ත්‍රීවිල් මාෆියාව

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ත්‍රීවිල් මාෆියාව

    " හෙලෝ සර්.. හෙලෝ මැඩම්..
    ඩූ යූ නීඩ් ටුක් ටුක්.. චීප් චීප්.. " ස්ටේශමෙන් එලියට බහිනකොටම ත්‍රීවිල් රියදුරන්ගේ කෑගැහිල්ල.. ඒ විදේශිකයන්ව අල්ලගන්න.. " අඩෝ ඕක මම ටෝක් කලා.. දාහට අඩුවෙන් කියන්නම එපා.. " ඒ අස්සේ රථගාලේ සෙට් එකම සෙට් වෙලා සුද්දෙකුටයි සුද්දියෙකුටයි දැල දානවා..

    " ඕහ් ටූ මච් ටූ මච්.. " සුද්දා දිගටම එපා කියනවා.. හැබැයි අපේ ත්‍රීවිල් මහත්වරු සුද්දිට ටෝක් කරනවා පස්සෙන් යනගමන්.. " එයිට් හන්ඩ්‍රඩ් ඕකේ මැඩම්.. ලාස්ට් ප්‍රයිස්.. ඕකේ " ගාල්ල ස්ටේශම ලග එකම යුද්ධයක්.. කොහොමහරි සුද්දායි සුද්දියි එතනින් බේරිලා යනවා.. තමන්ගේ බඩවියත හම්බකරගන්න නෙහ් මේ යුද්ධේ කියලා මාත් බලාගෙන ඉන්නවා..

    " මුන් එක්ක බෑ මිස්.. අපිට වඩා හිගන්නෝ දැන් එන්නේ.. " මාත් පොඩි හිනාවකින් සන්ග්‍රහ කරලා එතනම ඉන්නවා.. " කොටුවට යන්න ඔයිට අඩුවට බෑනේ මිස්.. " ආයේ කතාවට වැටුණ ත්‍රීවිල් මහත්මයා කියනවා.. මෙතන ඉදන් කොටුවට යන්න දාහක් වැඩියි නෙහ් ඉතින්.. කිලෝමීටර දෙකක්වත් නෑනේ.. මම කිව්වා..

    " එහෙම බෑ මිස්.. අපිට මේ මාකට් එකේ මිල බස්සන්න බෑනේ.. එහෙම කලොත් අපිටමයි අමාරු.. දැන් පෙට්‍රල් ගණන් නෙහ්.. ත්‍රීවිල් පාට්ස් එහෙම අම්මෝ ගිණි ගනන්.. "

    විදේශිකයන්ට කියපු ගාස්තුව ඉතා අසාධාරණ බව මා දැනසිටියත් " ඒකනේ ඒකනේ " කියලා මම කතාව මගහැරලා හිටියා..

    මේ සිද්ධිය වෙලා දින කීපයක් ගතවුණා..

    අවුරුද්දට ගොඩක් කඩසාප්පු වහලා නිසා ටවුන් එකේ කීල්ස් එකට ගොඩවුණා අම්මලාට අවශ්‍ය බඩුමුට්ටු ටිකක් ගන්න.. කීල්ස් එකේ ඉන්න අතරේ මට ආයේ මේ කපල් එක මීට් වුණා.. කතාකරන්න ආස හිතුණත් මාව මතක හිටින්න හේතුවක් එයාලට නැති නිසා වැඩේ අතෑරියා.. ඒත් සුද්දගේ බෑග් එකේ අලවලා තිබ්බ කොල කෑල්ල දැක්කම මට හොදටම හිනා ගියා..

    සුද්දටත් වැඩේ තේරුණ නිසා ආයේ හැරිලා මට හිනා වුණා.. ඩිඩ් යූ රිමෙම්බර් මී.. මම කතාවට ඇදලා ගත්තේ මේ ගැන අහන්නම ඕන නිසා..

    එදා ස්ටේශමෙන් බැහලා මේ කපල් එක හොටෙල් එකට පයින්ම ගිහින් තියෙනවා.. කොහොමහරි මේ සිද්ධිය හොටෙල් එකේ මැනේජර්ට කිව්වම මැනේජර් මෙයාලට කියලා මෙහේ ත්‍රීවිල් වල මීටර් ටැක්සිවත් නැහැ.. එයාලා මේකේ කන්ට්‍රෝල් එක අතට අරන් තියෙන්නේ කියලා.. ඊටපස්සේ යනඑන ගමන් වලට මේ දෙන්නා uber ටැක්සි තමා පාවිච්චි කරලා තියෙන්නේ.. (uber tuk ගාල්ලේ තවමත් නැති නිසා )

    හැබැයි අනපේක්ෂිත විදියට ගාල්ලේ ටවුමෙදි මේ දෙන්නා uber එකක් ගන්නවා දැකලා ත්‍රී රෝද රියදුරන් ඒ uber රියදුරාට පහරදෙන්න හැදුවා කියලා තමා කිව්වේ.. කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ හෝටලේ මැනේජර්ට කියලා මේ කොල කෑල්ල ලියවගෙන බෑග් එකේ අලවගෙන යනවා එතකොට කරදර කරනවා අඩුයි කියලා කිව්වා..

    " හික්කඩුව මිරිස්ස උණවටුන ගාලු කොටුව ගොඩක් ලස්සනයි. මෙහේ ගොඩක් මිනිස්සු හරිම හොදයි.. හැමවෙලේම හිනාවෙලා කතාකරනවා..ඒත් ටුක් ටුක් වලින් තමා අපිට ප්‍රශ්න ආවේ.. " කියලා සුද්දි කියනකොට ආඩම්බර කමත් එක්ක මට තරහක් ආවේ ත්‍රීරෝද රථ ගැන..

    ගමේ ගොඩේ බඩවියත රැකගන්න කරන ත්‍රීරෝද රථ වලට වඩා නාගරික පෙදෙස්වල මෙම මාෆියාව ක්‍රියාත්මක වෙනවා.. ගාල්ලේ තවමත් මීටර් ටැක්සි ක්‍රියාත්මක වෙන්නේ නෑ.. කවුරු හරි මීටරේ හයි කලොත් එයාට තග දාලා නවත්තන්න තරම් චණ්ඩි ඉන්නවා.. pickme uber වලටත් මේ වගේම පසුගිය සති පුරා ගාල්ලේ ත්‍රීරෝද රථගාල් වලින් ප්‍රහාර එල්ල වෙලා තිබුණා..

    අසාධාරණව සල්ලි හොයන්න දගලන මේ රටට කැලලක් එකතු කරන ගාල්ලේ ත්‍රීරෝද රථ මාෆියාවට එරෙහිව වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ක්‍රියාත්මක වෙන්න ඕනම කාලයක් මේක. නැතිනම් සන්චාරක ක්ශේත්‍රයට වෙන පාඩුව ගාල්ලට විතරක් නෙමේ මුලු රටටම බලපාන දෙයක් වනු නොඅනුමානයි..

    li69kJr.jpg


    Source: Mayuri Apsara
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං උබ දන්නවද ලංකාවේ රජය විසින් ඉම්පෝර්ට් කරන වාහන වලට ගහන සියලුම බදු ලිස්ට් එක? ලිංක් එකක් හරි කමක් නෑ.