මගේ ලග ත්‍රි විල් එකක් තියෙනවා දෑවැද්දට හම්බුනු. ගෙදරට සිමෙන්ති අදින එක තමා ඕකෙන් වැඩියෙන්ම කරන්නේ. මම wfh නිසා ෆ්‍රී ටයම් තියෙනවා. මම අද ත්‍රිවිල් එකේ ගියා සිමෙන්ති එකක් ගේන්න. එද්දී වයසක පොරක් අත දැම්මා. මාත් දාගෙන ආවා. පොර බැහැලා රුපියල් 100ක් දික් කරා. මම වෙනදාටත් මෙහෙම සෙට් උනොත් මිනිස්සු දාගෙන එනවා. සමහර අය සල්ලි දෙන්නත් හදනවා. හැබැයි මම එපා කියලා එනවා. හැබැයි මේ වයසක අන්කල් ගන්නම කිවුවා. තෙල් නිකන් දෙනවද කොල්ලෝ කියලා අහලා. පට්ට ෆන් අන්කල් කෙනෙක් වගේ. මම ඉතින් රුපියක් සියත් අරන් ආවා. ලීටර් එකක් 420යි. මෙහෙම 100 150 හම්බුනොත් පට්ට ලාබයි නේ. අඩෝ මම බැලුවේ ඉස්කෝලේ ඇරෙන ටයිම්/ වැඩ ඇරෙන ටයිම් ත්‍රි විල් එක පාරට බස්සන්න. මොකද ඒ වෙලාවට පාර්ක් එකේ ත්‍රිවිලුත් අඩුයි හයර් ගිහිං. අම්මලා ළමයි එක්ක පයින් එන්නේ. මට හයර් පර්මිට් නැති නිසා හයර් ගියොත් කේස් යයිද? පාර්ක් එක හරියට යන්නේ නැතුව මගින් කට්ටිය ගොඩ කර ගන්න බැලුවේ. මේකට විල් පාක් එකේ උන් මට කේස් දායිද? මෙහෙම හයර් යන්න පුලුවන්ද? තව ද්‍රවයිර් කෙනෙක් දාලා දාලා හයර් දිව්වොත් කොහොමද ගැන ගන්න ඕනේ? හයර් පර්ම්ට් ගන්නේ කොහොමද?