ත්‍රිමාණ තාක්ෂණය(3D Technology)

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ත්‍රිමාණ තාක්ෂණය(3D Technology)

    වර්තමානයේ අපට නිතර ඇසෙන වචනයක් බවට මේ කියන 3D Technology එක පත්වෙලා කියෙනවා .3D TV , 3D Monitors හරහා මේ කියන 3D Technology එක අත්විදින්න පුලුවන් බවයි පැවසෙන්නේ. සැබවින්ම 3D Technology ලෙසින් හදුන්වන්නේ කුමක්ද....?

    මුලින්ම අපි බලමු පියවි ලෝකයේදී අප දෑස් වස්තූන් හදුනාගන්නා ආකාරය.අප දෑස් යම් වස්තුවක් දකින්නේ දිගක් හා පලලක් ඇති ද්වීමාන ආකාරයකටයි. මෙහිදි අප දෑස් වලට ගැඹුර පිලිබද අවබෝධයක් නැත .එහිදි අප දකින්නේ ජයාරූපයකදි දක්නා මෙන් ද්විමාන රූපයකි .නමුත් එකිනෙකට පරතරයක් සහිතව පිහිටි අප දෑස් මගින් දක්නා ලද එම රූපය අපගේ මොලය වෙත සන්නිවේදනය කිරීමෙන් අනතුරුව මොලය විසින් වම් සහ දකුණු ඇසින් දක්නාලද වු එම රූපසටහන් එකලස් කොට එහි ගැඹුර පිලිබද යම් නිශ්චයක් ලබාදෙයි. එවිට අප හට එම වස්තුවේ ගැඹුර පිලිබද අවබෝධයක් ලැබේ..

    eyekk.jpg


    එසේම සැබෑ ලෝකයේදි 3D Technology එක පාවිච්චි කරන විට එය නැරඹිම සදහා විශේෂිත වු උපැස් යුවලක් භාවිත කෙරේ.ඇත්කෙන්ම මෙම උපැස් යුවල මගින් ඇස රැවටිමක් සිදුකෙරේ. පරිඝනක තිරයකදි හෝ රූපවාහිණි තිරයකදි හෝ සිනමාවකදි අපට ත්‍රිමාණ ස්වරූපය නිවැරදිව දැකගත හැක්කේ මෙම උපැස් යුවලට පිං සිද්ධ වීමටයි.

    circularpolarizedglasse.jpg


    මෙවැනි උපැස් යුවලක දක්නට ලැබෙන්නේ නිල් සහ රතු වශයෙන් යුතු වීදුරු 2කි. ප්‍රො‍ජේක්ටර 2 විසින් විසින් තිරය මතට රූප පතිත කිරීමේදි එම රූප මතට නිල් සහ රතු වශයෙන් සෙවනැලි 2ක් තිරය මතට ප්‍රක්ෂේපණය කරනු ලබයි. මෙය පියවි ඇසට පෙනෙන්නේ බොද වූ සෙවනැල්ලක් ලෙසිනි .

    61301077.jpg


    මෙහිදී තිරයේ පවතින රතු සෙවනැල්ල රතු පැහැති වීදුරුවෙන් නොපෙ‍නේ. ඒ කාචය සහ සෙවනැල්ල එකම වර්ණය බැවිනි. එම නිසා රතු සෙවනැල්ල සහිත රූපය හදුනාගන්නේ නිල් පැහැ කාචය මගිනි. නිල් පැහැ සෙවනැල්ල හදුනාගන්නේ රතු පැහැ කාචය සහිත ඇසයි. දැන් අපගේ ඇස් දෙක විසින් එකිනෙකට මදක් වෙනස් පිහිටීමෙන් යුතූ රූප 2ක් දුටු බවට මොලය කරා සංඥාවක් යවනු ලැබේ.ඉන්පසු මොලයේ බාහිකය මගින් එම රූපයන් සංසන්දනය කර එ සදහා නිශ්චිත ගැඹුරක් ලබාදීම සිදුකෙරේ. ඉන්පසුවයි අපහට ත්‍රිමාණ රූපයක් දිස්වනුයේ.

    asdcz.jpg


    පහත රූපයෙන් දැක්වෙන්නේ 3D උපැස් යුවලක් තුලින් ත්‍රිමාණ දර්ශණයක් නැරඹිමේ දසුනකි

    tyuip.jpg


    කේසේ වෙතත් වර්තමානයේ ත්‍රිමාණ තාක්ෂණය බෙහෙවින් ප්‍රචලිත වී ඇත .මෙම තාක්ෂණය සහිත නොයෙක් මාදිලියේ රූපවාහිනි , පරිඝණක තිර මෙන්ම අද වන විට ත්‍රිමාණ තිර සහිත ජංගම දුරකතන පවා වෙලදපල තුල දක්නට ලැබේ.එ අතරම ත්‍රිමාණ චිත්‍රපට කර්මාන්තයද සිඝ්‍ර ලෙස වර්ධනය වේ. වෙනකක් තබා අන්තර්ජාලයේ විඩීයෝ ගබඩාව වන youtube හි පවා ත්‍රිමාණ විඩියෝ දර්ශණ දක්නට ලැබේ.

    සැ.යු
    ත්‍රිමාණ තාක්ෂණය එ අකාරයට වේගයෙන් දියුණු වුවද ඇතැම් වෛද්‍යයවරුන් පෙන්වා දෙන පරිදි මෙයින් මොලය‍ට හා ඇසට අධික වෙහෙසක් ඇතිකරන බව පැවසේ. මන්දයත් සමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැරව මෙම කෘතිම සැකැස්ම තේරුම් ගැනීමට යැමේදි අපගේ මොලයට මෙන්ම ඇසටද අධික වෙහෙසක් ගෙන දෙන බව ඔවුන් පවසයි....

    ඉදිරිපත් කිරීම රුක්ෂාන් විසිනි
    http://sampath11.blogspot.com/

    වැඩේ එලනම් comments +rep දෙන්න


    පැරණි ලිපි

    english - sinhala dic
    http://www.elakiri.com/forum/showthread.php?p=9539489#post9539489

    windows 7 in sinhala
    http://www.elakiri.com/forum/showthread.php?p=9542638#post9542638

    history of benz car
    http://www.elakiri.com/forum/showthread.php?t=1076595
     
    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    එල පොස්ට් එක මචන්.
    තව පොඩි කැල්ලක් එකතු කරන්න කැමති. අපි සාමාන්යෙන් පුරුදු වෙලා තියෙන්නේ ළඟ තියෙන දෙයක් බලනකොට ඇහැ ලඟට focus කරන්නත් දුර තියෙන දෙයක් බලනකොට දුරට focus කරන්නත්. 3D movies වලදී වස්තුව කොතන තිබ්බත් අපේ ඇහැ focus වෙන්න ඕනේ තිරයට. අපි ගොඩක් කල් පුරුදු වෙලා තියෙන නිසා අපට permanent අවුලක් නොවුනට පොඩි ළමයින්ට හොඳ නැති වෙන්න පුළුවන්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නියමයි!!!!!!!!!!! REP 4+++++

    patta thread eka oiiiii


    එල පොස්ට් එක මචන්.
    තව පොඩි කැල්ලක් එකතු කරන්න කැමති. අපි සාමාන්යෙන් පුරුදු වෙලා තියෙන්නේ ළඟ තියෙන දෙයක් බලනකොට ඇහැ ලඟට focus කරන්නත් දුර තියෙන දෙයක් බලනකොට දුරට focus කරන්නත්. 3D movies වලදී වස්තුව කොතන තිබ්බත් අපේ ඇහැ focus වෙන්න ඕනේ තිරයට. අපි ගොඩක් කල් පුරුදු වෙලා තියෙන නිසා අපට permanent අවුලක් නොවුනට පොඩි ළමයින්ට හොඳ නැති වෙන්න පුළුවන්.

    :yes: thnx bro... ++


    patta ahhhhh

    thanks machanla comments saha rep walata:yes::yes::D:D