල ප්‍රමාණයක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීය.
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ඉරාක පාර්ශ්වයේ අට් ටන්ෆ් දේශ සීමා පැන්නුමේ අකෂාට් ප්‍රදේශයේ සිටි හි පළමු සේනාංකය ඉලක්ක කරගෙන මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන ලදි.වාර්තාවලට අනුව එම ප්‍රදේශයේ හි ස්ථානවලට එක්සත් ජනපදය එක් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.මීට පෙර අට් ටන්ෆ් හි කටයිබ් සායිඩ් අල්-ෂුහාඩා(PMU හි එක් කණ්ඩායමකි) නම් ඒකකයේ සාමාජිකයින් ඉලක්ක කර එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය එම්142 අධි චල්‍යතා කාලතුවක්කු රොකට් පද්ධතිය යොදාගෙන ප්‍රහාර එල්ල කර තිබේ.
ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට PMU සාමාජිකයින් සමත් වුවද ඔවුන්ට බරපතල හානි සිදුව තිබේ.වාර්තාවලට අනුව නම් PMU හි සාමාජිකයින් 40-70 අතර ගණනකට ජීවිත අහිමිව තිබේ.තවත් දුසිම් ගණනක් දෙනා සිද්ධියෙන් තුවාල ලබා තිබේ.තාක්ෂණික යුද්ධෝපකරණ ,බුල්ඩෝසර් යන්ත්‍ර ඇතුලුව ඒකක 6ක් වත් ප්‍රහාරවලින් විනාශ වී ඇත. තවද කටයිබ් සායිඩ් අල්-ෂුහාඩා කණ්ඩායමේ ප්‍රධානියාගේ පුත්‍රයාද ප්‍රහාරවලින් මියගොස් ඇතැයි වාර්තා වේ.
සිදුවීමෙන් පසුව එක්සත් ජනපදයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කර තිබුණේ සටනේදී හට අත් වූ හානි වලට එක්සත් ජනපදයට චෝදනා කර ඵලක් නැති බවයි.නමුත් මීට පෙර අවස්ථා ගණනාවකදී ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් වලදී PMU සහ ඉරාක හමුදා වෙත "අත්වැරදීම්" යැයි කියමින් ඇමෙරිකාව එල්ල කල ප්‍රහාර ගැන සඳහන් කිරීමට මෙම මූලාශ්‍රවලට අමතක වී තිබේ.
මෙම සිද්ධියත් සමග PMU හමුදාවත්,ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයත් අතර අවිනිශ්චිතතාවය තවත් වර්ධනය වීම නොනැවැත්විය හැකිය.දෙපාර්ශවය අතර පවතින්නේ හොඳ සම්බන්ධතාවයක්ද නොවේ.මන්ද ඔවුන් සිරියානු යුද්ධයේදී සහාය ලබාදෙන්නේ පාර්ශ්ච්ව දෙකකටය.තවද ඉරාකයේ තර්ජනය අවසන් කල පසු එරට අනාගතය සම්බන්ධව දෙපාර්ශ්වයේ දැක්මද එකිනෙකට වෙනස්ය.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී දකුණු මෝසූල් ප්‍රදේශයට එල්ල කල ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාක රජයට පක්ෂපාතී සුන්නි ගෝත්‍රික සටන්කරුවන් 20කට ආසන්න පිරිසක් මරණයට පත්විය.හෂ්ඩ් අල් ෂාබි එනම් PMU හමුදාව නිර්මාණය වී තිබෙන්නේ සුන්නි,ෂියා මුස්ලිම් ජාතිකයින් මෙන්ම ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින ක්‍රිස්තියානි ඇතුලුව වෙනස් ආගමික,ගෝත්‍රික,ජනවර්ගවල එකමුතුවකිනි.එහි ෂියා මුස්ලිම් සටන්කරුවන් 100,000කට ආසන්න පිරිසක් සිටියි.ඔවුන් මෝසුල් නගරය මුදාගැනීම ඇතුලුව විරෝධී සටන්වලදී වැදගත් කාර්යයභාර්යක් ඉටුකරන ලදි.
2016 නොවැම්බර් මාසයේදී ඉරාක පාර්ලිමේන්තුව විසින් PMU වෙත නීතිය ක්‍රියාත්මක කරන වෙනත් ආයතන සතු බලතල ලබාදුන්නේය.එනම් ඉරාකය තුල රජයේ හමුදාව සහ පොලිසියට සමාන බලයක් PMU සතුවේ.පසුගිය සතියේ PMU සහ ඉරාක හමුදාව ඉරාකයේ වයඹදිග ප්‍රදේශයේ ටල් අෆාර් නගරය අල්ලා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කලහ.එම නගරය සුන්නි මුස්ලිම් බහුතරයකින් සමන්විත ඉරාකයේ පවතින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ අවසන් බලකොටුවයි.
PMU හි කටයිබ් සායිඩ් අල්-ෂුහාඩා කණ්ඩායම සඳුදා දිනයේ ඔවුන්ගේ සාමාජිකයින් රැසකට මරු කැදවූ ඇමෙරිකානු ප්‍රහාරය සම්බන්ධව නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.ත්‍රස්තවාදීන්ට පහරදෙනවා වෙනුවට ඇමෙරිකාව තමන්ට පහරදෙන බව එහි සඳහන්වේ.තවද මෙවැනි ඇමෙරිකානු ප්‍රහාර ඉදිරියේදීත් තමන් ඉලක්ක කරගෙන එල්ල වීමේ හැකියාවක් තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත.මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන්න යැයි කටයිබ් සායිඩ් අල්-ෂුහාඩා කණ්ඩායම ඉරාක රජයෙන් ඉල්ලීමක් කර තිබේ.ඇමෙරිකානු ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කිරීමටත් ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග තීරණය කිරීමටත් PMU හි සියලුම කණ්ඩායම්වල නායකයින්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වීමේ අවශ්‍යතාවයද ප්‍රකාශයේ ඇතුලත් වේ.
PMU හි පැවැත්ම සම්බන්ධව නොසතුටින් සිටින්නේ ඇමෙරිකා ප්‍රමුඛ මිත්‍ර සන්ධානය පමණක් නොවේ.ඇමෙරිකාව 2003 වර්ෂයේදී සිදුකල ඉරාක ආක්‍රමණයෙන් පසුව ඔවුන්ට එරෙහිව සටන් වැදුනු මාධි නම් ෂියා හමුදාව නිර්මාණය කල ඉරාකයේ ෂියා ආගමික නායකයෙක් වන මුක්ටාඩා අල්-අඩාර් PMU හමුදාව විසුරුවා හරින්න යැයි ඉරාක රජයෙන් ඉල්ලා සිටියේය.අගෝස්තු 4 වනදා සිය ආධාරකරුවන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.පුදුමයට කරුණ නම් සඩාර් සෞදි අරාබියේ සංචාරය කර එහි නව නායකයා වන මොහොමඩ් බින් සල්මන් කුමාරයා ඇතුලු ඉහළ පෙලේ සෞදි නායකයින් හමුවී ඉරාකයට පැමිණි දින කිහිපයකට පසුව මෙම ප්‍රකාශය සිදු කිරීමයි.සඩාර් සෞදි අරාබිය වෙත යෑම ආරම්භ වන්නේ 2017 වර්ෂය ආරම්භයේ පටන්ය.ඔහු පක්ෂපාතී පිරිස් රැසක් සිටියද හමුදාව විසුරුවා හරින්නට ,ඉරාක රජයට බලපෑම් කිරීමට තරම් ඔහු සතුව බලයක් නැත.
නමුත් සඩාර්ගේ පදයට නටන්නට ඉරාක අගමැති සූදානම් නැත.අගමැති හයිඩර් අල්-අබාඩි ප්‍රකාශ කර තිබෙන්නේ PMU හමුදාව විසුරුවා හරින්නේ නැති බවත් එය රටේ නායකත්වය සහ ආගමික අධිකාරිය යටතේ පවතින බවත්ය.රට තුලත් හමුදාව තුලත් ඇති එකමුතුව අවසන් කර රට අතීතයේ පැවති තත්ත්වයට ගෙනයාමට ඉඩනොදෙන බවත් අගමැතිවරයා පවසා තිබේ.
සඩාර් ඉදිරිපත් කරන අදහස වන්නේ PMU හි සාමාජිකයින් ඉරාක හමුදාවට අන්තර්ග්‍රහණය කරගෙන එහි අණදීමේ කාර්යය රජය විසින් බාරගත යුතු බවත්,සියලු කණ්ඩායම් නිරායුද කිරීමත්ය.නමුත් මෙතරම් ඉක්මණින් එම කාර්යය සඳහා යොමුවීම කල නොහැක්කකි.මන්ද තවමත් ISIS ත්‍රස්තවාදීන් ඉරාකයෙන් මුලිනුපුටා දමා නොමැති වීමයි.
Source:southfront.org
-HarshaLulzSec-

පහත දැක්වෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් PMU හමුදා ඒකකයකට ප්‍රහාර එල්ල කරන අයුරුය.

මුක්ටාඩා අල්-අඩාර්(වම්පස) සහ මොහොමඩ් බින් සල්මන් කුමාරයා