ත්‍රීවීල් එකක් pickme uber දාන එක කොහොමද?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Threewheel එකක් අරගෙන, driver කෙනෙක් දාලා pickme, uber දාන්න අදහසක් තියෙනවා.. ත්‍රීවීලර් එකට දවසකට ගාණක් කතා කරගෙන දෙන්න කියලා කිහිපදෙනෙක්ම කියුවා.. මේ දවස්වල රු.1500 යි ලු ත්‍රීවීලර් එකක් දවසට අයිතිකරුට දෙන්නේ..

    ඒත් pickme uber එක්ක, රියදුරෙකුට දෛනික වැටුපක් හෝ කොමිෂන් එකක් දීලා දාන එකෙන් ඊට වැඩිය දෛනික ආදායමක් උපයන්න බැරි ද?
     
    • Like
    Reactions: saja and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Math ohama business idea balanawa me dawasewala. Hodama de fixed ganak katha karagena Dena eka.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    898
    1,061
    93
    ලාභද පාඩුද කියන එක නම් තේරෙන්නෑ. මං පොඩි අදහසක් දෙන්නම්.
    ඩ්‍රයිවර්ට ත්‍රීවීල් එක දෙන කොටයි, ආපහු භාරගන්න කොටයි මීටරේ ලියාගන්න. (හැබැයි එහෙම කළත් පොරට හොර කරන්න පුලුවන් ඉතින්)
     
    • Like
    Reactions: Inigo Montoya

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    ලාභද පාඩුද කියන එක නම් තේරෙන්නෑ. මං පොඩි අදහසක් දෙන්නම්.
    ඩ්‍රයිවර්ට ත්‍රීවීල් එක දෙන කොටයි, ආපහු භාරගන්න කොටයි මීටරේ ලියාගන්න. (හැබැයි එහෙම කළත් පොරට හොර කරන්න පුලුවන් ඉතින්)
    Aniwa GPS 1k hi karanna ona.
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    898
    1,061
    93
    හොර කරන්න බැරි වෙන්න නම් වාහනේ වෙනම track කරන device එකක් වත් දාන්න වෙයි.

    Aniwa GPS 1k hi karanna ona.
    👆
    ------ Post added on Aug 11, 2026 at 11:58 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ලාභද පාඩුද කියන එක නම් තේරෙන්නෑ. මං පොඩි අදහසක් දෙන්නම්.
    ඩ්‍රයිවර්ට ත්‍රීවීල් එක දෙන කොටයි, ආපහු භාරගන්න කොටයි මීටරේ ලියාගන්න. (හැබැයි එහෙම කළත් පොරට හොර කරන්න පුලුවන් ඉතින්)
    ත්‍රීවිල් වල මීටරේ වැඩ කරන කේබල් එක ලේසියෙන්ම ගලවන්න පුලුවන් නේද
    විකුන්ද්දි අඩු මයිලේජ් කියලා පෙන්නන්න ඕන නිසා හයර් දුවන ත්‍රීවීල් හැම එකේම වගේ ඔය කේබල් එක ගලවලා තියෙන්නෙ

    GPS ට්‍රැකර් එකක් දාන එක තමයි හොඳම දේ

    අනික් එක බන් ත්‍රීවිල් එක දවසට 1500 පාඩුයි කියලා මට හිතෙන්නෙ. මොකද ඔය බයික් රෙන්ට් කරන එවුන් බයික් එකක් රෙන්ට් කරන්නෙ දවසට 2000ට වගේ නේද. ඒ වගේම කේස් එකක්නේ මේකත්.
    මට හිතෙන්නෙ අර සුද්දොන්ට ත්‍රීවිල් රෙන්ට් කරන වගේ එකෙක් අල්ලලා දුන්නා නං දවසට 4000-5000ක් වත් ගන්න පුලුවන් වෙයි කියලා

    අනික දවසෙ පඩියට එකෙක් අරන් හයර් යනවා කියන එක කෙරෙන්නෙ නැති වැඩක් වෙයි
    මොකද ඌට හයර් ගියත් නැතත් පඩිය ලැබෙනවා
    එතකොට ඕකුන් හිතන්නෙ උඹ උගෙ මහන්සියෙන් ලොකු ගානක හොයලා ඌට අඩුවෙන් ගෙවනවා කියලා. ඒ වගේම පුලුවන් අඩුවෙන් දුවලා නිකං ඉන්න බලයි
    ඒක නිසා එහෙම කරනවා නං ටාගට් එකක් දීලා වගේ කරන්න වෙයි. එතකොට ඌට මෝටිවේශන් එකක් තියනවා වැඩිපුර දුවන්න ඒ වගේම වැඩිපුර දුවන ඒවට වාසියක් තියනවා

    අලුත් ත්‍රීවිල් එකක් ලක්ශ 21ක් වෙනවානේ. දවසට 1500 ගානෙ දවස් 25ක් දිවුවොතින් මාසෙට 37500. සර්විස් සහ ටයර් රෙපෙයාර් ඔතිනින් අයින් වෙනවද

    ත්‍රීවිල් එකම දවසෙ ගානකට රෙන්ට් කරන්න පුලුවන් තැනකට දුන්නා නං හරි බන් හයර් කතා මොනවත් නැතුව.

    සල්ලි ගැනම හිතුවොතින්
    ලක්ශ 21 FD දැම්මොතින් 7% පොලියට
    මාසෙට 12250ක් එනවා
    ලක්ශ 21ම ඉතිරි වෙනවා

    ත්‍රීවිල් එක ගත්තොතින්
    මාසෙට අතට එන ගාන වැඩියි
    හැබැයි ත්‍රීවිල් එක ඔහොම දුවනවා කියන්නෙ වටිනකම අඩු වෙනවානේ
     
    Last edited:
    • Like
    Reactions: Be_Positive

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    Threewheel එකක් අරගෙන, driver කෙනෙක් දාලා pickme, uber දාන්න අදහසක් තියෙනවා.. ත්‍රීවීලර් එකට දවසකට ගාණක් කතා කරගෙන දෙන්න කියලා කිහිපදෙනෙක්ම කියුවා.. මේ දවස්වල රු.1500 යි ලු ත්‍රීවීලර් එකක් දවසට අයිතිකරුට දෙන්නේ..

    ඒත් pickme uber එක්ක, රියදුරෙකුට දෛනික වැටුපක් හෝ කොමිෂන් එකක් දීලා දාන එකෙන් ඊට වැඩිය දෛනික ආදායමක් උපයන්න බැරි ද?

    පරිස්සමෙන් නොදන්න උන්ව වැඩට ගන්නේ..

    https://elakiri.com/threads/හෝකන්දර-පවුලම-මැරුවා-වගේ-මිනීමැරුමක්-😳.2260714/
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    898
    1,061
    93
    සල්ලි ගැනම හිතුවොතින්
    ලක්ශ 21 FD දැම්මොතින් 7% පොලියට
    මාසෙට 12250ක් එනවා
    ලක්ශ 21ම ඉතිරි වෙනවා
    දැන් private බැංකු වල 10% තියෙනවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    දැන් private බැංකු වල 10% තියෙනවා
    එතකොට ලක්ශ 21ට මාසෙට පොලිය 17500ක් එනවා
    ලක්ශ 21 depriciate වෙනවා
    ත්‍රීවිල් එක ඊට වඩා ගොඩක් depriciate වෙනවා ඔය වගේ හයර් දිවුවම.
     
    • Like
    Reactions: Be_Positive

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    520
    93
    Threewheel එකක් අරගෙන, driver කෙනෙක් දාලා pickme, uber දාන්න අදහසක් තියෙනවා.. ත්‍රීවීලර් එකට දවසකට ගාණක් කතා කරගෙන දෙන්න කියලා කිහිපදෙනෙක්ම කියුවා.. මේ දවස්වල රු.1500 යි ලු ත්‍රීවීලර් එකක් දවසට අයිතිකරුට දෙන්නේ..

    ඒත් pickme uber එක්ක, රියදුරෙකුට දෛනික වැටුපක් හෝ කොමිෂන් එකක් දීලා දාන එකෙන් ඊට වැඩිය දෛනික ආදායමක් උපයන්න බැරි ද?
    දවසට 1500ක් ගන්න එක තමා ක්‍රමය, කොමිෂන් ක්‍රමයට හරි පඩියක් හරි දුන්නොත් ඩ්‍රයිවර් කැප වෙන්නෙ නැහැ.

    අනික අනිවාර්‍යයෙන් GPS එකයි ඇතුල ඇතුලයි එලියයි පේන කැම් එකයි සෙට් කරපන්.
    ත්‍රීවිල් එකේ එන්ජින් එක ඕෆ් කලාම කැමරාව ඕෆ් නොවෙන්න ඩිරෙක්ට් දීපන්.
    ගොඩක් ඩ්‍රයිවර්ලා හයර් අඩු උනාම ත්‍රීවිල් එකේ කෑලි මාරු කරලා තමා දවසේ සම්තින් එක හොයන්නෙ.