ඊයේ මම පෝලිමට ගියා තෙල් ගහ ගන්න. කොහොම හරි රැ 10 විතර වෙද්දී මම ගහගත්තා. මට පස්සේ වාහන දෙකකට ගැහුවම තෙල් ඉවර උනා. මම ඉතුරු සල්ලිත් අරං යන්න හදද්දී.පස්සහා ත්‍රි විල් එකක් ඇවිත් අපෙන් තෙල් ඉල්ලන්න ගත්තා. ගෙදර යන්නවත් නැහැ කියා කියා වැද වැටෙන්න ගත්තා. වයසක කෙනෙක් මට වදිද්දී පට්ට අවුල් වගේ. මට කර ගන්න දෙයක් නැහැ.අන්තිමට මායි මගේ යාළුවෙකුයි එකතු වෙලා ලීටර් 2ක් දුන්නා. තෙල් ගන්න විදිහක් නැහැ කිව්වම. උන්ගේ විල් එක ඇතුලෙන් පම්ප් එකකුයි ලෙවල් බටෙකුයි අරන් ආව. හැබැයි උන් තෙල් වලට සල්ලි නම් දුන්නා. අනේ මන්දා බන් ඔක්කොම අසරණයි!
