ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

ඔයා කන්න ෂම්මි. :)
දෙගොල්ල ආහාර සපයගන්න ක්‍රම දෙකේ වෙනසක් ඇති බවයි මම කියන්නෙ. මම කියල තියෙන එක ඔයාට පැහැදිලි නැතිව ඇති. ඕක පැහැදිලි කර ගත්තයි කියල ඔයාටවත් මටවත් පලක් නෑනෙ. මං මගෙ අදහස කිව්වා විතරයි.
මම ඇත්තම කිව්වොත් මම උයාගත්තොත් (මම මැරුවොත් හෝ කඩේක-පාටියක උයපු දේ නෙවෙයි)කිසිම බේදයක් නැතුව කනවා.ඒ නිරවුල් චේතනාවෙන්ආහාරයක් ලෙස .මට බුදු බණ විශ්වාසයි.
(සැලකිය යුතු-, මෛත්‍රී සිත් පෙරටුව කිසිම මාංශයක් අනුභව කල නොහැක)
සුදුනෝනට වඩාත් නිරවුල් ප්‍රඥාව පහළ වෙවා!
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
Mama hithanne api hamoma kawe nathath mas malu wikinenna kiyala kadeta enawa athi.:baffled::baffled::DSahodaraya meka sadaranikaranaya karanna hadana ekata nam mama ekaga wenne na.Mokada mama hodatama dannawa api kawe nathnam sathun marena eka godak adu wenawa kiyana eka.:):)

:lol:
 
  • Like
Reactions: Elcid

පඤ්ඥාවන්තස්සායං ධම්මෝ-නාය දුප්පඤ්ඥස්ස.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මම ඇත්තම කිව්වොත් මම උයාගත්තොත් (මම මැරුවොත් හෝ කඩේක-පාටියක උයපු දේ නෙවෙයි)කිසිම බේදයක් නැතුව කනවා.ඒ නිරවුල් චේතනාවෙන්ආහාරයක් ලෙස .මට බුදු බණ විශ්වාසයි.
(සැලකිය යුතු-, මෛත්‍රී සිත් පෙරටුව කිසිම මාංශයක් අනුභව කල නොහැක)
සුදුනෝනට වඩාත් නිරවුල් ප්‍රඥාව පහළ වෙවා!

:lol:නැත.! කවුරුහරි මහන්සිවෙලා පාලමක් හැදුවම (ඒ පාලම උඩින් යන නිසා)පදිකයාටත් ඒ පාලම හැදූ පින අයිතිද?
පාලමෙන් මගියෙක් යනෙන වාරයක් පාසාම පාලම හැදූ කෙනාටම පින අයිතිවේ.
සතුන් මරන්නාගේ පහත් හැඟීම්(ක්‍රෝධය-මුදල් තන්හාව-යනාදී.....)ඔහුම විඳවිය යුතුයි.මක් නිසාද,ඔහු සතුන් මරණ බැවිනි.එහෙත් මස් කන තැනැත්තා අන් භාන්ඩ සේම වෙලඳපලින් යමක්(මස්) මිළදී ගනී.

මස් සහ ප්‍රාණගාතය පටළවා නොගන්න.තුන් ලෝකයම දුටු,සර්‍වඥ වූ බුදු පියාණන් එතැන පවක් නෑ කියනවානම් තවත් අප වාද කරන්නේ කුමටද?

(සියළු සතුන් කෙරේ මෛත්‍රීය ඇත්තෝ මස් නොකත්වා!)
එය වඩා හොඳය.

මේ හයිලයිට් කරල තියෙන දෙක දිහා බලන්න ෂම්මි. ඔයාම කියනවා සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මස් කන්න එපා කියල. මේක දැක්කම හිතෙන්නෙ බුදු හාමුදුරුවන්ට සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියක් තිබුණෙ නෑ වගේ.

මම කිව්වෙ නෑ මස් කෑමෙන් ප්‍රාණඝාත අකුසලය වෙන බව.

මම කියන්නෙ අපි මස් මාලු කන නිසා අපට ආහාර සැපයීමට ඒ සතුන් ඝාතනය වෙනවා කියන එක. එක එල්ලේ යම් සතෙකුගේ ඝාතනයට අපේ සම්බන්ධයක් නෑ තමයි. නමුත් අපි කන්නෙ නැත්නම් සතුන් මරන්නෙ නෑනෙ. (උදාහරණයක් විදිහට, මුස්ලිම් රටක ඌරන්ව මරල වෙළඳපොළේ තියනවද? නෑනෙ. මොකද ඒ මස් කන කෙනෙක් නැති නිසා.)

අපේ කෑම අපිම තෝර ගන්නවා. භික්ෂූන්වහන්සේ එහෙම නැහැ. දෙන දෙයක් පිළි ගන්නවා. (ඒ කාලෙ භික්ෂූන්වහන්සේලා වැඩි වශයෙන් කළේ පිඬු සිඟා වැඩිය එක; එහිදී පිළිගත් ආහාර ඒ ඒ දායකයන් තම පරිහරණයට සකස් කරගත් ඒවා; නමුත් ගෙවල්වල දානයට වැඩම කරනවිට හාමුදුරුවරුන් උදෙසාම දන් පිළියෙල කරනවා. අන්න එවිට ඇතිවෙන තත්ත්වය උඩ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුමත කරන්න ඇති කියලයි මං කිව්වෙ- මම දන්නෙ නෑ ධර්මයේ කොතැනකද මේ ගැන සඳහන් වෙන්නෙ කියල.) ගිහියන් සහ භික්ෂූන්වහන්සේ උදෙසා අනුමත කළේ එකම දේවල් නොවෙයිනෙ නේද? නිවනට උපකාර නොවන නමුත් ගිහියන්ට කිරීමට ඉඩ හැරිය තව දේවල් අනන්ත තියෙනවනෙ.

ප්‍රාර්ථනාවට ස්තුතියි. ඔබටත් එසේම වේවා.
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

(සියළු සතුන් කෙරේ මෛත්‍රීය ඇත්තෝ මස් නොකත්වා!)
එය වඩා හොඳය.

(සැලකිය යුතු-, මෛත්‍රී සිත් පෙරටුව කිසිම මාංශයක් අනුභව කල නොහැක)

ඔයාම කියනවා සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මස් කන්න එපා කියල. .

43014016.png

38816320.png

:nerd::nerd:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මෙහෙමයි එලුවො,

මම කියන්නෙ දැං පිඟානෙ තියෙන කරෝල කෑල්ලට මෛත්‍රිය කරන්න කියල නෙවෙයි. ඉදිරියේ ඔබේ පිඟානට ඒම සඳහා මැරෙන්න නියමිත සතාට මෛත්‍රිය කරන්න කියල.

නිර්මාංශික වූ පමණින් අවිහිංසාවාදියෙක් නොවන බව හැබෑව- උදාහරණයක් විදිහට බොහෝ දෙනා නිර්මාංශික වෙනවා සෞඛ්‍ය හේතූන් මත. දේවදත්ත නිර්මාංශික වුණේ තමන්ට අනුගාමිකයන් පිරිසක් කඩා ගැනීමේ අරමුණ ඇතිව. අපි මෙතන කතා කරන්නෙ අවිහිංසාව මත පදනම්ව නිර්මාංශික වීම ගැන. සතුන් මැරීමට අනුබල දීමෙන් වැලකීම ගැන.

සුදුනෝනේ මේක නොකෙරෙන වැඩක් නිසා තමයි බුදු හාමුදුරුවොත් මධ්‍යස්ථව හිටියේ.පවක් නං කෙලින්ම කියනවනේ.
ඒත් අගය කලයුතු අදහසක් මේක:)

:yes:"අවිහිංසාව මත පදනම්ව නිර්මාංශික වෙමු":yes:
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
සුදුනෝනේ මේක නොකෙරෙන වැඩක් නිසා තමයි බුදු හාමුදුරුවොත් මධ්‍යස්ථව හිටියේ.පවක් නං කෙලින්ම කියනවනේ.
ඒත් අගය කලයුතු අදහසක් මේක:)

:yes:"අවිහිංසාව මත පදනම්ව නිර්මාංශික වෙමු":yes:

:yes: මෛත්‍රී භාවනවෙන් කෙරෙන්නෙ ලෝක සත්වයා මේ විඳින දුක් කන්දරාව කෙලවර කර.. තමන් අවබෝධ කරගත් ධර්මය අවබෝධ වේවා කියලයි.. (... දුකෙන් මිදෙත්වා .. නිවන් දකිත්වා) .. (ඒක නිසා මාංශ කෑවත් නැතත් මේ කරන මෛත්‍රිය අප්‍රමාණයි :) )
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙහෙමයි එලුවො,

මම කියන්නෙ දැං පිඟානෙ තියෙන කරෝල කෑල්ලට මෛත්‍රිය කරන්න කියල නෙවෙයි. ඉදිරියේ ඔබේ පිඟානට ඒම සඳහා මැරෙන්න නියමිත සතාට මෛත්‍රිය කරන්න කියල.

නිර්මාංශික වූ පමණින් අවිහිංසාවාදියෙක් නොවන බව හැබෑව- උදාහරණයක් විදිහට බොහෝ දෙනා නිර්මාංශික වෙනවා සෞඛ්‍ය හේතූන් මත. දේවදත්ත නිර්මාංශික වුණේ තමන්ට අනුගාමිකයන් පිරිසක් කඩා ගැනීමේ අරමුණ ඇතිව. අපි මෙතන කතා කරන්නෙ අවිහිංසාව මත පදනම්ව නිර්මාංශික වීම ගැන. සතුන් මැරීමට අනුබල දීමෙන් වැලකීම ගැන.

කැරකිලා කැරකිලා ආයි වැටිලා ඉන්නෙ මුලින් තිබ්බ පටලැවිල්ලටනෙ..:nerd:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Sahodaraya meka sadaranikaranaya karanna hadana ekata nam mama ekaga wenne na.Mokada mama hodatama dannawa api kawe nathnam sathun marena eka godak adu wenawa kiyana eka.:):)

"සාධාරණීකරණය" කියන ලේබල් එක මෙතනට අලවන්න එපා..:no:

මොකද මෙතන වෙන්නෙ සත්‍ය පහදා දීම විනා එහෙම දෙයක් නෙමේ..:nerd:
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
අපි ගත්තෙ නැත්නම් ඒවා එන්නෙ නෑ නේද? අපි ගන්න නිසා නේද සත්තු මරන්නේ.අපි 10 දෙනෙක් නිර්මාංශ උනොත් අවුරුද්දකට සත්තු කී දෙනෙක් බේරෙයිද මම නම් හිතන්නෙ අපි ගන්න නිසා තමයි සතුන් මරන්නෙ.ඒ නිසා ඒවා ශුද්ධ නෑ කියලයි.
සමහර විට මම වැරදි ඇති.:):)

මට හිතෙන හැටියට ඔබේ මේ අදහස හරියටම හරි. අප කඩෙන් ගන්න මස් අයිති සතා මැරුවේ අප වෙනුවෙන් නෙවේ නම් කවුරු වෙනුවෙන්ද? මේ ප්‍රශ්නෙ ගොඩක් වැදගත්.
කවුරු වෙනුවෙන්ද ඒ සතා මැරුවෙ කියන එක පිලිබඳව කිසිම සැකයක් නැහැ, තමන් වෙනුවෙන් තමයි.

ඒ අනුව ශුද්ධ මසක් ලෙස ගත හැක්කේ ස්ව්භාවික ලෙස මිය ගිය සතෙක්ගේ මස් විතරයි.

බුදුන් කිසි දිනක මස් ආහාරයට ගත්තා කියලවත්, එයට අනුබල දුන්නා කියලවත් හිතන්න අමරුයි.

මට නම් පෙන්නේ තර්කානුකූලව හිතන කෙනෙකුට මෙකේ ගැටලුවක් නැහැ.

කවුරුවත් මස් මාලු කන එකට කාටවත් ප්‍රශ්නයක් නෙවේ. ඒත් ඒ තමාගේ කැමැත්ත සාධරණීය කරන්ඩ යාම බුදු දහම එක්ක ගාවලා වැරදියි කියලා මට හිතෙන්නේ. මොකද ඒක බුදු දහම විකෘති කිරීමක්.

බුදුන් කියලා තියෙන්නේ සතුන්ට හින්සා කරන්න එපා කියලා. කවුරු හරි කඩෙන් මස් අරගෙන කනවා නම් ඒක සත්ව හින්සාවකට හවුල් වීමක්.

ත්‍රිකොටි පාරිශුද්ද මස් ගැන කියනව නම්, අපිට කිසිම සැකයක් නැහැ ඒ සතා මැරුවේ අපි වෙනුවෙන් කියන එක ගැන.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හරි..නලින්දට දැන් කොතනද තියන ගැටළුව? උපරිම උත්සාහයක් දරන්නම්:D
    පලි-, හැබැයි මේක මුල ඉඳන් කියලා එන්න හොඳ ළමයා වගේ.

    මෙහෙමයි දෑන් හාමුදුරුවො කෙනෙක් අපේ ගෙදරට එනව දානෙකට අපි හදල තියෙනව මස් .......එත කොට හාමුදුරුවො දන්නවනේ අනිවාර්යෙන් මේ මස් ගෙනල්ල තියෙන්නේ අපිටම තමා කියල..........
     
    ඔන්න ඉති ටපලගෙන:lol:
    මස් ගෙනල්ල තියන එකයි-සත්ව ඝාතනයයි අතර වෙනසක් නැද්ද එතකොට.
    ඒ හාමුදුරුවෝ ඉල්ලුව නම් එතන පරහක් තියෙන්න පුලුවන්.අනිත් අතට දායකයා කිව්ව නං අද මස් එහෙමත් දානෙට ලෑස්තියි වගේ ඉඟියක්.
    මට හිතාගන්න බෑ ඇයි මේ විහින් පවු කරගහන්නෙ කියලා.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔන්න ඉති ටපලගෙන:lol:
    මස් ගෙනල්ල තියන එකයි-සත්ව ඝාතනයයි අතර වෙනසක් නැද්ද එතකොට.
    ඒ හාමුදුරුවෝ ඉල්ලුව නම් එතන පරහක් තියෙන්න පුලුවන්.අනිත් අතට දායකයා කිව්ව නං අද මස් එහෙමත් දානෙට ලෑස්තියි වගේ ඉඟියක්.
    මට හිතාගන්න බෑ ඇයි මේ විහින් පවු කරගහන්නෙ කියලා.

    ම්ම්ම් මෙහෙම බලුවොත් මේකත් ඈත්ත තමා..........:yes:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඔන්න ඉති ටපලගෙන:lol:
    මස් ගෙනල්ල තියන එකයි-සත්ව ඝාතනයයි අතර වෙනසක් නැද්ද එතකොට.
    වෙනසක් තියෙනවා. නමුත් ඒ මස් ත්‍රිකෝටි පරිශුද්ධ නැහැ.

    ඒ හාමුදුරුවෝ ඉල්ලුව නම් එතන පරහක් තියෙන්න පුලුවන්.අනිත් අතට දායකයා කිව්ව නං අද මස් එහෙමත් දානෙට ලෑස්තියි වගේ ඉඟියක්.
    එහෙම නැති වුනත් හාමුදුරුවෝ කෙනෙක් දානෙකට වඩිනවා නම්, ඒ දානෙට පිලියල කරලා තියෙන මස් කෑවොත් වැරැද්දට හවුල් වෙනවා.

    අපි බුදුන් කියපු දෙයක් හරියට තේරුම් ගන්න නම් කියපු කාලය සහ කියපු හේතුත් හොඳින් විම්සිල්ලෙන් බලන්න ඕනේ. බුදුන් ගේ කාලයේ හාමුදුරුවරු ආරාධනවෙන් දාන වලට වඩින එක අඩුවෙන් වුන බවයි පෙනෙන්නේ. එම නිසා තමන් වෙනුවෙන් නොමරපු(මිලදී නොගත් කීවත් එකමයි.) මස් ඒ කාලයේදී නිතරම හම්බ වුනා. බොහෝ විට පිඬු සිඟා වඩින විට, කැලේ යන විට, සහ වැඩ සිටින විට අහම්බෙන් එතනින් යන කෙනෙක්ගෙන්. එම නිසා ත්‍රිකෝටි පාරිශුද්ධ මස් ඒ කාලයේ නිතරම තිබුනා, ඒ නිසයි ඒ ගැන පැහදිලි කරලා තියෙන්නේ.

    යමෙක් කෙලින්ම ඝාතනයට හවුල් නොවුනත් එම මස් කෑම සුදුසු නැති බව කියන්නයි තමා වෙනුවෙන් මැරූ බවට සැක නැතිව දනගත යුතු බව කියා ඇත්තේ. මෙහි අදහස තමා නිසා කිසි සතෙකුට හිංසාවක් නොවෙන බවට වග බලා ගැනීමයි. බුදුන් අවිහින්සා වාදියෙක්.

    හොඳින් හිතා බැලුවොත් මෙහි එතරම් තර්කයට දෙයක් නැති බව තමා මට පෙනෙන්නේ.

    තව එකක්, බුදුන් මස් කෑ බව කවුරු හරි කිසි තැනක අහලා තියෙන්වද?

    මට හිතාගන්න බෑ ඇයි මේ විහින් පවු කරගහන්නෙ කියලා.

    මට නම් මේක හිතා ගන්න එක හරිම ලේසියි. බුදු බණ දැන ගත්තත් නැතත්, මිනිසුන් පින් පව් ගැන තැකීමක් නැහැ. හොඳ නරක ගැන අපි හැමෝටම අවබෝධයක තියෙනවා. නරක වැඩ වලින් වලකින්න කියන පුරුද්ද, පෙලඹවීම වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ, නීති වලින් මිසක් ආගමෙන් නෙවෙයි. මිනිස්සු ආගම තමන්ට කැමති විදියට වෙනස් කරගන්නවා.

    හැම ආගමක්ම එහෙමයි. උදාහරනයක් විදිහට, මිනිස්සු දන්නවා මස් කෑම බුදුන් කිසි දිනක අනුමත නොකල බව. එය තර්කයෙන්ම දැනෙන දෙයක්. නමුත් බුදුන්, මස් කෑම වැරැද්දක් නොවන අවස්ථා ඇති බවත් පෙන්වා දී ඇති බව පෙනෙනවා. මට නම් බුදුන්ගේ අදහස මේ වගේ පෙනෙන්නේ. "හැකි සෑම විටම මස් කෑමෙන් වලකින්න. මන්ද යත් එමගින් සතෙකුට ඔබ නිසා හින්සනක් වීමට ඇති ඉඩ අවම වන බැවිනි."

    ඇතැම් අයෙකුට මස් කෑමට ඇති කෑදර කමෙන් මිදිය නොහැකියි. එය ඔහු කන සතාත් ඔහුත් අතර ප්‍රශ්නයක් මිස වෙන කාටවත් ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් තමාගේ එම ක්‍රියාව, ආගම තුල සාධාරණීය කල යුතු බවට එවන් අය සිතන්නේ ඇයිදැයි යන්න ගැටලුවක්. ඇතැම් විට තමා තුලම එම ක්‍රියාව පිලිබඳ සැකයක් ඇති වීම විය හැකියි. ඒත් බුදු දහමේ හරය එසේ විකෘති කිරීමට යාම වැරැද්ද්ක්.

    කාලයක් මා අන්තර්ජාලය තුල එක්තරා කල්ලියකට බැඳී සිටියා. මෙහි සිටියේ ලෝකයේ නොයෙක් රටවල බෞද්ධයන්. ඔවුන්ගේ වෙනස නම් ශ්‍රී ලංකවේ බෞද්ධයන් මෙන් ජන්මයෙන් බෞද්ධ බව ලැබූ අය නොව අවබෝධයෙන් පැමිණි අය වීමයි. ඔවුන් බොහෝ දෙනෙක් සමග නම් මෙය තර්ක කිරීමටවත් දෙයක් වුනේ නැහැ.

    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    වෙනසක් තියෙනවා. නමුත් ඒ මස් ත්‍රිකෝටි පරිශුද්ධ නැහැ.

    එහෙම නැති වුනත් හාමුදුරුවෝ කෙනෙක් දානෙකට වඩිනවා නම්, ඒ දානෙට පිලියල කරලා තියෙන මස් කෑවොත් වැරැද්දට හවුල් වෙනවා.

    අපි බුදුන් කියපු දෙයක් හරියට තේරුම් ගන්න නම් කියපු කාලය සහ කියපු හේතුත් හොඳින් විම්සිල්ලෙන් බලන්න ඕනේ. බුදුන් ගේ කාලයේ හාමුදුරුවරු ආරාධනවෙන් දාන වලට වඩින එක අඩුවෙන් වුන බවයි පෙනෙන්නේ. එම නිසා තමන් වෙනුවෙන් නොමරපු(මිලදී නොගත් කීවත් එකමයි.) මස් ඒ කාලයේදී නිතරම හම්බ වුනා. බොහෝ විට පිඬු සිඟා වඩින විට, කැලේ යන විට, සහ වැඩ සිටින විට අහම්බෙන් එතනින් යන කෙනෙක්ගෙන්. එම නිසා ත්‍රිකෝටි පාරිශුද්ධ මස් ඒ කාලයේ නිතරම තිබුනා, ඒ නිසයි ඒ ගැන පැහදිලි කරලා තියෙන්නේ.

    යමෙක් කෙලින්ම ඝාතනයට හවුල් නොවුනත් එම මස් කෑම සුදුසු නැති බව කියන්නයි තමා වෙනුවෙන් මැරූ බවට සැක නැතිව දනගත යුතු බව කියා ඇත්තේ. මෙහි අදහස තමා නිසා කිසි සතෙකුට හිංසාවක් නොවෙන බවට වග බලා ගැනීමයි. බුදුන් අවිහින්සා වාදියෙක්.

    මේ කියමන නම් මමත් පිළිගන්ව. එක එතරම් තර්ක කරන්ඩ දෙයක් නොවේ . සාමාන්‍ය බුද්ධියට වැටහෙනවා .