ත්‍රි රෝද රථයක යා හැකි උපරිම ගණන

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ත්‍රි රෝද රථයක යා හැකි උපරිම ගණන

    images


    ත්‍රි රෝද රථ කුලී සේවය ලංකාවේ ජනප්‍රිය වුවුඅද මෙතෙක් එහි ගමන් කල හැකි පුද්ගලයන් ගණන පිලිබඳ සීමාවක් පැනවි තිබුන නැහැ.
    නමුත් මේ වනවිට එයට සීමාවක් පැනවීමට පොලිසිය විසින් ක්‍රියාමාර්ග ගෙන ඇත.එයට හේතුව වන්නේ පසුගිය දින කිහිපය තුල සිදුවූ අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ත්‍රි රෝද රථවල ගමන් ගත පුද්ගලයන් වීමය.

    පසුගියදා ත්‍රි රෝද රථයක පාසල් ළමුන් 15 දෙනෙකු ප්‍රවාහනය කල රියදුරෙක් ද පොලිස් අත් අඩංගුවට පත්විය.එම හේතුවෙන් ත්‍රි රෝද රථයක පසුපස අසුනේ ආරක්ෂා සහිතව ගමන්කළ හැකි පිරිස තුන් දෙන්දෙක් පමණක් බව පොලිසිය විසින් නියම කොට ඇත.

    මෙහිදී එයට වැඩිපිරිසක් ගමන් කිරීමෙන් ත්‍රි රෝද රථයක් අනතුරට පත් වුවහොත් එහි රියදුරාට හා හිමිකරුට නඩු පැවරීම සිදුකරනු ලැබේ.දැනට ලංකාවේ ත්‍රි රෝද රථ හයලක්ෂ හැත්තෑදහසක් පමණ ධාවනය වේ.
    paparasi news